.

.

Aug 1, 2014

කරවල කිරි හොදි, අමිතාබ් බච්චන් සහ ඔරේන් ජන් බාලි- Orange Barley, Amithabh Bachchan & Dry Fish Curry


ඔරේන්ජන් බාලී කථා වස්තුව .

කලින් බෙදපු ඔරෙන්ජන් බාලී..

අද වෙලා තියෙන්නේ අසන්නන්ගේ ඉල්ලිම් ඉටු කරන්න. "බූරු බබා" ගෙනුයි, "බස්සි"ගෙනුයි බේරෙන්න බෑ ඔරේන්ජන් බාලි ඉල්ලලා. කෙල්ලෝ කොච්චර ආසද කියලා හිතා ගන්න පුළුවන්, අපේ නෝනලා මේකට අදත් ආදරේ කරන විදිය දැක්කාම. නෝනා මොකක්ද? අම්මට හොඳටෝම වයසයි. සීනිත් එකසිය ගානට. ඒත් ඔරෙන්ජන් බාර්ලි ගෙනාවොත් හොරෙන් බොනවා කියලා තාත්තා කිව්වා.

මේ ඔරෙන් ජන් බාලි ඉස්සෙලම මතක් උනේ, "බූරූ බබා"ට. එතන කොමෙන්ට්ස් වල, ලියන්න ඕන ඔක්කෝම වගේ ලිය උනා. ඒත් ඉතින් මම ඕක සම්බන්ධ කර ගත්තේ මළ ගෙදරට නේ. අන්තීමට උනේ ඔරේන් ජන් බාලි ලිවිල්ල පැත්තක තියෙද්දි, වෙන මළදාන ලියවුනු එක.

ඇත්තටම අපේ පොඩි කාලේ, අම්මට සිරි ලංකාව, මේ වගේ ඊස්ට්මන් වර්ණ නෑ. හවුස් පුල් වෙලා බොක්ස් ඔපීස් රැකෝඩ් තියපු ගාමිනී මාලනී, විජේ මාලනී සෝ හිටන්, බ්ලැක් ඇන්ඩ් වයිට්. ඊස්ට්මන්ට් කලර් බලන්න නම් ඉන්ගිරිස් හරි හින්දි හරි එකක් බලන්න ඕන. මට මතකයි ඔය "ඇම්පයර්" හෝල් එකේ "අභිමාන්" අවුරුදු එකහමාරක් විතර දිව්වා.

"අමිතාබ් බච්චන්", "ජායා බහදුරි". පට්ට සින්දු සෙට් එක ඕං ඈ. අන්න ලව් ඉස්ටෝරි. ජයා අඬන කොට, හෝල් එකම අඬනවා.  ඕන එකෙක්ට තනි ඇහැට ඇඬෙනවා. එත කොට අපි හිච්චි ඈයෝ. ඒ කාලේ ජයාට ලව් කරපු අමිතාබ් අන්කල්, අන්තීමට අපේ කෑලී වෙච්ච "ශ්‍රී දේවී"ලාටත් ලව් කලා. ඒ විතරක්ය, නාකි විසේ ගෙටත් උසේ කිව්වැහේ, "තාඹූ" එක්කත් සෝ එකක ලව් කලාද කොහෙද.

ඔය අමිතාබ්ගේ සැබෑ නොවුනු ආදර කතාවකුත් තියෙනවා. ඒක ප්‍රසිද්ධ රහසක්. ජයා බහදුරි විතරක් නෙමෙයි, මුළු ඉන්දියාවම ඒ කතාව දන්නවා. ඒ අමිතාබ් රේඛා ආදර අන්දරය. ඒ ආදරය අදටත් එහෙමමයි කියලයි හැමෝම කියන්නේ. රේඛටත් පිස්සු. ඊට පස්සෙ කොච්චර නම් හැන්ඩි කොල්ලෝ ආවද. ඒත් ඉතින් වෙන වෙන ඒවා තියෙනවද කියලා, කව්ද දන්නේ අනේ. ඕන් ඉතින් පඳුරු වටේ යනවා ආයේ අපේ කතාවට එමුකෝ..


ඕන් ඉතින් ඒ කාළේ හැම දෙයක්ම බ්ලැක් ඇන්ඩ් වයිට්. ජීවිතත් කළු සුදුයි. පැවත්මත් කළු සුදුයි. සමාජයත් කළු සුදුයි, බොහොම සරළයි. අඩුම ගානේ කළු සහ සුදු අතර, අළු පාටවත් තිබුනේ නෑ. හේතුව අපි ළිං මැඩියෝ වීම. ඒ කාළේ අපි ඔක්කෝම හිටියේ ළිඳ පතුලේ. අනේ මේක තමයි ළෝකේ. ටැලිවිසොන් නෑ. අන්තර්ජාල නෑ. මෙළෝ දෙයක් නෑ. වෛවර්ණ ඒවට තිබුනේ සෝවියට් සඟරාවයි. ඔය මොස් "කව්" කතන්දර පොත් වගේකුයි. ඒවත් ඉතින් දකින්න තිබුනේ බොහෝම කළාතුරකින්.

මළ ගෙයක් උනාමත් අද වගේ, ඒක මළ මගුලක් උනේ නෑ. බෞද්ධ මළ ගෙයක් නම් සුදු. ක්‍රිස්මස් නම් කළු. ඒ කාලේ බයිලා කියන කොට ගහන බයිලයක් තමයි, "රේල් පාරේ මම යන කොට, කළු කොඩි දාලා...., පස්ස හැරිලා බලන කොට, ජේසූ මැරිලා...." කියන බයිලේ. අනේ ඕක කිව්වා කියලා ක්‍රිස්මස් උන් වෙච්චි ටිරෝන්ලා, ෂේන්ලා, ඒඩ්‍රියන්ලා වලියට ආවේ නෑ. අද වගේ නම් හෙම, කුරුස යුද්ධය ආරම්බ වෙලා තමයි වැඩේ නවතින්නේ. මට පොඩි කාළේ මතක, අපේ "ගමේ" මල ගෙවල්. ගම ගාල්ලෙද?

ඔව් නේ.. තාත්තගේ ගම නේ මගේ ගම වෙන්නේ. තාත්තා සුන්දර උණවටුනෙ. මහරඹ. මම හිතන්නේ මේ ගැන කලින් ලිව්වා. කැළණියේ මළ ගෙවල් වලට අපිව එක්ක ගියේ නෑ. මේ කියන්නේ ඔරේන් ජන් බාලි බොන කළේ.. ඊට පස්සෙ ඉතින් මළ ගෙවල් යොයාගෙන යන කාළේ. ඒ ගල් ගහන කාළේ. කාක්කන්ට නෙමෙයි අනේ. අපි අපිටම ගල් වලින් ගහ ගන්නවා. අනික එ කාළේ කවුරුත් මැරුණෙත් නැද්ද කොහෙද අප්පා. ඉතින් ගමේ මරණයක් උන ගමන් අපි එහේ යනවා. අම්මලට දුක උනාට, මළ ගෙයක් කියන්නේ අපිට මගුල් ගෙයක්.

