.

.

Sep 10, 2014

මම කැමතිම පොත් දහය - My favorite books


මෑතකදි.. අපේ දේශකයා, බුකියේ මටත් අභියෝග කරලා, එයා කැමති පොත් 10 ගැන ලියලා තිබුනා. මේක මහ පණ යන වැඩක්. පොත් කීයක් නම් කියලා කියවලා ඇද්ද. කරුමේ කියන්නේ කොච්චර කියෙව්වත්, මට ඕවයේ තියෙන කිසිම දෙයක් මතක නෑ. එහෙම මතක තිබුනා නම් මේ තත්වේ ඉන්නෙත් නෑ නේ. සමහර උන්ට නම් පොතක විස්තරයක් කියෙව්වාම තිබුන පිටුව හිටන් මතකයි. පොත් කියවන එක විනෝදයක්ම විතරක් නෙමෙයිනේ. කොයි තරම් දැණීමක් ලබා දෙන දෙයක්ද?

කඩල ගොට්ට හිටන් කියවන එක තමයි මගේ සිරිත. පොඩි කාළේ ඉඳන්ම අහු වෙන ඕන කෙහෙල්මලක් කියවනවා. ඒ වගේම ලියනවා. මෙළෝ රහක් නැති උනත් මැරෙණකන් ලියනවා. කාළයක් නැවතිලා තිබුන ලිවීම ආයෙත් පටන් ගත්තේ, බ්ලොග් කෙරුවාව නිසා. ඒ නිසා පුලු පුලුවන් වෙලාවට, ආයෙත් කියවනවා. දැන් නම් කියවන්නේ ඉතිහාසය ගැන ලියවුන පොත පත. ඒක මගේ රස්සාවටත් බොහොම වැදගත්. ඒ නැතත් පොඩි කාළේ ඉඳලා, ඉතිහාස පත පොත කියවන්න පුදුම ආසවක් තිබුනේ. ඒවයේ තියෙන කරුණු නම් සත පහකට පිළිගත්තේ නෑ. ප්‍රශ්න ගොඩක් තිබුනා. ඒත් ඒවයේ තියෙන සුරංගනා කතා වලට මම බොහොම ආසයි.

පොත් කියවීම ගැන පොතක් උනත් ලියන්න පුළුවන්. දැන් එමුකෝ දේශකයගේ අභියෝගයට. ඌ ඒක කරලා තිබුනේ බුකියේ. බුකියේ ඕක දාන්න මගේ කැමත්තක් නෑ. මොකෝ බුකිය නිසා බ්ලොග් වලට කෙලවෙන නිසා. බ්ලොග් ලියපු කී දෙනෙක් නම් ඕකට වහ වැටිලා ඉන්නවද? ඒ නිසා මමත් ඕක අස්සෙ ගියොත්, මට වෙන්නෙත් අනික් උන්ට උන දේමයි. අනික මට හිතෙනවා එතන තියෙන්නේ මොහතක සුවයක් කියලා.

මම කැමති පොත් දහයක් තෝරන එක හරිම අමාරු වැඩක්. ඒ නිසා පොඩි කාළේ ඉඳලා මගේ මතකයේ රැඳුන පොත් පත් දහයක් ලියලා නවත්තන්නම්. හැබයි ඒ මගේ ප්‍රියතම පත පොත නොවෙන්නත් පුළුවන්.

1. හෝඩී පොත - හින්ගල අකුරු ඉගෙන ගන්න, සුභ නැකතින් අකුරු කියවන මඟුලට ගෙනාපු පොත. ඒකේ තමයි තියෙන්නේ අ - අම්මා කියලා. මේක අමතක නම් ඉතින්, අම්මත් අමතක වෙන්න ඕන.

2. ඉන්ගිරිසි හෝඩී පොත - මේ පොත හින්ගල පොතට වඩා ලස්සනයි. පිටු බොහොම ඝනකමයි. පාට පාටින් තිබුනේ. ඒ ෆො ඇපල් එකයි. ඇන් ෆො නීඩල් එකයි, අදත් මට හොඳටම මතකයි, පින්තූරත් එක්කම.

3. හාල් පොත - 1970 - 1977 කාළේ, මේ රටේ මාර සශ්‍රීක යුගයක් තිබුනේ. මහින්ද මහතයගේ ආශ්චර්ය රෙද්ද වගේ නෙමෙයි. හාල් වලටත් පොතක් තිබුනා. මට මතක විදියට ඕක රෝස පාටයි. ඕක සමූපෙට ගෙනිච්චම, කතුරකින් පොඩි කෑල්ලක් කපා ගෙන, කුණුම කුණු හාල් වගයක් දෙනවා. තම්බන කොට පැත්ත පළාතම ගඳයි. රට කොච්චර දියුණුද කියනවා නම්, සමහර උන් ඕකත් උකස් තිබ්බා. ඒකට කිව්වේ සමාජවාදේ කියලා. මාරයි අප්පා.

4. බැංකු පොත - තොරණ හංදියේ තැපැල් කන්තෝරුවට එක්ක ගිහින් තාත්තා අරගෙන දුන්නේ. මේකේ එක එක වටිනාකමට මුද්දර වගේ ඒවා අලවනවා. පස්සේ කාළේක රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ බැංකුවේ පොතකුත් තිබුනා. පොත් දෙකම කොහෙද දන්නේ නෑ. මහ ළොකු ගානක් තියෙන්නත් නැතිව ඇති.

5. ගුත්තිලය - ආච්චි ගාව තිබුන දහම් පොත පත අස්සේ. ගුත්තිලය, අමාවතුර, සකස්කඩ, ධම්ම පදය, සංදේශ කාව්‍ය වගේ පොත පතත් තිබුනා. ඒ අතරින් මම ආසම පොත තමයි ගුත්තිලය. ඒකට හේතු වෙන්නේ ඇත්තේ. ඒ කාළෙත් ජනප්‍රිය "රූ රැසේ අඳිනා ලෙසේ ..." නිතරම ගුවන් විදුලියේ ගිය, සුසිල් ප්‍රේමරත්නයන්ගේ ගීය වෙන්න ඇති. ඕකේ කවි මට කට පාඩම්. පස්සෙ කාළෙක ඉස්කෝලේ උගන්වන කොට, ගුත්තිලේ කවී පීකර් එකේ දාලා වගේ ඇදලා ඇරියේ, මම තමයි.



6. මහා පිරුවානා පොත් වහන්සේ - මේ පොත අනික් පොත් වලට වඩා ළොකුයි. ඒකේ අකුරුත් ළොකුයි. අවසාන හරියේ ගම්වල නම් හිටන් තිබුනා මතකයි. ඒ කාළේ විදුලි කොටන කොට, අපේ ආච්චි, "ජලනන්දන පිරිත" කියන්න, පොත හොයනවා. එතකොට මම කියනවා, "ආච්චි පොත ඕන නෑ... මම කියන්නම්... මට කට පාඩම්..." කියලා, "චතුවිස්සථි බුද්ධෝථී යෝ බවිස්සති උත්තමං, පාරමි බල යුත්ථේහී ජළ නන්දන මුත්තමං.." කියලා කන පැලෙන්න දෙනවා. ඒ හින්දා ආච්චි අවුරුදු 104 යනකන් කිසි "හෙනයක්" නැතිව බොහෝම අපූරුවට ජීවත් උනා..

7. මඩොල්දූව - මේක ලිව්වේ හෙලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ නේ. හෙලයේ මහා පොත්කරු වන මාතලන්, දැන් උනත් මේ පොත දැක්ක ගමන් එක හුස්මට කියවනවා. මේකේ ෆිල්ම් එකකුත් ආවා නේ. ඒක නම් ගූ ගොඩක්. මොකා හැදුවද කියලා මට මතක නෑ. (තිස්ස අබේසෙකර වගේ පොඩි මතකෙකුත් තියෙනවා. අජිත් ජිනදාස, දමයන්ති පොන්සේකා හිටියා කියලා වගේ මතකෙකුත් තියෙනවා.) හැබයි, අර අපි මවාගෙන හිටපු ළොකේ කුඩු කරපු කාළකන්නි සෝ එකක් කියලා නම් ලියන්නම ඕන. අද උන් ඒක නොදකින්න පින් කරලා තියෙනවා. ඒ වගේම ආස පොතක් තමයි "අඹ යහළුවෝ". ඒක නම් පොතටත් වඩා ඉහලින් ටෙලි නාට්ටියක් විදියට ගියා.. පට්ට කියන්නේ ආයෙ කියන්න වදන් නෑ..



8. ඩීමන් ආනන්දගේ පොත් - ඩීමන් ආනන්දගේ මාරක කතා නොකියවපු එකෙක් ඒ කාලේ හොයා ගන්න නැතිව ඇති. අපේ තාත්තා පොත් කියවන කෙනෙක් නූනත්, එයා ගාව මේ පොත් සැට් එකක් තිබුනා. ඒ කාළේ නම් කිව්වේ, ඒ යකා රෑට හෝල්වලට රිංගලා, ඒවට එන ඉන්ගිරිසි සෝ බලලා, ඒවයේ කතාව ගෙඩි පිටින් ලියනවය කියලා.  එයා නම් කිව්වේ, සෝ එක හදපු නවකතාව එයා පරිවර්ථනය කලාය කියලා. ඒකත් ඉතින් හැම එකාටම කරන්න බෑ නේ. සෝ මතක් උනාම මතක් උනේ.. ඒ කාලේ තිබුන සින්දු පොත්.. ඕවත් අපේ ගෙදර පුරවලා තිබුනා. ශත 50 යිද කොහෙද පොතක්..

9. ලන්දේසි හටන - මේක නම් චිත්‍රකතා පොතක්. ඔය චිත්‍රකතා පත්තර එන්න කලින්, ඕනම පොත් කඩේක ඉස්සරහම එල්ලලා තිබුනේ, ඩ්‍රොවින් බුක් හැඩේට තිබුන චිත්‍රකතා පොත්. ලන්දේසි හටන මම නිවැරදි නම්, සුසිල් ප්‍රේමරත්නයන්ගේ වෙන්න ඕන. "සැම්සන් සහ ඩිලයිලා" කියලා එකකුත් තිබුනා කියලා හොඳට මතකයි. මේවයේ චිත්‍ර නම්, අති විශිෂ්ඨයි කියලා විශේෂයෙන්ම කියන්න ඕන. බන්දුල හරිශ්චද්‍රගේ පොතුත් තිබුනා වගේ මතකයි. මම ආසම බුදු හාමුදුරුවන්ගේ චිත්‍ර තමයි බන්දුල හරිශ්චන්ද්‍රගේ බුදු හාමුදුරුවරු.

10. දෝන කමලාවති - ගුලීගේ පොතක්. ගුලී කියන්නේ ගුණදාස ලියනගේ කියන එකට. ඒයාගේ දුවෙක් තමයි ඔය සිරසෙ නිව්ස් කියන පට්ට කෑල්ලක් ඉන්නේ, චේතනා ලියනගේ කියලා. ඉස්සර සාහිත්ත මාසෙට මේ වගේ කානිවල් නෑ. ඒත් පිටකොටුවේ ගුණසේන සාප්පුවේ සේල් එකක් හැම අවුරුද්දෙම තියෙනවා. ඔය අද කැෂියර්ලා ඉන්න හරියේ තමයි, පරණ පොත් ගොඩ බිම දාලා තියෙන්නේ. තාත්තලගේ කඩේ තිබුනේ ඒ කිට්ටුව නිසා. එතන සේල් දැම්මම අපිවත් එක්කගෙන යනවා. එහෙම ගියපු වෙලාවක මම උස්සගෙන ආපු පොතක් මේ. මම පොඩි එකා. මේ පොත කියවලා පැත්තකින් තියලා තිබ්බාම, එහා ගෙදර ජුබිරියා ඇවිත් ඇහුවා, "පොත කාගෙද...?" කියලා. මම කිව්වා "මගේ.." කියලා. "ජුබිරි" කියන්නේ තාත්තගේ කසින් බ්‍රදර්. ඌ ග්‍රැජුවට් කාරයා. ඌ කියපි තාත්තට, "මාර පොත් නේ අයියේ... ඔහේ පොඩි උන්ට ගෙනත් දෙන්නේ...." කියලා. එහෙම කියලා ඒ පොත ඒ යකා අරගෙන ගියා. ඒත් එතකොට මම පොත කියවලා ඉවරයි. පස්සෙ කාළෙක ජුබිරියා එහෙම උස්සගෙන ගිය පොත්, මම ආයෙම උස්සගෙන ආවා. ඒ කාළේ මට මුකුත් තේරුනේ නෑ. පස්සෙ කාළේ නේ ඒවයේ තියෙන සෙල්ලම් තේරුනේ. එහෙම ගෙනාපු තව පොතක් තමයි "තුන්වන සිල් පදය නොකඩමි.."

ඔය අතරේ.. ඒ කාලේ තිබුන රචනා තරඟ වලින් දිනපු, රුසියන් කතන්දර පොත් වගේකුත් තිබුනා. ඒවයේ නම් ගම් මතක නෑ. හැබයි අපූරු පොත් ටික.

ඒ වගේම 9 පන්තියේ ඉන්න කාළේ, පොඩි මාතලන් ළියපු පොතක් තිබුනා, "පොල් වත" කියලා. ඒකේ තිබුනේ ඔක්කෝම වල් කතන්දර. ඒ කියන්නේ ඔය මළ ගෙවල් වල පාළු කපන, "ඩර්ටී ජෝක්ස්". පන්තියේ කොල්ලෝ, ගමේ කෙල්ලෝ කොල්ලෝ, ආසාවෙන්ම කියවපු පොතක්. චිත්‍රත් ඇඳලා තිබුනා. දවසක් පොත අහු උනා, ඉන්ගිරිස් ටීචර්ට. ඒක ගියා ධර්මතිලක සර් ගාවට. කිසි අගය කිරීමකට ලක් උනේ නැති උනත්. අම්බානක කෑවා. මට ගුටි කෑවට දුක නෑ. මට දුක, සර් පොත ආයෙත් නොදුන්න එකට.

ඇති නේ..

තව ඕන නම් තව දෙන්නම්....

මොකෝ, මේක මැක්සිම් ගෝර්කිගේ අම්මගේ ඉඳලා, සන්නස්ගලගේ අම්මා වෙනකන් ඇදිලා යනවා. අනික ඉතින් ඔය ළොකු ළොකු පොත් කියෙව්වා කියලා බොරුවට දාලා, ළොක්කෙක් වෙන්න ඕනත් නෑ නේ..

ඕන් දෙශකයෝ, උඹේ අභියෝගෙට මගේ උත්තර...

හෙළයේ මහා පොත්කරු, මාතලන් වන මා විසින්, සාහිත්ත මාසය වෙනුවෙන්, සුවහසක් පොත් කාරයන්ගේ පහන් සංවේගය උදෙසා, චිත්තප්පිරිතියෙන් යුතුව, ළියා ප්‍රසිද්ධියට පත් කොරණ ලදි . . . . . .

ප:ලි:
අමතක උන පොත් සෙට් එකක් තමයි "ටින් ටින්" පොත් ටික. සෑහෙන කාළයක් යනකන් පින්තූර විතරයි බැලුවේ. කියවන්න පටන් ගත්තේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියයින් පස්සේ..

218 comments:

  1. ඇයි මාතෙ ඉස්කෝලෙ වාරාවසානෙට දෙන රිපෝට් පොත
    හම්මේ ඩීමන් ආනන්දගෙ මාරක කතා පරාදයි... ත්‍රාසය බීතිය කුතුහලය ඊළගට මක්ක වෙයිද කියන අර හෙන බලවත් මෙව්ව එක එහෙම අඩුවක් නැතිව තිබ්බ එකම පොත...
    හම්මේ මතක් වෙද්දිත් කිළිපොළා යනව....

    තව .ියේ මතක් විච්ච වෙලාවක කොටන්නංකො

    ReplyDelete
    Replies
    1. ඒක පොත නෙමේ රත්නේ කාර්ඩ් එක,, :D

      Delete
    2. අහ්...
      මේ දවස්වල නැගලම යන මාරක කතා පොතක් තමා මහින්ද චින්තනය..
      ඒක කියවන කියවන එකා පොත කියවලා ඉවර වෙන්න කලිං දහ පාරක් වත් තුං මුනිං දාඩිය දාල වැටෙනව...
      වෙන මක්කටවත් නෙවේ අනේ....
      ආස්චරියෙ ඌශ්නෙ වැදිල...
      හැක්

      Delete
    3. ඔමක්කෙ අපිට තිබ්බෙ පොතක් අනේ පිටු දහයක් හරි විස්සක් හරි තිබ්බ ජීවිත කාලෙටම එකයි... හෙක් හෙක්

      Delete
    4. අපිටත් පොතක් තමයි ඒත් අපි කිවුවේ කාර්ඩ් එක කියලා,, මල්ලි

      Delete
    5. ඔය පොත මට අවුලක් උනේම නෑ.. මොකෝ හැමදාම මම පන්තියේ පළවෙනියා. හතේ පන්තියේ ඉඳලා තමයි අජ්ජාපනේට හතේ හත වැදුනේ. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ තිබුන පොතට කියන්නේ ඇස් ආර් බී එක කියලා. ඕකේ නැති මළදානයක් නෑ. රිපෝට් එක තියෙන්නෙත් ඒකේ. හතේ පන්තියේදි මම 32 වෙනියා උන වෙලාවේ නම් පොත නැති උනා කියලා පොතක් දාලා වෙන පොතක් ඉල්ල ගත්තා. අරක ගෙදරට පෙන්නුවන් හෙම නෝන්ඩි නේ. ගහන්නේ නම් නෑ. ඒ උනාට එයාලගෙ හිත් රිදෙනවනේ.

      Delete
    6. රිපෝර්ට් පොත මගේත් ප්‍රියතම් පොතක්.

      මොකද ඒ පොතේ විතරයි කතන්දර කුමාර වීරයා වුනේ!

      Delete
    7. @කතන්දර කාරයා....
      ඔයා අපේ ගොඩක් අයට සිංහල බොගේ තාමත් වීරයෙක්.....

      Delete
    8. මමත් පන්තියේ 45 වෙනිය වෙලා හොර අත්සන් හෙම ගහල ඔය රිපෝට් පොත ඉස්කෝලෙ ගිනිච්චා...

      Delete
    9. මගෙත් , එ පොතෙන් තමයි හැමෝම කියන විදියට මෙලෝ දෙයක් කරන්න බැරි මම වීරයෙක් උනෙ .

      Delete
    10. ඔය ඇස්. ආර්. බී ය නම් මහා හෙනයක්. ලකුණු යි පැවැත්මයි දෙකම ඕකේ ලියන එක තමයි අවුල. අපේ අම්ම බලන්නේ ලකුණු තියන කොළ ටික විතරයි, 10 වසරේ ඇස්. ආර්. බී යේ අන්තිම පිටුවල "හැසිරීම අහයපත් " කැලි ටික දැක්කනම් ගෙදර ඉන්න වෙන්නෙත් නෑ .

      පොත් ගැන කියද්දී මම නම් පට්ට ආස රුසියන් නව/කෙටි කතා වලට. උන් පොත් ලියන කොට වටේ තියන පරිසරය මවල පෙන්නනවා. අඳ වාදකයා, අපේ කාලයේ වීරයෙක් වගේ ඒවා තමයි ආසම. වැඩ බැරි දාස පොඩි කාලේ ෆෙවරිට්. 9 වසරේදී කාලේ "කපුරු මලක්" කියල පොතක් පට්ට ගැහුවා කවුද එකෙක් ගෙනත්, එක හෙන සෙක්ස් ඇඩික්ටඩ් ගනු කෙනෙක් ගැන, සමහර උන් පොත ආපහු ගේන කොට පිටු ඇලවිලා.

      ස්තූථියි අපහු සුන්දර මතකයන්ට ගෙනිච්චට

      -ප.ගෝ.

      Delete
  2. නියම වැඩක් මාතලං. මාත් මගේ පොත් සෙට් එක බුකියෙ දැම්මෙ අපරාදෙ. ආයි බ්ලොග් එකේ දානාව් කියල හිතුන මේක දැක්කම. උඹ දැන් තව සෙට් එහෙකට අභියෝගෙ පාස් කරහන්. සාතිත්‍ය මාසෙ බ්ලොග් වල හොඳ කතා බහක් යන්න ඇහැකි.

    ReplyDelete
    Replies
    1. මගේ අභියෝගේ ඔක්කෝටම මචෝ...

      Delete
    2. දැම්මද ඉන්දික?

      Delete
    3. ආ සාහිත්‍යය මාසේ ඔය මතක් වෙලා තියෙන්නේ!

      මං 2013 සාහිත්‍යය මාසෙට පොත් ගැන කතන්දර දහ අටක් දැම්මා මතකද?

      Delete
    4. මේ සැරෙත් එකක් හරි දාන්නකෝ ලොක්කා...

      Delete
    5. කකා,
      ගිය සැප්තැම්බරයෙ නං කතන්දර එපාවෙලා හිටියෙ.(සැප්තැම්පර් විතරක් නෙවේ ඔහේ ඔක්තෝබර් වලත් කයිකතා දාල අපි මහන්සි කලා නෙව). නමුත් දැන් නං හිතෙනව කයි කතා හරි කියමින් කකා හිටියනං කොච්චර හොඳද කියල.

      Delete
  3. මං නං ....ඉතිං .... කාම සුත්‍රේ ...ඉතරයි .......
    කෑම සූත්තරේ අයිති කෙනත් මේ දවස් වල..... මෙහෙ.... 2 nd Home ගෙදර.....

    ReplyDelete
    Replies
    1. කාම සූත්‍ර පොත ගන්න පුදුම ලැජ්ජාවකින් උන්නේ. පස්සෙ ගත්තෙත් ගෑණු ළමයෙකුට කියලා..

      Delete
    2. කෙන්ජි කියවලා නැද්ද චැටර්ලි ආර්යාවගේ පෙම්වතා. එකත් මරු

      Delete
  4. අයියෝ මන් අමාරුවෙන් ටයිප් කරපු කමෙන්ට් එක මොකක්ද උනේ,, :(

    ඔයා මේ විදියට පෝස්ට් එකක් ලියපු එක හොදයි fb පෝස්ට් එකක් නොදා,, පොත් කියවන ආසාව පුංචි කාලේ ඉදන් අද වෙනකල් මන් ලගත් තියෙනවා, හැමදාමත් තියෙයි,, මාළු ගේන පත්තර කොළ,, සීනි ඔතපුවා හිටං කියෝන පිස්සුව නැවතුනේ සීනි ග්‍රොසරි බෑග් වල දෙන්න ගත්තට පස්සේ,,, එක පාර පොත් දෙකක් කියෝන එක තමයි මන් ගොඩක් වෙලාවට කරන්නේ,, ම් දවස් වල මං කියවන්නේ මුණු පොත :D

    ReplyDelete
    Replies
    1. අලුත් ආච්චි ට දැන් දාන පොතයි....... අර පරණ සීයට දාපු පොතයි ගැන අපිට කියන්නකො .... අනී ......
      ආ.... මට බඩ්ඩක් අහන්න ඕන සුදූ .....අහන්නද...... හෙක්....හෙක්....
      මට ඔහේ ඉන්න අක්කියෙක් කීව ...රෑ දවසක් 11:30 ඉතර එයාගෙ 70 ගානක් වයස සීයට පැම්පස් එක මාරු කරන්න යද්දී එයාව ඇදල ගත්තලු.....
      මට පුඩුම ඉතුන අප්පා........ CCTV තීනව නේද.....
      අර ප්‍රන්සෙ වගේම නාකියො වගෙ ..... ඔහෙත් එහෙමද සත්තළං......
      විස්තර ලිපියක් ලියන්න....හෙක්...හෙක්....

      Delete
    2. මූණු පොතේ නම් එක එකාට පොත දානවා මමත් දැක්කා..

      Delete
    3. බඩු ඔතලා තිබුණු පත්තර කෑල්ලක් කියවලා තමයි චින්තා ලක්ෂ්මී කියන වංග භාෂා පරිවර්තිකාව බිහිවෙලා තියෙන්නේ.