ඒ කාළේ මළ ගෙයක් උනාම, අද වගේ පංගු බේරුම් කරන්න, බජට් හදන්න ගියේ නෑ. ගමේ හැමෝම එකමුතු වෙලා, බොහොම අපූරුවට වැඩේ කෙරුණා. පස්සෙ තමයි බූදල් නඩුයි, ඉඩම් නඩුයි, අරවට මේවට ගාල්ලේ කච්චේරියට බඩ ගාන්නේ. අපේ එහෙම ගිය නඩුවක්, තාත්තා අත ඇරලම දැම්මා. ගාල්ලේ යාම එපා වෙලාම. ඕන එකෙක්, ඕන මළදානයක් කර ගත්තදෙන් කියලා. එයා කොහොමත්, මේ ආත්මෙම නිවන් දකින්න ඉන්න, වෙස්සන්තර අප්පුහාමි කෙනෙක්.

ඔය ගාල්ලේ කච්චේරියත් හරි අපූරු තැනක්. ඒක තියෙන්නේ ගාළු කොටුව ඇතුලේ. එතන තියෙන සුවිසල් රුක් වියන, ඒ වටේ තියෙන ගොඩනැගිලි වලට එළියක් ගේනවද? ගොඩනැගිලි ටික, රුක් වියනට එළියක් ගේනවද කියන එක කියන්න හරි අමාරුයි. ඒ ගැන කියන්න පුළුවන් ඔය කොටුව අතුලෙම ඉන්න මහා කවි, රත්න ශ්‍රී ටම තමයි. සමහර විට මේ වගේ සුන්දර පරිසරයකුත් උන්නැහේගේ නිර්මාණ වලට දායක වෙන්න ඇති. ගාළු කොටුව බලන්න ගිය වෙලාවක හොයාගෙනම බලන්නකෝ.

ගමේ මළ ගෙයක් උන ගමන්, අහල පහළ නෑයෝ වගේම, දුර බැහැර නෑයෝ හිටන් එනවා. ගමේ ගෑණු කූස්සිය අයිති කර ගන්නවා. ගැටිස්සියෝ ටික සංග්‍රහ කටයුතු. පොඩි කොල්ලන්ට ඉතින් සෙල්ලමම තමයි. සමහර වැඩි හිටියෝ නම්, සද්ද බද්ද වැඩි වෙනකොට, ඊට වැඩි සද්දයක් දාලා, රැහැයියන්ගේ සද්දේ නවත්තනවා. අනේ අම්මපා, ඒ කාළේ උන් අමධ්‍යප සංගම්වල හිටපු උන්ද මන්දා, අරක්කු නම් පැත්ත පලාතක තිබුන බවක් මතක නෑ. මගුල් ගෙවල් වලදි නම්, තාත්තලා කාමරේකට රිංගලා, හිනා වෙවි එනවා නම් දැකලා තියෙනවා.

මම ඉතින් නස්කූනියා නේ. දවසක් මම රිංගුවා ඔය කාමරේකට. සද්ද බද්දයක් නැතුව කරන වැඩේ මාට්ටු. එදා තමයි දැන ගත්තේ කාමරේ, වෙන්නේ මොකද කියලා. බැනුමකුත් අහගෙන එලියට ආවේ තාත්තා දීපූ කටල්ස් හතරක් පහකුත් අරගෙන. තාත්තා කවදාවත් මේවට බැන්නේ නෑ. බැන්නේ නෑයෝ. අද නම් කොහොමද? බිගත්ත උන් මළ ගේ පුරාම. කෑ ගහනවා, හූ තියනවා. විනාසයි. මට මතකයි. මම "ද ෆිනෑන්ස්" වැඩ කරන කාළේ, අපේ ලොක්කෙක් හිටියා, මිස්ටර් බණ්ඩාරනායක කියලා. එයාගේ අප්පොච්චි දිවිය ළොකේ ගියා කුරුණෑගලින්.

ඒ දවස් ටිකේ තමයි, මම දැකපු වැඩිම බේබද්දෝ සෙට් එක දැකලා තියෙන්නේ. ඇයි බ්‍රාන්චස් තිස් ගානක්. ඩිවිසොනුත් ඒ ගානම වගේ. කොහොමත් සැලින්කෝ එකේ හිටියෙ නම්, පට්ට බේබද්දෝ සෙට් එකක්. විශේෂයෙන් ද ෆිනෑන්ස් එකේ. එක සැරයක් යූනියන් මීටිමක් වෙලාවේ මොරටුවේ, "ඇක්වා පර්ල්" හෝටලේ කුඩු කරා. ඒකත් මරු කතාවක්. ඒක වෙන වෙලාවක කියන්නම්කෝ.

අවමගුල් ගෙදර ප්‍රධානම දෙයක් තමයි, යන එන අයට සංග්‍රහ කිරීම. අපේ මහ ගෙදර මට මතක පළවෙනි මරණේ තමයි, තාත්තගේ කුඩම්මගෙ මරණේ. ඒ ආච්චි මට හරි ආදරෙයි. මම නිසා තමයි තරහ වෙලා උන්න තාත්තා, ආයේ ගමේ යන්න එන්න පටන් ගත්තෙත්. උන්දා මලා කියලා මට පාන්ය. තාත්තටත් එච්චර අවුලක් නෑ වගේ. මට දැන් හීනෙන් හිටන් පේන්නේ ඔරේන්ජන් බාර්ලි.

ඔරේන් ජන් බාලී ගේන්නේ "කේස්". ලෑලි පටි පෙට්ටිවල. එකක බෝතල් බර ගානක් තිබුනා. පෙට්ටි ළොකුයි. ෆොරින් කකුල්, බර පොරවල් එහෙම මේවා ඉස්පොන්සර් කරණවා. මගේ ගානේ මෙච්චරයි අච්චරයි කියලා. ඒ කාළේ ඒවා මහා ළොකු ගනන් නෙමෙයි. අනේ ඒත් ඇයි මේවා අපේ ගෙවල් වලට නිතරම නොගෙනාවේ. අපි ගිය ජාතියේ පව් කරලා තියෙන්න ඇති, ඔරෙන් ජන් බාලි හැමදාම නොලැබෙන්න.

ඕක ළොකුවට ගේන උන්, වාහනේ ගෙනල්ලා, ගමේ උන්ට කියනවා, "ආන්... බීම කේස් වගයක් ඇති, බාගනිල්ලා....." කියලා. අපරාදේ කියන්නේ, ඒවම විතරක් නෙමෙයි ගේන්නේ. බිස්කට් පෙට්ටි, හොඳ කට්ටා කරවල කූරීයෙක්, වට්ටක්කා, අනිවාර්යයෙන් තියෙනවා. මළ ගේ තියෙනකම් මස් මාළු ගෙනාවේ නෑ. වට්ටක්කා ඩාන්ස් එක තමයි නැගලම ගියේ. වට්ටක්කා කිරට හින්දල. කරවල කිරි හොදි. කැකුළු හාල් බත්. ළුණූ සම්බලක් හරි, පොල් සම්බලක් හරි, අනිවාර්යයෙන් තිබුනා. අනේ ඉතින් දුකටත් එක්ක, අඹරනවා, සමනලයි, බෑන සමනලයි, කඳු දෙකම. අපරාදේ කියන්නේ අපේ උන්ට කන්න දෙනවනම්, ආයෙ ඉතින් වෙන මක්කත් ඕන නෑ. ඒත්, ඒ ඉස්සර... දැන් බොන්නත් දෙන්න එපාය.