      Delete
    4. මේකිටත් එහෙම ටැලන්ට් එකක් තියෙන කෙල්ලෙක්.. අපරාදේ ලියන්නේ නැත්තේ...

      Delete
    5. සීයා කියන්නේ පොතක් නෙමේ kenji පුස්ථකාලයක්. ජීවිතේට මාර දේවල් ඉගෙන ගත්තේ. ආච්චිට පොත් දාන්න බැහැ,එයා හුස්ම ගන්නවා විතරයි.

      ඔයාට අක්කි එහෙම කීවේ ඇයි කියලා ඔය චුටි මොලේට තේරෙන්නේ නැද්ද මල්ලි පැටියෝ. හැම ගෙදරම කැමරා නැහනේ, ඒක පුදුම වෙන්න දෙයක් නෙමේ, මෙහෙ 75 කියන්නේ හරිම තරුණ වයස,, 90 පැන්නම තමයි වයසයි කියන්නේ. ඒ වගේම යුදෙව් මිනිස්සු මැරෙන්න වලට යනකල්ම ආශාවල් සංතර්පණය කරගන්නවා.

      කකා@ස්තුති කාකා මන් එයා ගැන කියෝලම තමයි කමෙන්ට් එක දාන්නේ, මගේ හීන අතරත් තියෙනවා චන්දන මෙන්ඩිස්ගේ පොත් කියවද්දී ආපු ආශාවක්,, පොතක් පරිවර්තනය කරන්න,,, ඒ හීනෙට දැන් අවුරුදු 13ක් තව අවුරුදු කීපෙකින් හැබෑවෙයි... ඒ වගේම මාළු ඔතලා තිබ්බ සමහර වැඩිහිටි අයට විතරක් හොද පත්තර පිටුත් සෑහෙන්න කියෙවුවා මාර කුතුහලෙකින්,,,,, :D


      @මාතලන් බොස් ,,, මේ ටිකේ ඔළුවේ හෙනටම පස්න අනේ,, ඉක්මනටම ෆීනික්ස් කුළුල්ලෙක් වගේ අළු ගසාදාලා එන්නම්,,, මැරෙනකල් ලියන්න ඔයා වගේ ස්තුති

      Delete
  5. කාලෙකින් මාතලන්ගේ පැත්තේ එන්න හිතුනා පොත් කිව්වොත් ආයිත් මොනව ද ?
    හැබැයි රජෝ මගෙන් නම් ඔය ප්‍රශ්නෙට උත්තර නැහැ. හේතුව තාත්තෙක්ගෙන් කොයි දරුවද වඩා හොද කියලා අහනවා වගේ. මට නම් මම කියවපු කොයි පොතත් හොදට ම මතකයි, ඒ වගේම හැම එකකටම එකවගේ කැමතියි.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයගේ පොත් රාක්ක ටික දැක්කම කටට කෙල උනනවා. මම හිතන්නේ වෙද මහත්තයට හම්බ වෙලා නැතුව ඇති පොතක් ඉල්ලගෙන ගිහින් තව පොතකුත් එක්ක රිටර්න් කරන යාළුවෝ.. හෙක් හෙක්...

      Delete
    2. ඇත්තටම, එකෙක් ඉන්නවා මගේ බොක්ක.
      පිට කසන තුනෑදුත්තේ එකෙක්.
      ස්ත්‍රී රත්නන් පුස්තක රත්නන් පරහස්ත ගතං ගතං ගතං කිව්වලු ඒ නිසා මම පොත් කාටවත් දෙන්නෙ නැහැ. ඉල්ලන්නෙත් නැහැ. ඉල්ලගත්තොත් ආයිත් දෙන්නෙත් නැහැ.

      Delete
    3. ඒක තමා ළොකු ඇස් දෙක තවත් ළොකු උනේ.. රිටර්න් කරන කොට..

      Delete
    4. හප්පේ මහ වෙදන දැක්ක කල්!

      Delete
  6. හෑ.... මොකක් .... මාතලන්ට ජලනන්දන පිරිත කටපාඩම් ?????...

    ReplyDelete
    Replies
    1. ඔය බොරු බං ..... මමත් ෆ්ලයිට් වල යද්දී ඕන තරම් කියවනව ...ඉතිපිසෝ...ගාථාවයි....කරණීය මෙත්තෙයි.......
      කර තිබෙන පවු වලට ...කඩා නොවැටියන් ෆ්ලයිට් එක කියල....

      Delete
    2. ඇයි මොකෝ.. අපි හොඳ බුඩිස්ට් කොල්ලෝ හරිය.. නානසාර වගේ තමයි.. වා නා වා... පෝ නම් පෝ... කම් ඕ ගෝ.... චිකාගෝ..

      Delete
  7. ඇයි අප්ප ටීවී ලයිසන් පොත. ඒකෙත් අර වගේ පාට පාට මුද්දර ඇලෙවුව ඒ කාලෙ.
    මඩොල් දූව චිත්‍රපටියට වඩා මටනං අජූත උනේ ජාතික රූපවාහිනියෙ ගිය ඒකෙ ටෙලිය. මොකා හැදුවද මන්ද. චිත්‍රපටියනං මේ ළඟකදිත් රූපවාහිනී නාලිකාවක ගියා වගේ මතකයි.

    මගේනං හිතට වැදුන පොත තමයි කුලසේන ෆොන්සේකගෙ තුන් යහළු වික්‍රමයි.

    ReplyDelete
    Replies
    1. * වික්‍රමය

      මෙතන ඉන්න කට්ටිය ඔය ඉලෙක්ට්‍රික් ගැජමැටික් වල මැනුවල් පොත් කියවල නැද්ද? අන්න කියවනවනං පොත්. ඔය වෙනී අයියගෙන් ඇහුවනං කියයි ඒවයෙ තියෙන අද්භූත බව.

      Delete
    2. ඔය සමහර පොත් වලින් ටෙලි හරි ,චිත්‍රපටි හරි නිර්මාණය කලාම අර කෘතියේ තියෙන සම්පූර්ණ ගතියම නැති බංගස්තාන වෙලා යනවා ,

      Delete
    3. තුන් යළු වික්‍රමය මමත් ආස පොතක්..

      මම එක දවසක් අපේ බොස් කෙනෙකුට දුන්නා පොතක් කියවලා දෙන්න කියලා.. මැණික් ගැන ලියවුනු පොතක්.. කවරේ නෑ.. මරු පොත කියලා.. මූ අපේ අම්මගේ පලු ඇරියා ඔක්කෝම ඉස්සරහා..

      Delete
    4. මඩොල්දූව මූවි එක අධ්‍යක්ෂණය ලෙස්ටර්.

      මට නම් අවුලක් තිබුණේ නෑ.

      අවුල ආවේ 2009 දි ඇත්ත මඩොල්දූව දැක්ක වෙලාවෙයි.

      Delete
  8. සාහිත්‍ය මාසෙ මමත් පොත්ගැන පොතක් දාන්න එක එක එව්ව කියවමින් ඉද්දි මාතලන්ගේ පොත දැක්කෙ.
    හාල් පොත රෝස පාටින් වගේම මාසෙන් මාසෙට කහ නිල් ආදී විවිධ වර්ණ වලින් මුද්‍රණය කළා.මුලදීම පොඩි කෑල්ල කපාගෙන හාල් සේරු දෙකක් දෙනවා පස්සෙ පස්සෙ හාල් ටික ටික කප්පාදු වෙලා පොතත් කප්පාදු වෙලා ගියා.
    මඩොල් දුව කලේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිරිමතානන්ය.
    ලන්දේසි කොල්ලය නොවැ ලන්දේසි හටන බව මගේ මතකයයි.
    ඩීමන් ආනන්ද ලියු මාරක කතා පොතක මිළ සත හැත්තෑ පහකි.අපිත් පොත් කියවන්න පුරුදු වුණේ ඩීමන් ආනන්ද ලියපු මාරක කතා පොත් කියවලය.හිටපංකො සාහිත්‍ය මාසය වෙනුවෙන් මමත් ඒ ගැන ලියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ලන්දේසී හටන තමයි... වැරද්ද හැදුවා මචෝ..

      ලියහන් සාහිත්තේ වැක්කෙරෙන එකක්.. උඹලා හොඳ පොත් කාරයෝනේ කවදත්...

      Delete
    2. හාල් පොතට අමතරව සුදුපාට තුනට නවපු කාඩ් එකක් තිබුණා නේද?

      Delete
    3. කකා,
      සුදු පාටට තිබ්බේ තුනපහ පරිප්පු කාඩ් එක.රෙදි දෙන්නෙත් ඒ කාඩ් එකටමයි.

      Delete
    4. යකෝ එ‍තකොට තුනපහ පරිප්පු වෙනුවට රෙදි දැම්මොත් හරියනවද? නැත්තං රෙදි නැතුව තුනපහ පරිප්පු ඇඟේ ගාගෙන ඉන්නවද? :D

      Delete
    5. ඒ කාලෙ එහෙම තමයි බං.රෙදි සමුපෙට එනකල් බලං ඉන්න ඕනෑ.අපි සීනිබෝල එක්ක තේ බීල ඇති ඕනැතරම්. සීනි නැති නිසා.

      Delete
    6. රෙදි දුන්නෙත් කාර්ඩ් වලටද ? හම්මේ

      Delete
    7. ඒකට කිව්වේ බී කාර්ඩ් එක කියලා. රෙදි විතරක් නෙමෙයි, සැමන් ටින්, පරිප්පු අරවා මෙවා වගේම අන්තිම වෙනකොට පාන් දුන්නේත් ඒකටම තමයි. සමහරු ඔය බී කර්ඩ් එකයි හාල් පොතයි උගස් පවා තිබ්බා...ජේ ආර් පප්පා ඇවිත් තමයි අප්පා බඩගින්න නිව්වේ...

      Delete
    8. ඒ රෙදි මාර සුවඳයි.. පැරිස් කොලෝන් වගේ දාලා තිබුනේ බූමීතෙල්. ගැරඬි නම් පැත්ත පලාතේ එන්නේ නෑ.. ඒ කාළේ සර්ප දෂ්ඨ කිරීම් වලින් මිය ගිය පිරිස සෑහෙන අඩු උනා..

      කෙල්ලෝ ඇන්දේ මිනි ගවුම් - රෙදි මදි නිසා
      කොල්ලෝ ඇන්දේ ඝංඨාර මාක් සරම් - සරම කොට නිසා ඝාංඨාරේ එලියේ.

      Delete
    9. //සීනිබෝල එක්ක තේ බීල ඇති ඕනැතරම්. සීනි නැති නිසා.//
      ඒක ඇහුවට පස්සෙ මටත් සීනිබෝල එක්ක තේ බොන්න හිතුනා. ඇයි අෆ්ෆේ සීනි එක්ක බොනවට වඩා රහ ඇතිනෙ.

      Delete
    10. මට ආසාවක් ආව සීනිබෝල කාල වැඩි ෂීනි ප්ලේන්ටියක් ගහන්ඩ :D

      Delete
    11. මටත් පත්තරේ, චොකලට් පෙත්තක් එක්ක..

      Delete
    12. \\\කෙල්ලෝ ඇන්දේ මිනි ගවුම් - රෙදි මදි නිසා
      කොල්ලෝ ඇන්දේ ඝංඨාර මාක් සරම් - සරම කොට නිසා ඝාංඨාරේ එලියේ.\\\
      නියම වැඩේ කියන්නේ මේ දෙගොල්ලොම මිනි ගවුමයි සරමයි මැහුවේ සම්පකාරෙන් දෙන භූමිතෙල් ෂැම්පු දාපු චීන මල් චීත්ත රෙද්දෙන්....මට තාම මතකයි මගේ සරමේ රෙද්දෙන්ම නංගි ගවුම් අඳිනවා...

      Delete
  9. අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
    බොඳ වී නෑ සිතුවම්
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම් //

    මේ ඊරී බිම සීරී
    කුණ්ඩුමණී හිස පීරී
    දීසිය පුරවා දෝසී දමා
    කුමුදුමතී හිනැහේවී

    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...

    අපි දුවමු අපි පනිමු
    ගී කියමු අපි නටමු
    ඇත් පොරයට අපි ඇහැ යවමූ
    බාළ වියට පා නගමු

    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...


    ගායනය - එඩ්වඩ් ජයකොඩි

    ReplyDelete
    Replies
    1. දවසක්දා... හැන්දෑවක.
      පොතක් බලන්නට සිතුනා...
      හිතුවෙත් නෑ.... ඒ ජාමෙට.
      ඔබව මතක් වෙයි කියලා...

      - රූකා

      Delete
    2. සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
      සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
      ඔබ සිහිවෙනවා
      සිහින මැවෙනවා
      සිහින මැවෙනවා
      ඔබ සිහිවෙනවා.

      -එම් එස් -

      Delete
    3. නගේ මැලේ මොනවද මේ
      විච්චුරණ නාඩගම්
      පොත පත අහකට විසිකර
      කරනා දගකාරකම්,,,

      නෙලූ අධිකාරි ---

      Delete
    4. පොත් හතක් අටක් දැනටත් ලියා දාල
      තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

      ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
      නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

      පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
      ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

      පොත් හතක් අටක් දැනටත් ලියා දාල
      තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

      අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
      ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

      කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
      මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

      පොත් හතක් අටක් දැනටත් ලියා දාල
      තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....

      මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)
      ගායනය - සුමින්ද සිරිසේන

      Delete
    5. අප පොත් වල දුටු - රජවරු සිටුවරු
      වෙන්නයි කවුරුත් සිත් මැව්වේ

      -Shalitha Abeywickrama


      -ප.ගෝ.

      Delete
    6. අපේ පොතේ ලියා ඇති කියුම් තමයි මෙසේ කියන්නේ
      හිතේ ඇති මැකී නැති මෙවන් වදන් බොහෝ වටින්නේ 
      අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනව හැමදාමත්
      මේ කියන්නෙ ඇත්‍තයි මල්ලී …………

      - රුකා -

      Delete
  10. මමනං අදත් ආසාවෙන් පරිහරණය කොරාන්නේ පොත් දෙකයි.
    1. ඉලපොත- රෑට පරක්කු වෙලා ගෙදර ගිහාම ඉස්සර අම්මාත් දැන් නෝනාත් අතට ගන්න එක
    2. කොලපොත- ඉලපොතෙන් බේරෙන්න මම පිටේ බැඳගන්න පොත.

    සිරාවට කීවොත් - ෂර්ලොක් හෝම්ස් ඇතුලු චන්දන මෙන්ඩිස්ගේ (ස්වතන්ත්‍ර නොවන) පොත් පෙළ, ඩීමන් ආනන්ද පොත් පෙළ, මනුතාපය, උභය ජීව හා කුංචනාද, ඩබ්.ඒ. සිල්වා පොත්පෙළ, ආතල් එකට පියදාස සිරිසේන පොත්පෙළ

    ReplyDelete
    Replies
    1. මරු පොත් දෙක මචෝ...

      මට මතකයි සම හරක් කොල්ලෝ වේවල් පාරෙන් බේරෙන්න පුකට පොතක් දාගෙන යනවා..

      Delete
    2. මටනම් ආසාම ලිකර් පොතට...ඕමාන් වල තම තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගන්න පොලෝසියෙන් දෙන ලයිසොමට...ඩිගිරියකටත් වඩා වටිනවා ඕයි ඒක..අහලා බලන්නකෝ හැලපෙගෙන්...

      Delete
  11. මාතලන් පුතාගෙ සීයගෙ බක් ෆියට් එකට පොතක් තිබුනෙ නැද්ද එතකොට

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ.. පොත නැතුව විකුණගන්නත් අමාරු උනා.. පස්සේ ආර් ඇම් වී එකෙන් හොර පොතක් හදා ගත්තා..

      Delete
  12. අන්න බොරුව උඹට අමතකද ඇයි බං උඹ
    අර මෙට්ටේ අස්සේ හංගල තියාගෙන බලපු වල් කතා පොත් සෙට් එක ලියතඹරා ,,,සොඳුර...

    ReplyDelete
    Replies
    1. ඒ මචෝ.. මීට වඩා ළොකු උන කාළේ නේ.. දවසක් හෙළු පොත් හතරක් විතර අම්මටයි නංගිටයි අහු උනා.. ඊට පස්සේ ඒ බයත් ගිය නිසා.. මගේ කාමරේ බිත්ති පුරවලා හෙළු කුමාරියෝ හෝ ගාලා හිටියා.

      Delete
    2. මගෙත් තිබ්බ බිකිණි සෙට් එකක් බිත්ති පුරා......මචෝ....

      Delete
    3. දැන් නිකං කොයිල් වගේ , කවුද බොල ඇත්ත කෙන්ජි

      Delete
  13. ඔය පොත් අභියෝගෙට එකෙක් දාල තිබුන මරු ලිස්ට් එකක්.(මතක විදියට අරුණ හෙට්ටිආරච්චි නොහොත්.......උගේ නම මතක නෑ බං)
    ඩබල් රූල් පොත, කොටු රූල් පොත, පිටු 40 පොත 80 පොත.....ඔය විදියට :-))

    ReplyDelete
    Replies
    1. මම දැක්කා ඒක.. සහතික ඇත්ත නේ..

      ඩබල් රූල් පොත් වලට අපි කොච්චර ආසද..

      Delete
  14. වෙන එකෙක්ට ඔය අභියෝගේ කලානම් බලන්න තිබුනා දෙන පඬි පොත් ලිස්ට් එක.
    මගේ නම් හිතගිය හොඳම පොත අර ඉවාන් පවුලුෂා ඉන්න "වානේ පන්නරය ලබපු හැටි"

    ReplyDelete
    Replies
    1. මං ඕක නොකියා හිටියේ ,මම ඕක කියනවා අහිලම කට්ටියට එපාවෙලා නිසා , මම ඔය පොතට පිස්සු හැදිලා හිටියේ, ඒ වගේ වෙන්න කරපු දේවල් හයියෝ ... ඉතිං පේනවනේ මගේ බ්ලොගේ නමෙන්ම ,කොච්චර ආසක්ත වෙලා හිටියද කියලා පොතට

      Delete
    2. එකේ අලුත් වර්ෂන් එක "පානේ වානරයා" මේ උඩ ඉන්නේ නළුවා :D

      Delete
    3. මගෙත් ප්‍රියතම පොතක්..

      Delete
    4. හැබෑට ඉවාන්.. ඉවාන් පවුලුෂා නම ජනප්‍රිය උනේ දෝසතයෙව්ස්කිගේ ඉඩියට් පොත නිසා නේද?? ඔය ඉවාන් පව්ලූෂා ගීතය අර කොළඹ කැම්පස් එකේ මාෂල් කාරයා ලිව්වෙත් ඉඩියට් පොත අනුව නේද?? මට නිකං කොයිල් වගේ.. මොකද වානේ පන්නරය ලැබූ හැටි පොතේ මට මතක පොතේ නම විතරයි බං.. ඔන්න මහලොකු සාහිත්ත කාරයෝගේ කෙරුවාව..

      Delete
    5. "පානේ වානරයා" :D

      Delete
    6. ඇයි මචෝ ඩෙස්මන් මොරිස්ගේ "නිරුවත් වානරයා" පොත ....
      ඉවාන් පවුලුෂා නම කෙසේ වෙතත් සින්දුව හදුනා හැටිනම් මෙන්න තියනවා බන්දුල නානායක්කාරවසම්ගේම හඩින් ....(වෙලාව 10.55 ඉඳල බලන්න )

      https://www.youtube.com/watch?v=E_PpDCwRtw0

      Delete
    7. අම මේ දැන් කියලා කට ගත්තා විතරයි.. උඹ සින්දු දෙයියෙක් කියලා..

      දෙයියෙක් නෙමෙයි.. උඹ සින්දු විෂ්වකෝශයක් බං..

      Delete
    8. ඉවාන් මං අහන්නමයි හිටියෙ, ඔය ඉවාන් පවුලූශා (සින්දුවෙ හා ඔබේ නම ) හැදුනෙ කොහොමද? මන් දන්න විදිහට ඉවාන්(Ivan) රුසියන් හා නැගෙනහිර යුරෝප
      ( බටහිර "අයිවන්" ) නමක් (a first name) , පව්ලූශා කියන්නෙ පාවෙල් (Pavel)ට ආදරේට හිතවත් කමට කියන විදිහක් . දෙකම රුසියන් first names !

      Delete
    9. දේශා - The Idiot පොතේ ඉවාන් පවුලූෂා කියලා චරිතයක් නෑ නේද? මට මතක විදිහටනම් එහෙමයි , ඉවාන් කියල චරිතයක් ලස්සන වසීලිස්සා පොතෙනම් ඉන්නවා . එත් මේ ඉවාන් පවුලූෂා චරිතය එන්නේ ,වානේ පන්නරය ලැබූ හැටි පොතේ තමා . එකේ කතානයකයේගේ නම තමයි "පාවෙල් කොර්චාගින් " පාවෙල් තමයි පවුලූෂා කියල හඳුන්වන්නේ , ඔය සින්දුවට පාදක වෙන්නේත් වනේ පන්නරය ලැබූ හැටි කතාව තමයි . සෙනේෂ් බණ්ඩාර දිසානායක කරන්නේ යාත්‍රා වැඩසටහනට , හැබැයි ඉවාන් පවුලූෂා නම ජනප්‍රිය වෙන්නේ ඔය සින්දුවත් එක්ක .

      ස්තුතිය් සිංදු (ගබඩා) ඇනෝ

      Delete
    10. ප්‍රාගේ කමෙන්ට් එක දැන් දැක්කේ ... මම හිතන්නේ උත්තරය සෑහෙයි ,

      @ ඔමා - කවුද බොල බතලි වානරයා දුප් යන්න රකන්ටෝ

      Delete
    11. ඩෙස්මන් මොරිස්ගේ "නිරුවත් වානරයා" පොත එකත් නියම පොතක්.

      Delete
    12. අහා... පාව්කා පාව්කා පාව්කා. මගෙ ලෝකෙ වීරයා. සැක් උඹ පාව්කාගෙ නම දාගත්තු එක තමයි එකම අස්පෙට් එක. පානේ වානරයා. ඔමාගෙ කටේ ටොපියක් දාන්න වටිනව මූට ගැලපෙන නම හොයල දුන්නට. :P :P

      Delete
    13. විද්වත් කතිකා මැද අපි ෂුටි මෙවුවා එකක් ගන්න එකෙත් අමුතු මෙවුවා එකක් තීනවා ඉදගෙන

      Delete
    14. දැං මූණු පොතත් එපා වෙලා...

      Delete
    15. මට නම් මේ ඉවාන් පවුලූෂ කියන නම් පොඩ්ඩක් අවුල් වගේ. මොකද මම දන්න හැටියට නම් පවුලූෂා නැත්නම් පාව්කා කියන්නෙ පාවෙල් කියන එක හුරතලේට කෙටි කරල හදපු නමක්. එහෙම එකක් තවත් නමක් එක්ක සම්පූර්න නමක් හැටියට යෙදෙන එක මට නම් නිකන් "ප්‍රියන්ත සිරා" හරි "ප්‍රසන්න කරුණේ" හරි වගේ අවුල් විදියට තේරෙන්නෙ. රුසියාවෙ කොහොමද දන්නෙ නෑ ඒත් Ivan Pavlusha කියල ගූගල් වල ගැහුවත් එන්නෙ ඔය ලංකාවෙ සින්දුව, Ivan කියන එකට වෙනම 39 මිලියන් හිට්ස් සහ Pavlusha කියන එකට 131,000 හිට්ස් තියෙද්දිත්.

      ඉවාන් ගෙ බ්ලොග් එකේ ඇඩ්‍රස් එක iwan - paulooshaa කිව්වට ඕක ivan - pavlusha වෙන්න ඕන නැද්ද හරි නම්.