(හුටා... "කරවල කිරි හොදි" කියපු ගමන් මතක් උනා මගේ ෆේවරිට්ම සින්දුවක්. ඔහේලා අහලා තියෙනවද මේක. පට්ට හොඳම එක.)


අර අපේ බ්ලැක් ඇන්ඩ් වයිට් ජීවිත වලට වගේම, සංවේගාප්ප්‍රාප්ත ඥාති හිතමිත්‍රාදින්ගේ ජීවීත එලිය කළේ, ඕන් ඔය ඔරේන් ජන් බාලි. දාඩිය පෙරාගෙන නටපු පොඩි උන්, එක තැනකට ගෙනාවේ ඔය ඔරේන් ජන් බාලී. වී අයී පී ලට ඊස්ට්මන් වර්ණයෙන්ම ඇල්ලුවේ, ඔය ඔරේන් ජන් බාලී. ඒ විතරක්ය. පාංශූකූලේටත්, සුදු රෙද්ද දාපු මේසෙට වෙලා, තොටළඟ තොරණ වගේ උන්නේ, ඔය ඔරේන් ජන් බාලි. පාශූකූලෙට වැඩ්ඩ පොඩි නමවල්, කෙල ගිල ගිල බවුන් වැඩුවේ ඕන් ඔය ඔරේන් ජන් බාලි දිහා බල බලා. "ආකාසඨ්ඨාඡ.. බුම්මඨ්ඨා..." කියන කොට, රස බල බලා උන්න අමුර්තේ විසි කරලා, දෙයියොත් බිව්වේ ඔය ඔරේන් ජන් බාලි.

සොහොනට ගිහින්, ගෙදරට ආවයින් පස්සෙ දෙන, වේදනා පිරි, මැලිබන් මාරි බිස්කට් කාලා. කට හෝද ගන්න උදව් උනෙත්, ඔය ඔරේන් ජන් බාලි. "අනේ මේ... මෙයාට එකක් හම්බ වෙලා නෑ...." කියලා. එයාට දෙන කොට, මෙයා ආයෙත් එකක් බිව්වේ ඔය ඔරේන් ජන් බාලි. බාල මහළු බේදයක් නැතිව, සිනා පිරි මූනවල් මැව්වේ, "එලිෆන්ට් හවුස්" ඔය ඔරේන් ජන් බාලි. ආයේ මොනවද, අද නෙස්කැෆේ වගේ, මැරිච්ච එකා ඇර, අනික් හැම එකාම ඇදලා ඇරියේ, ඕන් ඔය ඔරේන් ජන් බාලි.

ට්‍රේ එකේ තියාගෙන, ගැටිස්සියෝ ඕවා අරගෙන එන කොට, හැම එකාම ඇලුමිනියන් පුටු වල හරි බරි ගැහෙනවා. මළ ගෙදර අයගෙයි, ගමේ අයගෙයි, වං හුං දොඩවපු උන්ගේ මයික් වැහෙනවා. කන් අගුලු වැටෙනවා. කට කනට යනවා. සමහර පොඩි උන් ට්‍රේ එකට උස මදි. උන් ඇඟිලි වලින් ඉස්සිලා පාට සෙලෙක්ට් කරනවා. සම හරක් පොඩි උන්, අම්මලා ගාව ඇඹරෙනවා. ඒ තව එකක් බොන්න. පොඩි එකා නෙමෙයි, අහු උන චෑන්ස් එකෙන් අම්මත් ඇදලා අරිනවා.

සමහර ගෙවල් වල නම් වීදුරු කෝප්ප වලට, වක්කරලමයි මයි දුන්නේ. මේ කෝප්ප ගොඩක් වෙලාවට පොඩි ඒවා. හ්ම්... ඔය මල් මල් පිරිච්ච, මගුල් ගෙවල් වලට බ්‍රවුන් පේපරේ ඔතලා ගිනිහින් දෙන, වීදූරු හය තමයි. කැබිනට් වලටම වෙලා, දූවිලී බිබි ඉන්න ඔය මල් මල් වීදුරු වලට, එයාලගේ ආඩම්බරේ පෙන්නන්න පුළුවන් ඔය වෙලාවට විතරයි. සමහර උන් වස් දොස් යන්න, එකක් දෙකක් කුඩු කරලත් යනවා.සමහර ගෙවල් වල වී අයි පී ලට, බෝතල් දෙක තුනක පියන ඕපන් කරලා, හිස් වීදුරුත් එක්ක අල්ලනවා.

එතකොට කැමති එකක් දාගෙන බොන්න පුළුවන්. තාත්තගේ කුඩම්මගේ මරණෙ නම්, මම බෝතල් පිටින් බිව්වේ. මරු මූස් නිසා, එකෙක්වත් මොකුත් කියන්න ආවේ නෑ. හැබයි තනියෙන් බිව්වේ නෑ. බෙදා හදාගෙන බිව්වේ. ගමේ කොල්ලෝ සෙට් එකම මගේ වටේ. සීයා නම් බොරයක් ඇද්දා. ඒත් තාත්තා ෂේප් කලා.

අනික් පට්ටම වැඩේ තමයි, ඕවා බොන කොට, මූනට වදින ඉස්ප්‍රේ එක. ඉතින් කෝප්පෙ ඇතුලට මූණ ඔබන්න ෆුල් ට්‍රයි. හීන්නික් කිතර බෝල බෝල උඩට පාවෙලා ඇවිත්, උඩදි උපුරනවා. අපූරු සද්දෙකුත් එක්ක. ඒ කාළේ ඔය සද්දෙට ආසා වගේම මම අද ආස මික්ස් ග්‍රිල් එකක් ගේන වෙලාවට ඩිෂ් එකෙන් එන සද්දෙට.

ඕවයේ කොල්ලෝ කැමති රතු පාට ඔරේන්ජන් බාර්ලි එක. ඒ නෙක්ටෝ... ගමේ උන් කිව්වේ නැක්ටෝ කියලා. කෙල්ලො නම් ආස ඔරේන්ජන් බාර්ලි. කොල්ලෝ නැක්ටෝ බීලා, කට වල් රතු කර ගෙන උන්නේ, මළ ගෙවල් වල අනිවාර්යයෙන් තිබුන, බුලත් හෙප්පුවෙන් බුලත් කාපු, ගීලීමලේ සෙට් එක වගේමයි. ඔය බුලත්ම, හාන්දුරුවෝ අඹරන කොට, දැහැත් විට වෙනවා. බලහල්ලකෝ ඒකෙත් හැටි නේ.

ඔය ඔක්කෝටම ඔරේන්ජන් බාර්ලියෙයි කිව්වට, ඒවට වෙන වෙනම නම් තිබුනා. ඒවත් අරගෙන එන්නම් ඊළඟ එකෙන්.

බාර් ඇසෝෂේශන් සමාජිකයින්ට පමණයි - ගල් එක්ක ඔරේන්ජ් ක්‍රෂ් බීලා තියෙනවද..?