      // එත් මේ ඉවාන් පවුලූෂා චරිතය එන්නේ ,වානේ පන්නරය ලැබූ හැටි පොතේ තමා //
      පාවෙල් ගෙ නමට ඉවාන් කෑල්ලක් ආවෙ කොහෙන් ද?

      Delete
    16. ප්‍රොෆයිල් ඇනෝ - අර බ්ලොග් ඇඩ්‍රස් එක ගැන කතාව හරි, මම මේ බ්ලොග් එක හැදුවට ඒ හදන කාලේ මෙලෝ දෙයක් ගැන තේරුමක් තිබ්බේ නෑ. ඒ නිසා ඔහේ හිතෙන හිතෙන විදිහට තමයි හැදුවේ . දැන් මේක වෙනස් කරන්න බයයි මොකද සින්ඩි වලින් අයින් වෙන නිසා ..

      //"පාවෙල් ගෙ නමට ඉවාන් කෑල්ලක් ආවෙ කොහෙන් ද?""// ඇත්තටම පාවෙල් ගේ නමට ඉවාන් කෑල්ල එකතු වෙන්නේ ලංකාවෙන් ඇනෝ. ඔය සින්දුවෙන් තමයි පාවෙල් කොර්චගින් ඉවාන් පවුලූෂා කරන්නේ . රුසියාවේ පාවෙල් ලංකාවේදී ඉවාන් පවුලූෂා වෙන්නේ එහෙමයි . ගූගල් වල Ivan Pavlusha කියලා මොනෝ විදිහට ගැහුවත් ඔය සින්දුව එන්නේ ඒකයි. සින්දුවේ මාත්‍රා සහ ශබ්ධරසය ගලපන්න වෙන්න ඕන ඔය නම ඇතිවුනේ .
      පාවෙල් , පාවුකා - ඉවාන් පවුලූෂා කරන්නේ අපේ කට්ටිය .

      Delete
    17. ඊයේ නාන කොට මතක් උනේ බං.. ඉවාන් පව්ලූෂා හිටියේ ඉඩියට් එකේ නෙමෙයි දොස්තයෙව්ස්කිගෙම බ්‍රදර්ස් කරමසෝ පොතේ..

      Delete
    18. කරමසෝ සහෝදරයන්ගෙ දෙවනිය ඉවාන් පවුලූෂ නෙමෙයිනෙ බං, ඒ ඉවාන් ෆව්ද්‍රොවිච් නෙ.

      Delete
    19. @ Indika, ඉවාන් පව්ලූශ කියල රුසියාවෙ ඉන්න බෑ ඉන්දික
      ඒක හරියට "ඉන්දික උපයා" කියනව වගේ ( අර ඇනෝ කියල තියෙන්නෙ )
      ඔය නම ලාංකික නිර්මාණයක් (ඉවාන් කියල තියෙන්නෙ )

      Delete
    20. දේශා - ඉන්දික හරි, ඔතන ඉන්නේ දෙන්නෙක්
      එක්කෙනක් ඉවාන් ෆ්යෝදොර්විච්
      අනික් කෙනා පාවෙල් ෆ්යෝදොර්විච්

      Delete
  15. මං පොඩි කාලේ කියෙව්වේ අම්මා බලන පොත් ...... ඒවායේ නම් කොහේ මතක තියෙන්නද...... මතක මට මෙච්චරයි......
    ඒක ලොකු පොතක් ...... මං ඉස්කෝලේ යනවා..... යාලුවෙක් තමයි දුන්නෙත්....... චාටලී ආර්යාවගේ පෙම්වතා......

    ReplyDelete
    Replies
    1. හුටා...

      කාළයක් මම පිස්සෙක් වගේ කියෙව්වා.. හැරල්ඩ් රොබින්ස් ගේ පොත්..

      ලේඩි චැටර්ලීස් ලවර්... පොතත් මරු සෝ එකත් මරු..

      මම දහ පාරකට වඩා බැලුවා සැවෝයි එකේ.. සිල්වියා ක්‍රිස්ටල් හැමදාම ගෙදර එනවා ඒ කාළේ...

      Delete
    2. හ්ම්ම්ම්...... මචෝ.....

      Delete
  16. මගේ කැමතිම පොත් සෙට් එකනම් පොඩ්ඩක් වෙනස්. මේක කැමතිම සිංහල පොත් සහ ඉංග්‍රිසි පොත් කියලා බෙදන්න් වෙනවා.
    සිංහල පොත් (පරිවර්ථන ඇතුලුව)
    1. මඩොල් දූව (මේකෙ වෙනසක් නෑ, all time favorite)
    2. උලමාගේ රාත්‍රිය
    3. ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් සෙට් එක සහ අනිකුත් හේතුවාදී සංගමය හා බැදුනු පොත්
    4. අපේ කාලයේ වීරයෙක් (රුසියානු පරිවර්ථනයකි)
    5. අම්මා (රුසියානු පරිවර්ථනයකි)
    6. වැඩ බැරි දාසගේ පොත් සෙට් එක (රුසියානු පරිවර්ථන) - මේක නම් සුපිරි
    7. කළු දල මල (මතක විදිහට ප්‍රංශ පරිවර්ථනයක්)
    8. සිටුවර මොන්ත ක්‍රිස්තෝ (අසංක්ෂිප්ත පරිවර්ථනය) -- මම දහ වතාවකට වඩා කියවලා ඇති
    9. ගෝරා - ඉන්දියානු පරිවර්ථනයකි
    10. අන්තිමට මම අර ලංකාවේ තියෙන මල් පොත් සෙට් එකටත් කැමතියි. පොඩ්ඩක් අප්පිරියයි වගේ වුනාට පොඩි කික් එකක් නැත්තෙම නෑ - හැබැයි පිටු 5 ක් ඇර එක්ක කියෙව්වහම ඇති

    English Books
    1. Disclosure - Micheal Crichton
    2. Congo - MC
    3. Detective series of Agatha Christie
    4. Tale of two cities
    5. Angels and Demons - Dan Brown
    6. RAMA Series - Arthur C. Clerk
    7. lady chatterley's lover
    8. Wuthering Heights - Emily Brontë
    9. The Adventures of Tin Tin
    10. The Adventures of Huckleberry Finn - mark Twain

    ReplyDelete
    Replies
    1. ස්මහර ඒවා කියවලා තියෙනවා. සමහර ඒවා නෑ..

      Delete
    2. එල ද බ්‍රා..කමෙන්ටුවක්

      Delete
  17. මෙන්න මාතලන් ගී පවුරේ මමත්( අසංක ) කැමතිම පොත් 12 ක්. තව මහ ගොඩක් අතරින් මේවත් තෝරගත්තේ බොහොම අමාරුවෙන්... ඔබත් හැකිනම් කියවා බලන්න...සමහර විට මේ වෙද්දි කියවලත් ඇති මගෙ හිතේ මේවා...

    1. සුනෙත්‍රා හෙවත් අවිචාර සමය - ඩබ්.ඒ.සිල්වා
    2. රදළ පිළිරුව - ඩබ්.ඒ සිල්වා
    3. ස්වයංජාත - සමරවීර විජයසිංහ
    4. වැස්ස වළාහක - සමරවීර විජයසිංහ
    5. අටං පහුර - තිලක කුඩාහෙට්ටි
    6. කොහොඹානේ වට්ට විදානේ - පියසේන කහඳගමගේ
    7. අරලිය මල් ආරාමය - ජයසේන ජයකොඩි
    8. මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි
    9. ඇසට නොපෙනෙන සිතට නොදැනෙන - සරත් විජේසූරිය
    10. වෘකයාගේ දවස - අභය හේවාවසම් ( පරිවර්තන )
    11. කපිතන්ගේ දියැණියෝ - රුසියන් පරිවර්තනයකි
    12. මනුතාපය - අයි.එම්.ආර් ඊරියගොල්ල ( පරිවර්තන )

    ReplyDelete
    Replies
    1. වැඩිහරිය කියවලා නෑ..

      Delete
    2. අරලිය මල් ආරාමයේ පොත් තුනක් තියෙනවනේ , ඒ තුනම එක වගේ හොඳයි

      Delete
    3. තවමත් මම අටන් පහුරනම් කියවනවා...ලක්මාල් කන්දෙවිදානේගේ

      Delete
  18. මගෙත් ආසම පොත් අස්සෙ ඔය ටිකත් තියනවා . ඇයි වාරෙ අවසානයෙ තියන රිපොට් පොතට . එකෙන්නෙ පොඩි කික් එකක් එන්නෙ .

    ReplyDelete
    Replies
    1. අනේ කොල්ලෝ රිපෝට් පොත ගැන මතක් කොරන්න එපා,

      Delete
    2. අනිවා... අපි කිව්වේ ඉස්කූල් රැකෝඩ් බුක් කියලා...

      Delete
  19. කැමතිම පොත් 10කටනම් වෙන් කරන්න අමාරුයි. අද අලුත් පොතක් කියෙව්වොත් හෙට ලිස්ට් එක වෙනස් වෙයි ඩමහර විට. කොහොම උනත් පරිවර්ථකයන්ගෙන් කේ.ජී කරුණාතිලකට, චන්දන මෙන්ඩිස්ට එහෙම බොහොම මනාපයි. ඊළඟට අප අතරින් වෙන්ව ගිය ජයසේන ජයකොඩි මහත්මයාගෙ පොත් අග්‍රගන්‍යයි. ඒත් එක්කම ආර්.එල්. ස්පිට්ල් මහත්තයගෙ පොත් වලටනම් මං ඉතාම මනාපයි. ලංකාව ගැන විදේශිකයන් ලියපු පොත් වලට කොහොමත් ගොඩක්ම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ටේස්ට් එකේ වෙනසක් නෑ බලාන ගියාම..

      Delete
  20. බෝම හොදයි මාතලං.. ඒ වගේම ස්තුතුයි බොක්කෙන්ම.. අභියෝගය දිනාගත්තට...

    මම අර මුල් පොත් දෙක අතෑරියේ ඒක අනිවා කියවන්න එපායැ බං.. ගුටි කෑවා මතකයි අම්මගෙන්.. හොඩි පොත ඇද අස්පේ උන්ඩි කරල හංගල තියලා..

    උඹ මේක බුකියේ නොදා මෙතැන දාපු එකෙන් ලැබුණ වටිනාකම කියා නිම කළ නොහැක..

    ReplyDelete
    Replies
    1. බුකියට වඩා මම බ්ලොග් වලට කැමතියි.. උඹටත් ස්තූතියි සාහිත්ත මාසේ මෙහෙම දෙයක් ගෙනාවට..

      Delete
  21. Replies
    1. ඉවා...න්.... මෙන්න ආතර් උඹේ කමෙන්ට් එක මකලා !!!

      Delete
    2. එකනේ බං බලපන් මූට කාගේ හයියක්ද කියාලා ආතරයා ..

      Delete
    3. ආතර් … පිට් තමා බොක්කා !!!

      Delete
  22. ඇත්තටම මිනිහෙක් පොත් කියවන්නම ඕනද ?
    සමන් අතාවුදහෙට්ටි ප්‍රේමකීර්ති ද අල්විස් ගැන කියනවා මෙන්න මෙහෙම .

    ** උපුටාගැනීම **

    "ප්‍රේමකීර්ති ඉස්කෝ‍ලේ යන අවදියේ අරන් ආවේ එකම එක එක්සයිස් ‍පොතයි, සියලුම විෂයයන් ගැන සටහන් ලිව්වේ මේ එකම ‍පොතේ. ඔහු කිසි දවසක විෂය ග්‍රන්ථයක් ඉස්කෝලෙට අරන් ආපු නැති ශිෂ්‍යයෙක්. "

    "කෙසේ වුණත් ‍පොඩි මාස්ටර් ‍(ප්‍රේමකීර්ති) පොතක් හෝ පත්තරයක් කියවනවා මේ කිසිම කෙනෙක් දැක තිබුණේ නෑ.
    වරෙක ‍පොඩි මාස්ටර් අප හිතවත් දයා අක්කාට, දයාද අල්විස් මහත්මියට මෙන්න මෙහෙම කියාපු බවක් නම් මම දන්නවා.
    මම කියවපු එකම ‍පොත ‘ඇස් දෙක’ විතරයි."