141 comments:

  1. බාර්ලි කියන්නේ ලෝකෙ පළමුවෙන්ම වගාකරපු බෝගයක්නෙ තිරිගු එක්ක. ඉස්සරනම් අපේ අම්මල බාර්ලි තම්බල සීනි දාලා බෙන්න දෙනවා. දැන් ලමයි බාර්ලි රහ දන්නෙත් නැතිව ඇති. ඕකෙම දොඩම් මිශ්ර කල වර්ෂන් එක තමා මයෙ හිතේ ඔරෙංජං බාලි. බොහොම අගෙයි, ස්තුතියි, හැත්තෑව අසූව දශකවල සුන්දර මතකයන්ට අපිව නැවත ගෙනයාම ගැන. බොලාත් නැත්තං එවත් වැලලිලා යනව. ජයවේවා කිව්වා....

    ReplyDelete
    Replies
    1. දැං බාර්ලි ඇට හොයාගන්න සෑහෙන්න අමාරුයි. ඒවත් දැං එන්නෙ කුඩු කරල පැකට් කරල. තම්බල ගන්න ඒව වගේ මේවයෙ මෙළෝ රහක් නෑ.

      Delete
    2. බාර්ලි තම්බපු විදුරුවක් දවල්ට බොන එක අදටත් මගෙ සිරිතක් ...හැබැයි සීනි නැතිව...

      Delete
    3. ප්‍රසා.... බාර්ලි ඇට නැහැ.... පුදුම ලංකාවක් නෙ යකෝ.....

      Delete
    4. බාර්ලි කියන්නේ තවමත් ප්‍රධාන වගාවක් තමයි. ලෝකයේ බොහෝ රටවල තාම බාර්ලි කනවා. යුරෝපයේ නම් බහුලවම භාවිතා වෙනවා.
      ඒත් බාර්ලි තම්බලා මොන ක්‍රමයක් නම් මෙහේ නෑ. අපි බහුලවම භාවිතා කරන්නේ සුප්, කෝල්ඩ් සැලඩ්ස් වගේ ඒවට.
      මම කලින් ලියපු ඔරේන්ජ් බාර්ලි කතාවෙදි කවුරු හරි කියලා තිබුනා මේ බීම බාර්ලි එක්ක සම්බන්දයක් නෑ කියලා.

      Delete
    5. vප්‍රසා හොඳටම ෂුවර් ද? මම අවුරුද්දකට වගේ උඩදිත් වතාවක් කාගිල්ස් එකකින් හරි ලාෆ්ස් එකකින් හරි ගත්තා බාර්ලි ඇට. අනික් ඇට පැකට් තියන තැන් වලමයි තිබුනේ.

      ඔරේන්ජ් බාර්ලි කියලා ඇත්තටම බීමක් තියෙනවා. කාබනේටඩ් එකක් නෙවෙයි.

      Delete
    6. ඇනෝ, ලංකාවේ තියෙන්නේ ඕක නෙමෙයිනේ. යූ කේ වර්ශන් එක ඒ කාලේ ලංකාවට යන්න ඇති මම කිව්වෙ සුද්දාගේ කාලේ. පස්සේ බාර්ලි නැතිව කාබනේට් විතරක් වෙන්න ඇති...

      Delete
    7. රංගි මමත් කිව්වේ මේ බාර්ලි ඇටයක් වත් නැති සීන් එකකට ඔරෙන්ජන් බාර්ලි නම එන්න ඇත්තේ කවද හරි මේ වර්ෂන් එක ලංකාවෙ තියෙන්න ඇති.

      Delete
    8. @ ඇනෝ, කාගීල්ස්, ලාෆ්ස් වගේ ඒවයෙ තියෙනවද කියලනං මම බලල නෑ. ඒත් ඉස්සර මේ පැත්තෙ හැම සිල්ලර කඩේකම (අපේ කඩෙත් ඇතුලත්ව) බාර්ලි ඇට විකුණන්න තිබ්බ. දැං එහෙම කඩවල හොයාගන්න නැති එකයි මම කිවුවෙ.

      Delete
    9. ඕකෙ රොඩ්ඩ දෙනවා අපි වගේ ඩෑල් වලට කන්ඩ :D

      Delete
    10. මචන් ඕක ඉල්ලුම සැපයුම ප්‍රශ්නයක් නේද? අපි පුංචි කාලෙ ගෙවල් වල නිතර බාර්ලි තම්බලා බොනවා, දැන් එහෙම වැඩිය බොන්නෙ නෑ. ඉතින් කඩ කාරයන්ට ස්ටොක් කරන එක පාඩු ඇති. මට මතකයි ඒ කාලෙ තරමක් හොඳ කඩයක් නම් බාර්ලි විතරක් නෙවෙයි කොල්ලු උඳු වගේ ඒවත් තිබුනා.

      බාර්ලි තම්බලා බොන එක තාමත් සිංගප්පූරුවෙ කෝපි කඩ වල නම් කෙරෙනවා ඔය නාකි ඩයල් ඕපදූප වලට දාං අදින්න සෙට් වෙන කෝපි කඩ (kopitiam) තාම එහෙ තියනවා.

      Delete
    11. @ Anonymous උඹ හරි මචං ...සිංග/මැලේ ස්ට්‍රීට් රෙස්ටෝ වල ඇට ටිකක් සමග තම්බපු වතුර කප් තිබෙනව රස්නෙන්....
      ළමයි නොබොන නිසා සුප් වලට /සලාද වලට මුහු කරනව .....
      ගම වල කඩවල බාර්ලි ...උදු නැතිවුනාට.... කොල්ලු නම් ඔසේට ඇති මයෙ හිතේ...
      පොස්ටිනොර් ගන්න බැරි අයට .....ලාබයි ,,,ගුණයි ...පලදායකයි කියල දේශා දවසක් කීව වගේ මතකයි...

      Delete
    12. මේ ඩ්‍රින්ක් එකට මම හිතන්නේ බාර්ලි වල සම්බන්ධයක් නෑ.

      Delete
    13. ඔය රොබින්සන් ඔරෙන්ජ් බාර්ලි එකේ බාර්ලි පොඩි පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒක ලෙමන් ෆ්ලේවර් එකත් තියෙනවා. වතුර එක්ක කලවම් කර බොන නිසා...අපේ එකට වඩා බොහෝ වෙනස්.

      මට ලංකාවෙන් හම්බවුනා බාර්ලි කුඩු පැකට් එකක්. ඒක මරු. උනු කිරි හෝ උනු වතුරට මික්ස් කරන්න තියෙන්නේ. බාර්ලි ඇට නම් එක එක මස් ස්ටූ හදන කොට දාන්නත් පුළුවන්. කරිවලටත් වරදක් නැහැ.

      Delete
  2. ගල් වලට ඔරේන්ඡ් ක්‍රෂ්, නෙක්ටෝ, පොටෙලෝ සැන්ඞි කරලා බොනකොට බාර් එකේ අනිත් එවුන් අපි දිහා බැලුවේ කින්ඞියට..හුරේ මාතලන් අයියන්ඞිත් දැන් අපේ ගැන්සියේ.

    ReplyDelete
    Replies
    1. ජය වේවා… අපිට ඉස්සර ෂැන්ටින් කරල බෝතලෙයි කැහිකූරුයි රුපියල් පහේ කඩල පැකටුයි ගත්තම ගත්තම සැන්ඩි ගන්ඩ සල්ලි මදි .. බඩගානවා තැඹිලි ගහකට …
      අන්න ආතල් !!
      රජවරුවැව් හැදුවෙ කුඹුරු කොරන්ඩ..

      වැව් බන්ට් හැදුවෙ අපිට බොන්ඩ.… නැද්ද මචෝ.

      Delete
    2. හැබැයි බීලා වැවේ නානවා එහෙම නෙවෙයි.

      Delete
    3. සහතික ඇත්ත කතාව ආං ඒක විචාරක තුමා.. පොසොන් කාලෙට අනුරාධපුර වැව් ටිකේ කොල්ලො කීදෙනෙක් නං මැරිල යනවද නිරපරාදෙ වැඩ පෙන්නන්න ගිහින්...
      හොඳක් කියන්නත් බෑ ඇඟට එනවනෙ.. චන්ඩි සූ ගාලා :D

      Delete
    4. ගල් වලට තව නැගලා යන එකක් තමයි, ඉස්මැක් මික්ස්ෆෘට් එක.

      Delete
    5. අරක්කු& ගින්ජර් බියරුත් මරු බං. ඕක මම කොක්ටේල් එකක් කරා හෝටලයක ඉන්න කොට. ඒ කතාව පස්සට.

      Delete
  3. ඒ කාලෙ ඔරෙංජ් බාර්ලි ලී කේස් වල ආවට දැං එන්නෙ ප්ලාස්ටික් ක්‍රේට්ස් වල. නැක්ටෝ කියන්නෙ ඒ කාලෙ ඉඳල අද වෙනකල්ම මගේ ප්‍රියතම බීමක් තමයි. අලිය කොම්පැනිය මළගවෙල් හින්දම පෝසත් වෙන්න ඇති ඒ කාලෙ.
    ඔය මගුල් ගෙවල් වල අර කාමරේ සීන් එකනං ඒ කාලෙ මටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බ එකක්. දැංනං මතට තිත හින්ද ෆුල් ඕපන් වැඩේ කරනව මිසක්ක හංගගෙන කරන්න දෙයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කොල්ලො සෙට් එක එක්ක රාජගිරියෙ හේවාවිතාරණ ග්‍රවුන්ඩ් එක අයිනක් අල්ලල ..සුස්ති 4ක් 5ක් අදිනව නෙක්ටෝ .....මස්කට් එහෙම බිබී....කමින්....

      Delete
    2. නෙක්ටෝ තමයි මගෙත් ගෑනිගෙත් එදා මෙදා තුර ප්‍රියතම කාබනේටඩ් බීම. අනික පෝටෙලෝ.

      ගොඩක් ඔය ජෑම්පාස් හදන තැන් වල ලෝස් නැතුව ජෑම් කියල දාන එක ගානෙ හැටියට ජෑම් වෙන්න අමාරුයි නේද? මට හිතෙන්නෙ ඒකෙ රස බැලුවම ඒකෙත් නෙක්ටෝ වලට මොකක් හරි සම්බන්දයක් තියෙනව කියලා.

      Delete
    3. මේක හරි කෙලියක්නෙ යකෝ. උඹ මේ පෝස්ට් එකේ තිබ්බ දැක්කද "හතරට කිට්ටුයි. ආයි දොඩං බිව්ව. බඩගින්නට කන්න පැණි රහ දොදොලුයි අලි ආනමාලු කෙසෙලුයි ගත්ත. බොන්න ක්‍රීම් සෝඩයි නෙක්ටොයි" කියල. ඒ මට ක්‍රීම් සෝඩ, නෙක්ටො උන්දැට. බලනකොට කොයි ගෑණිත් එකයි සුමනෙ අලිය බීමට වගේ!

      නෙක්ටො වලට සම්භන්ධයක් ත්තෙ කොහොමද මන්ද, ඒත් ගොඩක් බේකරි කාරයො ඔය ජෑම් ගන්නෙ රාජගිරියෙ බුත්ගමුව පරෙ තියෙන ඇටදිරාස් ෆැකටරියෙන් කිලෝ ගානට. අපිත් ඉස්සර බෞද්ධ සම්මේලනේ උත්සව වලට මල ගෙවල් වලට පාන් වල ජෑම් ගාන්න, බීම දෙන්න බඩු ගත්තෙ ඔතනින්. ජෑම් බෝතල් දහයක බඩු කඩේ එක බෝතලේ ගානට ගතෑකි.

      Delete
    4. ජෑම් ගාපු පාන් වලටද ජෑම්පාස් කියන්නේ? මම හිතුවේ එහෙම ඒවා කන්න තිබුනේ ගෙදරදි විතරයි කියලා.
      දිවුල් ජෑම් කිස්ට් බෝතලෙයි පාන්ගෙඩියයි අම්මෝ.... ඒවා කඩේ තියෙනවද කියලා හොයලා බලන්න වටිනවා.

      Delete
    5. නෑ බං ජෑම් පාන් කියන්නෙ අර බේකරිවල තියෙන අඬහඳ වගේ බනිස, මැද ජෑම් තියෙන.

      Delete
    6. ආ. එහෙම එකක් ලාවට ලාවට වගේ මතකයි.
      ඒ වගේද බල මාළු මැල්ලුම්....
      හුහ්...... ජීවිතේටම එකයි.

      Delete
    7. සිරාවට මේ ගෑනු පෙරේත දේවල් වල සමාජ පැටර්න් ගැන වෙනම පීඑච්ඩී තීසිස් එකක් කරන්න පුලුවන් කාට හරි. අනික දොල දුක් කෑමත් මගෙ හිතේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා.

      එහෙනම් නෙක්ටො හදන ෆ්ලේවර් එකම වෙන්න ඇති ජෑම් වලටත් දාන්නෙ. මොකක් උනත් අමු ම අමු කෙමිකල් එකක් කියල ෂුවර්. මට නම් ඒ ජෑම් එක රසයි ඔතෙන්ටික් පලතුරු ඒවට වඩා :P

      ඔය ඔක්කොම බීම මොකක් හරි පලතුරක් ආදර්ශෙට අරන් නෙ හැදුවෙ - මම හිතන්නෙ නෙක්ටෝ ආවෙ නෙක්ටරින් වලින් වෙන්න ඕනා - ඒත් රසේ නම් ලොකුම සමාන කමක් නෑ. පෝටෙලෝ වගෙ තමයි.

      ලයිම් ක්‍රෂ් වලට නම් මුලු ලංකා ඉතිහාසෙටම තිබුනෙ මගෙ හිතේ අර කකා කියල තියන ෆන්ක්ෂන් එක විතරයි.

      Delete
    8. එලිපන්ට් හවුස් සයිට් එකේනං තියෙන්නෙ නෙක්ටෝ වලින් එන්නෙ රාස්ප්බෙරි රස කියලයි.

      Delete
    9. අම්මට හුඩු එහෙමත් එකක්ද තැන්කිව් මචෝ. මොක වුනත් "කෙමිකල් රස" කියන්න බැරි කමට දාපු එකක් තමා.