    "ඇස් දෙක ‍පොත ලිව්වේ සෝමපාල රණතුංග. දයා අක්කා විවාහ වී සිටියේ ඔහු සමග. සෝමපාල රණතුංගයන්ගේ අකල් වියෝවෙන් කලෙකට පසුවයි. ‍පොඩි මාස්ටර් දයා අක්කා සමග සරණ බන්ධනයට පිවිසෙන්නේ.
    කොහොම වුණත් ‍පොඩි මාස්ටර් මේ කියැව්වා කියන්නේ සෝමපාල රණතුංගයන් ලියූ ඇස් දෙක ද නැත්නම් දයා අක්කාගේ ඇස් දෙකද කියලා කියන්න මම දන්නේ නෑ. කොහොම වුණත්, ඔහු කියැවූයේ සෝමපාල රණතුංගයන් ලියූ ‍පොත නම් ඔහුම කියන විදියට ඒක තමයි කියවපු එකම ‍පොත."

    ** උපුටා ගැනීම අවසන් ***

    හැබැයි කිසිම පොතක් පත්තරයක් නොකියවපු මේ මිනිසා ලියූ ගීත ශ්‍රවනය කිරීමේදී කවදාවත් ඔබටවත් මටවත් එහෙම හිතිලා තියෙනවද? කිසිම දෙයක් නොකියවපු මිනිහෙකුට මේ වගේ සංකල්පනා එන්න පුලුවන්ද ? ඒවාට ආභාෂය කොහෙන්ද ?

    ඒ තමයි පරිකල්පනය ... ප්‍රේමකීර්ති කියන්නේ පරිකල්පන හැකියාව ගැන හොඳම උදාහරණය . පොත් කියවීම හෝ නොකියවීම තමුන්ගේ කැමැත්ත . නමුත් අද වැඩි දෙනා කරන්නේ තමුන් අර පොත මේ පොත කියවා ඇති බව ප්‍රදර්ශනය කිරීම.

    ඉස්සර අපේ ආච්චි අපිට කියනවා " ගෙදර මහා පොතක් ඇත එකක්වත් මතක නැත " කියලා .

    එහෙම වුනාම අන්තිමට " මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ "

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ ළොකු ඇත්තක් තියෙනවා. එක අතකට මම හරි කැමතියි මට ඉක්මනටම අමතක වෙන එකට. මොකෝ කියවීමෙන් වෙන්නෙ ඒ ලියලා තියෙන ක්‍රමයට ඇබ්බැහි වීමක්. කොහොමත් දැන් නම් කියවීම බොහොම අඩුයි. කියවන එක තමයි කරන්නේ. සුද්දන්ට.

      Delete
    2. ඉවාන් මම ඔය සමන්ගේ කතාව ගිය සති අන්තයේ ඇහුවා .පුදුම මනුස්සයෙක් .
      හොද දේ ටිකයි කියලා කතාවක් තියනවානේ ...

      Premakeerthi De Alwis Memorial Speech by Saman Athaudahetti
      https://www.youtube.com/watch?v=OUYdnoI25Rs

      Delete
    3. @iwan+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. පත්තර...මල..යාන්.ඩි... මෙන්න ආතර් උබේ කමන්ට් එක මකලා.( බස්සි කොපි කරා)

      Delete
  23. සාහිත්‍යය කන්නද මාතලන්

    මෙන්න මේක අහලා හොඳයිද කියන්න


    දවසක් මන් පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා
    වෙන කරන්න දෙයක් නැති හින්දා ඔහේ ඇවිදගෙන ගියා

    මහ රජා පාරේ වඩිනකොට එකත්පසව ඉන්න උනා
    සැක හිතෙන තව කෙනෙකුව තාප්පෙකට හේත්තු කළා

    වැල්ලවත්තේ කුණු කාණුවේ පිච්ච මලක් පාවෙලා ගියා
    ජාතික අභිමානේ හින්දා ඒක අමතක වෙලා ගියා

    පාර මැද්දේ මහා දවාලේ කෙනෙකුට වෙඩි තියලා ගියා
    පත්තරේට ලිපියක් ලියළලු පස්සේ ආරංචි උනා

    මාවත් පහුකරගෙන වේගෙන බඩුමිල ඉදිරියට ගියා
    ටීවී කඩේ ලඟ පොරකන කට්ටිය මැච් එක බලනවා දැක්කා

    යටිපතුල් පැලෙනකන් ලේ ගලලා රිදෙනකන්
    මගේ යටිපතුල් පැලෙනකන් ලේ ගලලා ඉදිමෙනකන්
    මන් ඇවිදගෙන ගියා
    ඔහේ ඇවිදගෙන ගියා

    ReplyDelete
    Replies
    1. ඉවානයෝ..මමත් කාලෙකින් අහපු පට්ට සින්දුවක් බෝල මේක...

      හීනියට ඇරලා තියෙනවා ඇරිල්ලක් ආයේ කියල වැඩක් නැහැ..

      බූට් ( සින්දු) කාල කාල එපාම වෙලා ඉන්න මේ කාලේ කණට ඇහුනු නියම සින්දුවක්.

      කාලයේ තාලෙට සුපිරි වචන සැට් එක.

      Delete
    2. උපරිම.. පට්ට..

      ඒත් පබ්ලිෂ් කරන්න කලින්, තව තුන් හතර සැරයක් එඩිට් කරන කොට උඹටම අහු වෙනවා අඩු ලුහුඬු කම්.. කළබලේ මේ වගේ රහ සිතුවිලි මරලා දාන්න නරකයි. උඹට මතකද මම ළඟදි දැම්ම, "මම කැමතියි නෝනට" විරිඳු සුරල් ටික.. මම කලින් ලියලා තිබුන එක මේ තරම් රහ නෑ. කීප සැරයක් එඩිට් කරලා තමයි ඒ විදියට ආවේ..

      Delete
  24. //අපි මවාගෙන හිටපු ළොකේ කුඩු කරපු කාළකන්නි සෝ එකක් // මඩොල් දූව ෆිල්ම් එක බලලා මටත් ඕකම හිතුනා.


    බුකියේ යන ඔය වැඩේට කියන්නෙ බුක් බකට් චැලේන්ජ් කියලනෙ. සාහිත්‍ය මාසයට ඒක හොඳ ප්‍රවේශයක් වගේම "පොත් සොයා යන්නන්"ට හොඳ ඔත්තුවක්. හැබැයි බුක් බකට් චැලේන්ජ් එකක් ලැබුන කෙනෙක් ලියපු වෙනස්ම පෝස්ට් එකක් විදියට මම දැක්කෙ මේ පෝස්ට් එක.

    මේ දවස් වල මගෙ පොත් ලිස්ට් එකේ ඉහලින්ම ඉන්නෙ නිශ්ශංක විජේමාන්නගෙ "තාරා මගේ දෙවුදුව" පොත. ප්‍රියතම පොත් ලයිස්තුව ඉතින් සතිපතා යාවත්කාලීන වෙනවනෙ කියවන කියවන හැටියට.

    නරකද බ්ලොග් බකට් චැලෙන්ජ් එකකුත් පටන් ගත්තොත්. . . . නෑ මං මේ නිකමට කිවුවෙ. :)

    ReplyDelete
    Replies
    1. කරමු කරමු..අමුස්මිරිසුත් කන එකේ..

      Delete
    2. බුක් චැලේන්ජ් ??

      කොමන්ට් එකක් කොටාගන්නෙත් අකුරු ගැටගහල. උඹ මගුලක් කියනවා !!!!

      Delete
    3. බස්සි උඹ හිතුවද උඹවගේ අපිත් නාන්නෑ කියලා..

      Delete
    4. එහෙම ඉතින් විශේෂයෙන් පටන් ගන්න දෙයක් නෑ නේ බස්සියෝ.. සමහර උන් දැනටමත් තමන් කැමති පොත් ලිස්ට් එක දාලා තියෙන්නේ..

      Delete
  25. මම කැමතිම සිංහල ලේඛකයා කේ ජයතිලක. එයාගේ පොත්වල ආසා හිතෙනම දේ තමා භාෂාව අති කාර්යක්‍ෂමව භාවිතා කිරීම ඇත්තටම මේතරම් හොඳට සිංහල භාශාව හසුරවන වෙ කෙනෙක් ඉන්නවද කියලා හිතන්නත් අමාරුයි. අඩු පිටු ගනනකින් රලොකු කතාවක් කියවෙන හැටි දකිනකොට පුදුම හිතෙනවා. අනිත් එක එයාගෙ ගම ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර පලාතක නිසා ඒ පරිසරය මට හොඳටම සංවේදියි කේ ජයතිලකගේ කතාවක් කියවනකොට නියරක් දිගේ යනකොට දැනෙන මඩගඳ නහයට දැනෙනවා වගේ ගතියක් එනවා. ඒ අතින් මට මාර්ටින් වික්‍රමසිංහගේ පොත් හරියට පරිවර්ථන වගේ හරියට ඇඟට දැනෙන්නෑ සමහරවිට කොග්ගල අයට දැනෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. මගේ ලේ වල ඔය පරිසර දෙකටම නෑ කමක් තියෙනවා. ඒ නිසා දෙන්නගෙම පොත් එක වගේම රහයි මට. කිසිදා අමතක නොවන චරිතයක් තමයි "කිසා"..

      Delete
  26. අනෙ හප්පේ කොච්චර පොත් කියෙවුවත් මේ වගේ වෙලාවට පෙළගස්ස ගන්න බැරි එකනෙ වැඩේ!

    අනික කාලෙන් කාලෙට කැමතිම පොත් ටික වෙනස් වෙන එක.

    ඉතිහාස‍ය, අභිරහස් කතා, චරිත කතා වගේ ඒවා නම් කොච්චර කියෙවුවත් ඇතිවෙන්නෑ!!

    අනේ සංසාරෙ, ඉස්කෝලෙ රිපෝට් පොත ඇර ඕන පොතකට මමනම් කැමතියි.!! :D :D

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ කැමති පොත් නෙමෙයි. මතකේ රැඳුන පොත්.. පොඩි කාළේ ඉඳන් පිලිවලකට වගේ...

      Delete
  27. 1. සින්දූර් 01 - සුජීව ප්‍රසන්නආරච්චි..
    2. සින්දූර් 02 - සුජීව ප්‍රසන්නආරච්චි..
    3. සින්දූර් 03 - සුජීව ප්‍රසන්නආරච්චි..
    4. සින්දූර් 04 - සුජීව ප්‍රසන්නආරච්චි..
    5. සින්දූර් 05 - සුජීව ප්‍රසන්නආරච්චි..
    6. සින්දූර් 06 - සුජීව ප්‍රසන්නආරච්චි..
    7. සින්දූර් 07 - සුජීව ප්‍රසන්නආරච්චි..
    8. සින්දූර් 08 - සුජීව ප්‍රසන්නආරච්චි..
    9. සින්දූර් 09 - සුජීව ප්‍රසන්නආරච්චි..
    10. සින්දූර් 10 - සුජීව ප්‍රසන්නආරච්චි..

    මේ පොත් සැට් එක කියවලා තමයි තුන්වේලටම කිරිහොදියි කට්ට සම්බලුයි උනු උනු බතුයි කන්න පුරුදු උනේ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා බඩත් කොරවෙලා ඕයි

      Delete
    2. මං ඒ ජාතියෙ පරම පිවිතුරු අහිංසක කිරි හොදි කන බාටා දාන කොන්ඩෙ දිග පංසල් යන උතුම් පැතුම් තියන සුවීට් නංගියෙක් හොයනව … හම්බුනොත් කියපියව් ඈ … :D

      Delete
    3. ලිස්ට් එක තව දිගයි ඉවාන්, අර "වන්දනා", "භාවනා" වගේ සඟරා කීපයක් තිබුනා සතිපතා බඩ පුරෝගන්න හරිම පූජනීයයි..


      පත්තරේ ලංකාවෙන්?

      අජූව අයියගෙන්ම අහල තමයි හොයාගන්න වෙන්නේ..