      Delete
    10. මචං, ඕකෙ පැණි රසය නිසා නෙක්ටා වචනෙන් නෙක්ටො හදා ගන්නැති කියලයි මට හිතුනෙ. පෝටෙලො කියන්නෙ නෙක්ටො වලට ගේමට දාපු එකක් කියලයි මම හිතන්නෙ. ඒත් නෙක්ටො රස පෝටෙලෝ තරන් නෑ.

      ප්‍රසා, කවුද බං රාස්බෙරි රස දන්නෙ, ඒ නිසා හොඳයි.

      ඔය අලිය බීම ගැන මගේ හිත කම්පා කරපු ප්‍රවෘතියක් ලඟදි දැක්ක. ඒ තමයි සුන්දර අලිය ව්ටරවුම සහිත සියවසකට වඩා කොම්පඥ්ඥ වීදියෙ තිබ්බ සිලෝන් කෝල්ඩ් ස්ටෝර් එක එතනින් ගලෝල වෙන දිහාවකට ගෙනිහින් කියල. මාතලං, වැඩේ ඇත්තද? විචාරක දන්නව ඇති, ඔය ආමි හෙඩ්ක්වටර්ස් ඔෆිස මෙස් එකේ ගහද්දි බේරෙ එහා පැත්තෙ සීසීසී එක තමා පේන්නෙ. දැන් මෙස් එකත් නෑ, සී සී සී එකත් නෑ!

      Delete
    11. ඉස්සර ජෑම් වගේ රෝසපාට මොකද්ද එකක් ආව තමා ජෑම්පාන් ඇතුලෙ.. අර රෝසපාට පොල්කුඩුත් තියන ඒවා තියනව නේ ?? අපේ පැතිවල ජෑම්පාන් ඇතුලේ ඒවත් තිබුණා ..

      Delete
    12. ඒ පැත්ත පලාතම ඉවරයි. මම ඉස්කෝලේ යන කාලේ ඔය හමුදා මූලස්ථානය මැදින් පාරේ බස් වැඩ කරා. මිනිස්සු බස් එකේ ගිහින් 'හමුදා රෝහල ගාව' කියලා බස් ඒකෙන් බැස්සා.

      අද ඔක්කොම විකුනලා චීනෙට. චී...................නය.

      Delete
    13. // හමුදා මූලස්ථානය මැදින් පාරේ බස් වැඩ කරා// ඕකෙ නම බාලදක්ෂ මාවත නේද? අපිනං දන්න කාලෙ ඉඳන් ඔය අලිය රවුම ගාව බැහැල නම ගම ලියල දීල පයිම්ම ඉස්පිරිතාලෙට ගියා. පස්සෙ බස් එකක් දාල, ආරක්ෂාව තද කරාම අල්ලල දැම්ම එහෙ යන එක.

      Delete
    14. බේරෙ වතුර ඇවිත් අර බේසමෙන් මුහුදට වතුර වැටෙන ලගින් ගිය පාර නේද විචාරක තුමා....
      කලක් ඒ අසල නයිට් බසාර් කියල එකක් තිබ්බද.... මචං ... අම්බට උඩු පියතුමා වගේ කෙනෙකුට මචං කියවුනා....

      Delete
    15. පත්තරේ ඒ ජෑම් පැණිපොල් හයිබ්‍රිඩ් එකත් මම කාල තියනවා, ඔරිජිනල් පැණි පොල් වර්ෂන් එකකුත් තියෙනව නේද. මොන හේතුවකට හරි හයිබ්‍රිඩ් එක හදන උන් තමයි ලොකුම කුණා ලා.

      Delete
    16. හා හා ඇනෝ මචං ඒකනං ඇත්ත.. උං තමා ලෝක කුණාලා …අන්තිම අඩුම එක ඒක වෙන්ඩැති... මට අහුවෙලා තියෙනවා ලා කොල පාටයි රෝස පාටයි.. කුකුල්සායං ද දන්නෙත් නෑ දාන්නෙ :D පොල්පැණි එකනං රහයි ඇත්‍තටම. අර ලැවරිය එකේ මැද්දට දාන එකම තමා නේ.

      මං චූට්ටං කාලෙ අපේ ගමේ පාරෙ යනව මචෝ බයිසිකල් එකකින් මනුස්සයෙක්.. කඩවල් වලට දාන්නෙ පාන් බනිස්.. එයාගෙ ලොකු ලී පෙට්ටියෙ උඩ පියන තමා ඉටිකොළයක් දාල වටේට බයිසිකල් ටියුබ් එක.. හරියට හතර වෙද්දි මං ගෙදර කාගෙන් හරි කීයක් හරි කඩාගෙන පාරට පැනල කොහොමහරි මනුස්සයගෙ ගමන නවත්තල මොකක් හරිම ඒකෙන් ගන්ඩ ඕනැ. ඒකම කඩෙන් ගත්‍තට ඒ ජොලිය නෑ :D

      Delete
    17. @ Kenji. නයිට් බසාර් එකක් තිබ්බ මචං. අපිත් ඒ කාලේ ඉඳලා හිටලා සැට් වෙලා අම්බානක සොමියක් ගත්තා. ආමි මෙස් එකෙන් බඩු, නයිට් බසාර් එකෙන් බයිට්. මල් හතයි මචං.

      Delete
    18. විචාරක, දියතලාවේ යන්ට කලියෙන් තිබිච්ච කඩුලු පනින්ට ඉස්සරලාම ආව දවසේ මිලිටරි හොස්පිටල් එකයි ස්කවුට් හෙඩ්කුවාටර්ස් අතරේ අරලිය ගස් ගොන්න ලඟ තිබුන හෝල්ට් එකෙන් බැහැලා පයින් ආවේ ආමි හෙඩ්කුවාටර්ස් වලට. ඒ පාර හරිම ලස්සනයි ඒ කාලෙ. එලිෆන්ට් හවුස් එකේ රෙස්ටුරන්ට් එකකුත් තිබුනා. පස්සේ සීෆුඩ් රෙස්ටුරන්ට් එකක් ආවා වගේ මතකයි.

      Delete
    19. එලිෆන්ට් හවුස් එකේ රෙස්ටුරන්ට් එක Fountain Cafe

      Delete
    20. සුනිල් අයියා කියන්නේ මතට තිත තියන්න බොන්න කොත්ත මල්ලී කියලා.. ෆවුන්ටන් කැෆේ එක ගැන ඊළඟ එකෙන්..

      Delete
  4. මං අභිමාන් ඩීවීඩී එකක් බැලුවා ලඟඳී. ඔවුන් දෙදෙනා එකතු කළේ ද සංගීතයයි වෙන් කළේ ද සංගීතයයි.ඒක එච්චර කඳුලු කතාවක් නොවෙයි.

    ඇම්පයර් එකේ අවුරුදු ගානක් දිව්වේ ගීත් නේද?

    ReplyDelete
    Replies
    1. දෙකම ඒකෙ නේද.....?
      මුලින් ගීත් ....ඉන් පස්සෙ අභිමාන් නෙමේද.....?
      නෙරංජ & විචාරක තුමා ටක්කෙටම දනනවා .....
      එකතු කලේද/වෙන් කලේද සංගීතයයි කියා රේඩියෝවෙ කිව්වෙ ගීත් එකට නෙමේද....?

      Delete
    2. @ Kenji:
      සොඳුර මට සමාවන්න මා ඔබට ද්‍රෝහි වූවා නොවේ... පියෙකු නති දරුවෙකුට පියෙක් වූවා පමනි ... ඔන්න ඔය වගේ ලයින් එකක්... තිස්ස අබේසේකර ද කොහෙද ලියාපු...

      Delete
    3. මට මතක හැටියට ඔය ප්‍රචාරක වැකි ලිව්වේ සහ කිව්වේ බණ්ඩාර විජේතුංග. ඔහු පසුව මිය ගියා.

      මා බලපු අභිමාන් පිටපතේ කතාව තමයි ප්‍රසිද්ධ ගායකයෙකු පසුව විවාහවෙන තම බිරිද තමන්ට වඩා ජනප්‍ර්‍රිය ගායිකාවක් වෙනු දකින කොට ඇතිවන පවුල් අවුල. මං හිතුවේ එක් කළේද, වෙන් කළේද සංගීතයයි කියන වාක්‍යය ඒකට ගැලපෙනවා කියායි.

      මේ කියන කාලේ අපි සෑහෙන්න පොඩි ළමයි නිසා මතකය නිවරදි නැති විය හැකියි.

      Delete
    4. හරියට හරි. බණ්ඩාර කේ විජේතුංග තමයි. ඔහුගේ ගැඹුරු කටහඬින් මේ වගේ චිත්‍රපටි ගැන විනාඩි 15 ගුවන්විදුලි වෙළඳ වැඩසටහන් කළා මතකද?

      Delete
    5. ඔය ගොඩක් "උධෘත" ලිව්වෙ සෝමපාල ලීලානන්ද. මොකද මනුස්සය තමයි චිත්‍රපටි බොහොමයක ප්‍රචාරණය භාරව හිටියෙ. කිව්වෙ බන්ඩාර කේ විජේතුංග. ඔය විචාරක කිඅන වැඩ සටහන නිසාම ගීත්, ෂෝලෙ වගේ ෆිල්ම් බලන්න ආස හිතුනයි කියල බන්දුල නානායක්කාරවසම් දවසක් මනුස්සයගෙ "රෑ ඉර පානෙදි" කිව්ව.

      Delete
    6. කඳුළු කතාවක් නෙමෙයි උනත් අපේ අය හරි ආසයි පොඩ්ඩ ඇත්නම් අඬන්න... ඕකේ තෙරේ මේරේ සින්දුව කියන කොට ඔක්කෝම අඬනවා මට මතක හැටියට සෝ එක ඉවර වෙන්නේ ඒ සින්දුවෙන්ද කොහෙද..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔරේන්ජං බාර්ලි, නෙක්ටෝ සහ ලෙමන් ක්‍රෂ් නැතුවම බැරි පානයක්. ඊට පසේ ආවා නෙල්ලි ක්‍රෂ් එක. අපේ උන්දැ තාමත් නෙක්ටෝ දැක්කම මැරෙන්ට හදනව එකක් ගෙනත් බොනකං . උඹට මතකද මචෝ මූඩි එකතුකරන හැටි. ඒකාලේ මූඩි එකතුකරලා වචන හදලා යවන කම්පෙටිෂන් තියෙනවා නිතරම. පාර අයිනේ සරු වත් කාරයෝ ලඟ අලියා බෝතල් පේලියට තියලා තියෙනවා. සරුවත් කාරයා 'සාආආආඅරුවාආආආආආත්' කියලා ඕපනර් එක බෝතල් හරහා අදිනවා ' ට්‍රීං' ගාලා කන කීං ගාන්ට

    ReplyDelete
    Replies
    1. බෝතල් මූඩියේ යට පැත්තේ පොරොප්ප මැටීරියල් එකෙන් සාදා තිබුණු කෑල්ල ගලවා මූඩිය බැජ් එකක් සේ කමිසයේ ගහගන්න පුළුවනි! පසුව මේ පොරොප්ප මැටීරියල් වෙනුවට රබර්/ප්ලාස්ටික් වර්ෂන් එකක් ආවා.

      Delete
    2. ඔව්...මූඩි බැජ් එකේ ඇතුල් පැත්තෙන් ඉරටු කෑල්ලක් ගහන්නේ හයි වෙලා තියෙන්ට. පොරොප්ප ටයිප් එක 80 ගනන් වෙනකං තිබුනා වගේ මතක.

      Delete
    3. කෝච්චියේ විකුණන උන් දෙපැත්තටම අදිනවා...

      ට්‍රිං......... ට්‍රිං..........//

      Delete
  7. අද නම් හැමෝගෙම මතකයන් අවදිවෙන්න ම ලියල....
    අපේ කෙලි සෙට් එක දැන් එයි ...... ලෙගින්ස් වලින් දාර බේරගෙන ....

    ReplyDelete
    Replies
    1. කන බොන දෙයක් නම් ඉතින් එයාල මැස්සෝ වගේ තමයි..

      Delete
  8. Orange Barly in "Asoka glass"

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඒත් එක්ක හංදියේ පොල් අතු කඩේ!

      Delete
    2. හරියට හරි ඔය දෙක තුන එකට මතක් වෙනව කාටත්....

      Delete
    3. අසොක ග්ලාස් :D ඇරු මචෝ .…

      "මතකයන් ඔබේ - සිතේ දරාගෙන "

      Delete
    4. අශෝක ග්ලාස් එකකියන්නේ අපේ සංස්කෘතියේ විශේෂ අංගයක්.

      Delete
  9. අදනම් මාතලන් අයියණ්ඩිගේ ලිවීමේ භාශාව අපූරුයි. ඒ වගේම මිලියනය පැන්න හින්දද මංද ටිකක් නිවී සැනහී ලියල තියෙනවා.

    රත්නශ්‍රී මහත්තයත් මතක් කරල නොවැ.

    අපි පොඩි කාලෙ ඔය සමිති සමාගම් උත්සව රැස්වීම වලදි එහෙම ඒ එන ආරාධිත අමුත්තනට ගිල්ලවන්න එයාල කතාකරන ටේබල් එකේ ඔය ඔරේන් බාර්ලි, නෙක්ටො සහ ඔරේන් ක්‍රෂ් බෝතල් තුන හතරක් තියල තියෙනවා. ඉතින් ගිනි අවුවෙ පිච්චි පිච්චි ඕක ෆ්හිහා බලං ඉන්නකොට අප්පා දැනෙන සැප.!!

    ReplyDelete
    Replies
    1. නොමිනේෂන් දාට යූඇම්පී කාරයෝ පිළිගන්න නම් ලයිම් ක්‍රෂ් විතරයි!

      Delete
    2. රත්න ශ්‍රී කිව්වොත් මනෝෂ් එතන ඇති … ඔක් යේස් … !!!!!

      අර අපේ අවලං ඉවානයා ඒ මනුස්සයට සංගීතෙ එපා කරා නෙවැ ඊයෙ පෙරේදා… :D චැහ්

      Delete
    3. දැන් නම් ඔරේන්ජ් බාර්ලි බෝතල් ටිකයි මල් මාල ටිකයි උස්සගෙන දුවනවා අනිත් පොට් එකට. ඊකුටවත් බොන්න හම්බ වෙන්නේ නෑ..