      Delete
    4. මචෝ කරුණාසේන ජයලත්ගේ පොත් විවේචනය වෙලා තියෙන්නෙත් මේ විදියටමයි. ඒත් සුජීව ප්‍රසන්න ආරච්චි එක හොඳ දෙයක් කලා.. පත්තරයක් වත් බලන්නේ නැති පිරිසක්.. පොත් ගුල්ලෝ කරා.. ඒක ළොකු දෙයක්..

      Delete
    5. විදානේ මෙන්න මචෝ ...

      http://blog.sinhalaelibrary.com/category/sujeewa-prasanna-arachchi/

      Delete
    6. පත්තරේට හොයන කෙල්ලගේ නංගි මට..
      ආ...මස්සිනා බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  28. පියසේන නිස්සංක මහත්තයගේ "ඔයබඩ ගෙදර" සහ "හීන් හාමිනේ" පොත් කියවපු කවුරුවත් නැති පාටයි....

    ReplyDelete
    Replies
    1. පියසේන නිස්සංක කියන නම අහලා තිබුනට පොත් දෙකම කියවලා නෑ..

      Delete
  29. මම මෙතුවක් කාලෙට අහපු හොඳම පොත් දහය ...

    අවාසනාවට අර හාල් පොත් වහන්සේ දකින්න ඒ සශ්‍රීක කාලේ ජීවත් වෙන්න මේ විභීෂණ ය පින් කරලා තිබුනේ නැහැ බොස්...

    අපි ඉතින් අසූව දශකේ කට්ටියනේ..

    ReplyDelete
    Replies
    1. ජිප්සීස්ලගේ මුල්ම සින්දුවක් වෙන, අම්මා අම්මා මේ මට කියන සින්දුවේ අන්තීමෙටම කියන්නේ..

      මොනවා නැතත් මට.....
      හාල් පොත නම් ඕනෑ...

      කියලා...

      Delete
    2. සින්දුව නම් අහල තියෙනව...

      මේ ලඟදි රී මික්ස් එකකුත් ආව නේද?

      Delete
    3. ඔන්න බොස් මං අද පිටකොටුවේ ගුනසේනෙන් ගත්ත

      වානේ පන්නරය ලැබූ හැටි 1 සහ 2 , මීනා, මහල්ලා සහ මුහුද.

      ඔන්න මේ අවුරුද්දේ මගේ සාහිත්‍ය සැමරීම...

      Delete
    4. වානේ පන්නරය ලැබූ හැටි 2 නම් කියවන්න් එපා ,පළවෙනි පොත කියවලා ඉන්න හීන ලෝකේ කුඩු පට්ටම් වෙලා යනවා මටනම්

      Delete
    5. වානේ පන්නරය ලැබූ හැටි 2 නම් කුජීතයි මටත්

      Delete
  30. ලොක්කා … මං නං කැමති පාස්පෝට් පොතට !!!

    අන්න පොත්.. ඉන්කම් එක ලස්ස ගනං වලිං :D

    ReplyDelete
    Replies
    1. මං වැඩිපුරම ආස ණය පොතට

      Delete
    2. පාස්පෝට් පොතට ආස උනාට, පාස්පෝට් යාළුවන්ට ආස වෙන්නේ බලාගෙන..

      Delete
  31. Deeman Anandage kathawala eka weerayek ,Dicky Weerakon kiyala mathakai,Mama kemathma poth 10, 1.Malligewiththi-Gunadasa Liyanage. 2.Jinapalage Kathandare-Wewadeniye MD Mendis. 3.Mata Hithenaheti-Meemana Premathilaka. 4.Wana Nadiya-SD de Lanaroll.(1940-ganan wala Mahiyangane sita Thirikunamaleta,Mahaweli ganga dige giya Mulma charikawa-den nawa mudranaya etha) 5.Hapankam,Modakam Purasaram- VD de Lanaroll, 6.Sunethra hewath Awichara samaya-W.A de Silva, 7.Digamadulle Ascharya-Maya Ranjan(Mahanama Rajapaksha) 8.Kawda me?-Gunadasa Liyanage. 9.Kumaoan Hi Mini Kana Wyagrayo-Captain Gim corbet.(Parivarthaka amathakai) 10.Meki Giya Dadaman-RL Spitle(AP Goonarathna?) Karunasena Jayalathge pothwalata kemathi. 10 ne danne(Ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. ගොඩක් පොත් මාත් කියවලා තියෙනවා...

      Delete
  32. හ්ම්ම්ම්ම්...........................අමාරුම වැඩක්. මම කැමතිම පොත් දහය තෝරාගන්න පැය දහයක්වත් කල්පනා කරන්න වෙනවා. මෙහි විවිධ කමෙන්ට්වල දක්වා ඇති පොත්වලින් සෑහෙන ගණනක් කියවලා තියනවා. ලන්දේසි හටන වගේම , බිලි පූජාව කියන චිත්‍ර කතා පොතත් බොහොම රසවත්. 1970 දශකයේ සිළුමිණේ පළවුනා රටම ආදරය කරපු කතාවක් බන්ධුල හරිශ්චන්ද්‍ර ඇඳපු. ඒකෙ නම 'දේවස්මිතා'

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ කැමතිම දහය නෙමේ මචෝ.. මතක පොත්.. පොඩි කාළේ ඉඳලා පිලිවලට වගේ... කැමති පොත් නම් ඉතින් ප්ලේබෝයි පොත් තමයි අදටත්..

      Delete
    2. //.. කැමති පොත් නම් ඉතින් ප්ලේබෝයි පොත් තමයි අදටත්..//

      වරෙං මාතයියේ කටට ගල් කාලක් වක් කරන්ඩ :D

      Delete
    3. මම ගානේ ගොල් ලිප් එකක් පත්තු කරගන්න

      Delete
  33. ඔය සමහර පොත් වලින් ටෙලි හරි ,චිත්‍රපටි හරි නිර්මාණය කලාම අර කෘතියේ තියෙන සම්පූර්ණ ගතියම නැති බංගස්තාන වෙලා යනවා , - ඉවාන් පවුලුෂා. අන්න කතාව. අපේ ටෙලි නාට්‍ය කලාව වගේම චිත්තරපටි කලාව කොයිතරම් බංකොල‍ොත් වෙලාද කියලාහිතෙනවා මුං කාගෙ හරි කතාවක් ‍කොපි කොරලා නාන නෑමට. අනේද කියන්නෙ. දැන් දස්කොන් ප්‍රමිලා ආදර කතාවත් ටෙලියකට අරගෙන. ඒකත් මුං කාලම දමනවා. අපි කියවපු කතා නෙවි මුං හදන්නෙ උන්ගෙ අතිනුත් දාලා. රසාස්වාදය බල්ලගෙත් බලු මුත්තට දමලා. නොදෝමකින් මේ ටෙලි හදන සමහර එවුන් නම් ඔක්කෝම මකනවා. හුරලා දමනවා.

    ReplyDelete
    Replies
    1. බලන්නේ නැතිව උන්නාම ඉවරයි.. මම මේ දවස්වල බලන්නේ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් විතරමයි.. මුන් ඉතිහාසේ අච්චාරූ දානවා...

      Delete
  34. මේ ටිකේ මං බ්ලොගෙන් ඉවත්වෙලා මචං

    ReplyDelete
    Replies
    1. මම දැක්කා.. අමු මිරිස් කනවා..

      Delete
    2. ඒ මොකෝ අය්යේ..

      පට්ට බිසී ද?

      Delete
  35. අපේ පන්තියේ යාලුවෝ සෙට් එක සල්ලි එකතු කරලා ධිමන් ආනගේ අලුත් පොත් නිකුත් වුනු ගමන් මිලදී ගන්නවා.හන්දියේ සුරුට්ටු කඩේ කල්යිමගල් පොත් ඉටි කවරයක දමල බෑබලි බැ බලි ක්ලිප් එකකකින් එල්ලලා තියෙ නවා .ඒ කඩේ ට අල්ලපු කඩේ හෝටලයක්.පාන් බාගෙ මැද හරා,සීනී සම්බල් දාලා සත දහාසයයි.පොත් ගන්න ගියාම ෆොර්එස් එක්කක් අරගෙන අපි ඔක්කොම උරණව.දවස් දෙකකට වැඩ පොත ළග තබා ගත්තොත් සත පහක දඩ.මම එක හුස්මට පොත කියවල පුංචිටත් දෙනවා කියවන්න.කොහේදී හරි කව්රු හරි මගේ එක්කල කතා වට වැටුනොත්,එය ලග පොත් තියෙනව්ද කියලා අහන්න අමතක කරන්නේ නැ .කෙල්ලෙකුට ආදර හසුනක් දෙන්නේ පොතක් ඇතුලේ දමලය.හිරු එළියෙන් බේරෙන්න පොත් හිසට උඩින් අල්ලනවා.මම ආදර කතාවලට කැමති වෙලා හිට්යේ නැ.

    ReplyDelete
    Replies
    1. අපූරුම කොමෙන්ටුවක්.. පොත් වලින් තියෙන තවත් ප්‍රයෝජන... බලාගෙන ගියාම නේද...?

      Delete
    2. පට්ට , මට නම් මාතලන් මෙච්චර කල් දාපු හොඳම පොස්ටුව මේකද කියලා හිතෙනවා , මේකේ කමෙන්ට් කියවනකොට

      Delete
    3. හැක් හැක්. අනේ බොගේ කට.. මාතා දාපු හොදම එක මගේ හිතේ විදියට නං අර කොළඹ පාරවල් වෙනස් කරන්න දාපු එක..

      Delete
  36. ඩීමන් ආනන්දගේ කතානම් නැගල යනව විශ්වාස කරන්න බැරි බොරු උනත්.

    ReplyDelete
    Replies
    1. ඩීමන් ආනන්දගේ කෘති ඔක්කෝම ඉන්ගිරිසි සෝ.. නැත්නම් පරිවර්ථන.. පොර මුලින්ම පරිවර්ථනය කරන්න ගිහින් තියෙන්නේ යුද්ධය හා සාමය..

      Delete
  37. මට කව්රුහරි කියන්න හොද සිංහල ටෙලි කතා ටික්කක්.මා නැරබු හොදව තමයි.කටුඉම්බුල,ගිරිකුල,ඉසුරුබවය.අදින්.දැන් මගේ රුචිය ඔයාලට තේරෙනවා ඇතිනේ.මම අසාවෙන් කිවපු තව පොත් තමයි,වදුල,අත්සන,පෙත්සම,ගිම්හානයේ ගීතය.අන්ත්‍ර ජාලයේ පොත් කියවන්න ක්‍රමයකුත් කියල දෙන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. ඊ බුක්ස් කියලා තිබුනට කොහේ තියෙනවද දන්නෙ නම් නෑ.. අරුණි නෝනා නම් පොතක් දෙකක් එවලා තිබුනා ඒ වගේ ඒවා.. දන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන ලින්ක් එකක් දාන්න, හැමෝටම බලා ගන්න..

      Delete
    2. වදුල පොත ලිව්වෙ පියසේන නිස්සංක මහත්තය නේද?

      Delete
  38. ඔය හාල්පොත හෙවත් කුපන් පොත ගැන පොතක් ලියන්න තරම් දේවල් තියෙනවා . කාලයක් තිස්සෙම ශත හැත්තෑ දෙකට සීනි රාත්තල දුන්නා කුපන් කාඩ් එකට. කඩේ එතකොට රුපියල් තුනයි. ගොඩක් ඈයෝ ඔය කුපන් කාඩ් විකුනනවා කළු කඩවලට කුණු කොල්ලෙට. පොඩි මිනිහාට ලැබෙන කූපන් කෑම ටික ගසාකන්න බලාගෙන කී දෙනෙක් හිටියද ඒ කාලේ ?

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ හැම එකාම හිඟන්නෝ නේ.. ඒකයි.. කඩවල මොනවද තිබුනේ.. ගෙවල් වල මොනවද තිබුනේ..

      Delete
  39. බුකියේ දැම්ම මම කැමති පොත් දහය...:D

    මගේ පොත් ලිස්ට් එක ගොඩක් දිගයි. ඒ වගේම හොඳම පොත මොකක්ද කියලා හිතාගන්ට අමාරුයි. ගොඩක් කර්තෘවරුන්ගේ මුල්ම පොත වැඩියම ලස්සණයි කියලා හිතන කෙනෙක් මම. හොඳ පොතක් හම්බ වුනාම එයාගේ පොත් හොය , හොයා කියවන පිස්සුවකුත් මට තියෙනවා. මෙන්න ඉතින් මේ වෙලාවේ, කැමති කියලා ඔලුවට ආපු පොත් දහය.

    1. My Sister’s Keeper-Jodi Piccoult
    2. A Thousand Splendid Suns-Khaled Hosseini
    3. Miss Peregrine’s Peculiar Children-Ransom Riggs
    4. Mandela-Richard Stengal
    5. Prey-Michael Crichton
    6. The Da Vinci Code-Dan Brown
    7. Red Mist-Patricia Cornwell
    8. The Shadow of Your Smile-Mary Higgins Clark
    9. Twilight-Stephenie Meyer
    10. Games of Thrones-George R.R. Martin :D

    ReplyDelete
    Replies
    1. මේ ගොඩෙන් පොත් දෙකයි කියවලා තියෙන්නේ.

      Delete
    2. මං පෙරේදා කියවන්න ගත්තේ Games of Thrones... ඒ එක්කම "The Girl with the Dragon Tattoo" දෙවනි පොත Stieg Larsson ගේ. නියමයි ඒකත් පොත ගොඩක් ලොකුයි ඒත් නියමයි පොත් හෙන සිරිස් එකක් තියෙනවා,, මාතලන් හම්බුනොත් කියෝලා බලන්න ,

      Delete
  40. කැමති සිංහල පොත් ටික පස්සේ දාන්නම්. :P

    ReplyDelete
  41. ලිස්ට් එකේ අන්තිමටම තිබුන පොත ගැන මම දැන ගත්තෙත් මේ පොස්ට් එකෙනුයි..

    ReplyDelete
    Replies
    1. ආන් කියවනවනම් පොත්....

      Delete
  42. Amathaka koranna epa
    Stranger - Pitastharaya - Albert Kamu
    Siddhartha - Hermen Hase
    Mata mathaka hatiyata dekatama nobel sammana hambu una. poth dekama kenekuge jeewita dakma wenas koranna hakiyawak thiyana kruthi.
    Kathru lage nama hariyata spell unada kiyka sure naha.
    Anna Coross

    ReplyDelete
    Replies
    1. මල පොත කියන කොට වැටෙය් හඩා
      පෙරලන පොත් වලට අහු වෙන්න එපා
      ජාතක පොතේ මතකය අත් අරිනු එපා
      සමරු පොතේ කොල ඔක්කොම දැන් මැකිලා
      Anna

      Delete
  43. 1 sherlock holmes-Authur c
    2 secret seven-enid
    3 32 steps
    4 amba yahaluwo
    5 madol doowa
    6 village by the sea-anita desai
    7 robin hood
    8 tarzan-edgar rise
    9 jurasic park
    10 black arrows

    thawa onada ........... adda malliee.....

    ReplyDelete
    Replies
    1. 69 / suranthya / makara yoniya / magul rathriya / gal kolla / nangi para ridunada/ malli satha paha ganna wage inna
      mewa hoda poth. kiyawala thiyanawada??????????

      Anna Coross

      Delete
    2. පොත් ලැයිස්තුවෙන් ටේස්ට් එක පැහැදිලිවම පේනවා...

      Delete
  44. මං කියවපු තාමත් කියෝන හොඳම පොත මහින්ද මාමගෙ පොත.. ඒ පොතට පොතක් කවුරු ලියන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒකට ගහන්න පොතක් එනකන් තමයි මමත් මේ බලාන ඉන්නේ.. සෝභිතගෙ පොත නම් චොර. ජෙප්පන්ගේ එක ඊටත් එහා..

      Delete
  45. සකස්කඩ - නොකී කට
    උගේ කට(මාතලන්ගේ) - හුඹස් කට

    මගේ පිළිවෙල
    01-මහින්ද චින්තනය පොත - එකපාරක් කියෙව්වම ආසචාර්ය නිසා ඉහ මොළ රත් වෙනවා
    02-ගජභින්නාලන්කාරය
    03-රටේ ව්‍යවස්තාව
    04-දණ්ඩ නීති සංග්‍රහය
    05-ඉස්කෝලේ report පොත (original එක නෙවේ.මම edit කරපු එක)
    06-ඉල පොත
    07-මළ පොත
    08-මූණු පොත

    ඔය ඇති

    ReplyDelete
  46. ෂර්ලෝක් හෝමස් තමා කැමතිම චන්දන මෙන්ඩිස් ගේ පරිවර්තන හොදයි.
    ඔයා කැමති කියලා තියන 1 ඉදලා 4 ට තියන පොත් ටික අපි කාටත් කාලයක් යනකොට අමතක උනාට ඒ පොත් තමයි වටින්නේ.

    ReplyDelete
  47. mama kiywala thiyena ekama potha thama "sporting stars"
    ape gedara loku collection ekaka thiyenwa

    ReplyDelete
  48. ඇයි මකුණා? දිව්‍යලෝක රසය ? ජෝගි හමාරයි?

    ReplyDelete
  49. or Grand Sporting News, Saddler Special ?

    ReplyDelete
  50. පොත් ගැන කතා කරනවානම් ලොට් එකක්ම තියෙනවා, මට හම්බ වුනු පලවෙනි පොත මොකක්ද කියලා නම් මතක නෑ, එත් තාත්තා ගෙනත් දීපු සත්තු සහ කුරුල්ලෝ රුප පොත් දෙක තාමත් තියෙනවා වගේම හොඳට මතකයි, ඊළඟට තාත්තාගෙන් හම්බවුනේ හර්කියුලිස් සහ තවත් රස කතා පොත, අධ්‍යාපන කාණ්ඩයට වැටෙන පොත් වලින් ඔක්කොම සෙට් එක අද්යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවේ ඒවා, ව්‍යවහාරික ගණිතය පොත ඩබ්ලිව්. කේ ,හේවගේ මහත්තයාගේ, ඔකේ ගති විද්‍යාවයි ස්ථති හා ද්‍රවස්ථිති විද්‍යාව වශයෙන් කොටස් දෙකක් තියෙනවා, මිනිස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලස්සනට ගැට ගහලා තියෙනවා, මගේ ආසම කොටස ප්‍රක්ෂේපනය, ගල් ගහන ගණන්, :D, ඊළඟට සමහරු අකමැති ඇස් ඇල් ලෝනිගේ ත්‍රිකෝණමිතිය, රැම්සේගේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය (සරල රේකාව හා වෘත්තය හා පථ) ඊළඟට බ්‍රවුනින් සහ ජෝශප් ලියු ප්‍රයෝගික රසායන විද්‍යාව, තව පොත් ලොට් එකක්ම තියෙනවා. අහ තව තිලකරත්න දිගන්වෙලා මහත්තය ලියලා තියෙන චිත්‍රකලා ඉතිහාසය 1,2 අමතකම කරන්න බෑ,

    මගේ ආසම පොත් 10ක් කියලා එහෙම කියන්න පුලුවන්ද මන්දා, කොහොම හරි ඕමාර් ඛයියාම් ගේ රුබයාට් අදටත් කියෙව්වොත් අලුත්ම රසයක් දැනෙන පොතක්, එක 10 වතාවක් කියෙව්වොත් රස 10ක් දැනෙන පොතක්, ඒ කවි කැටගරි එකේ ඊළඟට ගුත්තිලය, සුභාෂිතය, බුදුගුණ අලංකාරය, සිරිත් මල්දම, මීවන් ප්‍රේමතිලක මහත්තයාගේ නවීන පදය රචනා පොත් සෙට් එක, මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ කොහොඹා යක් කංකාරිය, තාමත් ගන්න මිනිකට කවි සඟරාව, තිලකා සහ දාස, සුනිල් ජයවීර කියලා කෙනෙක්ගේ නියඟමාලා ඔය ගොඩක් පොත් අපේ ආච්චි අම්මගේ පොත් ගුලෙන් උස්සපුවා, ඇත්තටම ඔය ගොඩක් පොත් නිදහස් අද්යාපනේ නැති කාලේ අපේ අම්මලාගේ පවුලේ 9 දෙනෙකුගේ පොත් සෙට් එකක්, ගමේ ගියාම පොත 10ක් වත් උස්සන් එනවා. ඒ අතරේ මට ලඟදි ලැබුනේ relatives and disciples of the Buddha ථේර ථේරී ගතා සඳහන් ඉංග්‍රීසි පොතක් රාධිකා අබේසේකර කියලා කෙනෙක්ගේ,

    ඊළඟට මන් ගැටයා කලේ කියවපු ආසම පොත ටීල් දුපතේ අබිරහස (the famous five) එකේ සිංහල පරිවර්තනය, ටාසන් පොත්, මල්ගුඩියේ දවසක්, වගේ ඒවා මතකයි, ඒවගේම ෂර්ලොක් හෝම්ස් පිස්සුව තාමත් තියෙනවනේ, මාර්ටින් වික්‍රම සිංහ මතත්යගේ මඩොල් දුව, අපේ ගම ඒ අතර විශේෂයි.

    සෝවියට් කතා වලින් තියෙන්නේ මැක්සිම් ගෝර්කි ලියපු අම්මා, කමකට නැති එකෙකුගේ ජීවිතය (the life of a useless man), මගේ සරසවි, ඒ වගේම දොස්තයෙව්ස්කිගේ අපරාධය හා දඬුවම තමා සිත් ගත්තේ.

    මනෝ විද්‍යා පොත් පිස්සුව නිසාම කන්නිමහර සුමංගල හාමුදුරුවොන්ගේ සංසාර මන්දිර, ඊළඟට තව සයිකෝ පොත් සෙට් එකේ පිටසක්වල ජීවයක් පවතීද, සඳ ගමන ඇත්තක්ද, ඊළඟට ආතර් සී ක්ලාක් මහත්තයාගේ පොත් වගේ පොත් තමා.

    එඩ්ගාර් ඇලන් පොගේ කතා ගත්තම රන් කුරුමිණියා විශේෂයි ඒ වගේම හර්ද සාක්කියේ කා මොර දීම, අමොන්ටිල්ලාඩෝ වයින් ලේගරය, මගේ සිත් ගත්තේ වයින් කතාව. එකේ තියෙන කතාව නම් සුපිරි.

    තව නම් ගම හා කියවපු කාල වකවානු අමතක පොත් වෙනුවෙන් සමාව බජනය කරනවා

    ReplyDelete
    Replies
    1. ආ අමතකම කරන්න බෑනේ කාම සුත්තරේ :D

      Delete
    2. gal gahaddi ansaka 45 ta gahanna hodee.... :P .........

      Delete
  51. අර කීප දෙනෙක්ම කිව්වා වගේ, ආඩම්බරකාර ලොකු තාත්තාගේ “ **** චින්තනය“ තමයි මගේ ආසම පොත් වලින් එකක්. කියවලා ඉවර වෙනකොට තුන් හතර පාරක් කලන්තේ දාලා වැටෙනවා ආශ්චර්්‍යය දරා ගන්න බැරිව....

    ReplyDelete
  52. Amatha karannaepa obe paudgalika pusthakalaye thibiyauthuma potha "MINDA CHINTHNAYA" "Baron Manchosan"ge katha sihiwenawa./wishmaya/kopaya/shokaya/Hasya/ekama pothakin Wishwa sahithyata apen.(ranjan)

    ReplyDelete
  53. මාතලන් මචං...
    අර බැංකු පොත ගැන කියපුවාම ආයෙමත් පොඩි කාලේ මතක් වුණා. මටත් තිබුණා මුද්දර අලවන බැංකු පොතක්... තාම මං ළග තියෙනවා. තැපැල් කන්තෝරුවේ තමයි සල්ලි දැම්මේ... පොඩි කාලෙට ආයෙම ගියා වගේ මචං.... අනේ ඒ සුන්දර කාලේ ආයෙම ලබන්න මැරිලා ම ඉපදෙන්න එපැයි. ඒත් ආයෙම එහෙම ළමා වියක් ගන්න බැහැනේ...........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න