      Delete
    4. කකා......යුඇන්පී පිලිගැනීම්වලට ලංකා ලයිම් කියන තද කොළපාට ඩ්‍රින්ක් එක. ඒක වෙනුවට ආවා ලෙමන් ක්‍රශ්....ලයිම් ක්‍රශ් කියලා තිබුනෙ නැහැ මගේ හිතේ.

      Delete
  10. ඊයේ මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..
    ලස්සන සිංහල නංගි කෙනෙක්...
    මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..
    “අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට.. එයින් වැඩුමලී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?“ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..
    “ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“
    ඒ නංගි බිම බලාගෙන හෙමීට කතා කළා..
    “එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“
    “එයා මුස්ලිම්ද කියලා නොදැන යාලු වුණේ..?“
    “ඔව්.. එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ.. එයා සිංහල කියලයි කිව්වේ..“
    “ම්.. ඉතින්.. කියන්නකො..“
    “එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා.. එක එක තෑගි ගෙනත් දුන්නා.. ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“
    “ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“
    “එයා බොරු කලේ මට ආදරේ හින්දලු.. මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු.. ආගම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා..“
    “ම්.. එහෙමද..? ආගම ප්‍රශ්නයක් නෙවෙයි නම් එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න.. එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“
    “එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“
    “ඔයා වෙනුවෙන්වත්..?“
    නංගි උත්තර නොදී බිම බලාගත්තා..
    “එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු.. හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු.. ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද..?“
    “නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු.. එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ..“
    “ඉතින් නංගි.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ.. ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට..?“
    “දැන් එහෙම බෑලු අක්කේ.. එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු.. මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ.. ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු..“
    “හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි.. පල්ලියට ඕනවට..?“
    නංගි නිහඩයි..
    “ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“
    “ඔව්..“ නංගි හෙමින් කිව්වා.
    “ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා..?“
    “එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“
    “ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම් ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ.. ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන් මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා..ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි..මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය“ මම මුස්ලිම් විවාහ (පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.
    “ම්..“
    “එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“
    “ඔව්..“
    “හැබැයි නංගියේ මේ නීතියේ මෙහෙමත් තියනවා...
    පනතේ 44 වන වගන්තිය අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිලු. ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්.. ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ..“
    නංගි නිහඩ වුණා.. ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...

    ReplyDelete
    Replies
    1. සියළු ආගම් තහනම් කල යුතුයි...

      Delete
    2. සියලු කෙල්ලන්ට ඇත්ත නොකිව යුතුයි …

      Delete
  11. අ...ඩ්...ඩෝ...ව්.........අපේ රේඛා නංගිට එහෙම මොකුත් කියනවා නෙවෙයි හරිය? මොකද එයා මගේ වයසේ 'කෙල්ලෙක්'. මට වැඩිය මාස ගානක් බාලයි. අපේ දකුණු ඉන්දියානු නළු සීයා කෙනෙක් වන ශිවාජි ගනේෂන් සීයාගේ එකම දුව. හුහ්........මේකා තැන නොතැන නොබලා අපේ රේඛා නංගිට පාට් දාන්න ඈ? 'අමිතාබ් - රේඛා කටන්තරේ' මෙන්න මෙතනින් බලත හැකි.

    http://indiatoday.intoday.in/gallery/amitabh-bachchan-rekha-untold-love-story/1/7841.html#photo8

    එතකොට උඹ කියන්නේ කුරුණෑගල ඉන්නේ බේබද්දෝ? හරි පුතෝ, වරෙන්කො වැරදිලාවත් මේ පැත්තේ මම පෙන්නන්නං කවුද බේබද්දා කියලා.

    ගල් එක්ක ඔරේන්ජ් ක්‍රෂ්. දුක හිතෙන කතා කියන්න එපා අනේ. බීපු කාලයක් මතක නැහැ. ඔන්න බ්‍රැන්ඩි එක්ක ඩ්‍රයි ජින්ජර් ඒල් නම් ඊයේ පෙරේදත් බුන්නා.

    අපි ඔය මළ ගෙවල් ගමන් රෑට දාගන්නේ 'කාටවත් කරදරයක් නොවී' යන්න. අපේ අසල්වැසි සුපිරි ඩ්‍රයිවර්ලා දෙන්නෙක් ඉන්නවා කටේවත් නොතියන. උන් නිසා අපි ගොඩ.

    ReplyDelete
    Replies
    1. රේඛා, සිවාජිගෙ දුවද? :o

      අදයි ඒක දන්නෙ.

      Delete
    2. හප්පට බොල රේඛා සෑර්ගෙ වයසෙද …
      ආ එහෙනං දෙන්නගෙ වයස නං හරි, පහු කොරන් නැතුව මේ කටයුත්ත ඉවරයක් කරල දාමු !!!!

      Delete
    3. ඇහ්, යකෝ ෂිවජියි මාලනීයි දෙන්නම එකට අර පයිලට් ප්‍රෙම්නත් ද මොකද්ද් එකක් කොරා නේද? මිනිහත් එතකොට රජිනිකාන්ත්, කමල්හසන්, මමුටි, මෝහන්ලාල් වගේ දූගෙ වයසෙ උනුත් එක්ක පෙම් ජවනිකා කෙලපු දකුණෙ පින් පියෙක් ඈ.

      Delete
    4. රේඛාවන්ට කව්ද අනේ මක්කත් කිව්වේ.. මාත් පට්ට ලව්... මම ඔය ඔක්කෝටම ලව්.. වෙලාවක ලියන්නම්කෝ ඒ ගැනත්..

      Delete
  12. පට්ටනෙ, මම නම් ආසම නෙක්ටෝ.

    අභිමාන් ෆිල්ම් එක නම් කොච්චර බැලුවත් ඇති වෙන්නෑ. අපිට දැනටත් එහෙම නම් ඒ කාලෙ අච්චර කාලයක් ෆිල්ම් එක දුවපු එක ගැන පුදුමයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ මම හැමදාම බොන්නේ පෝටෙලෝ.. අද තමයි කන්නේ පරිප්පුව..

      Delete
  13. මේ ළඟකදී ඉඳලා ආපහු මම දැකල තියෙනවා ඔය ඔරෙන්ජන් බාර්ලි..

    නැක්ටෝ නම් ඉස්සර ඉඳන්ම තිබුනනේ...

    හැබැයි ඉතින් අර ක්‍රීම් සෝඩා කියල දැන් තියෙන ජාතිය ඉස්සර ක්‍රීම් සෝඩා ළඟින්වත් තියන්න බෑ..
    දැන් තියෙන්නේ මල ජරාවක් නෙව..

    ReplyDelete
    Replies
    1. අළුත් එකක් තියෙනවා ඇපල් ක්‍රීම් සෝඩා කියලා.. ඒකත් නරකම නෑ.. එකම වාසිය අඩු මුදලට මිලි ලීටර් 300 ක්ම හම්බ වෙන එක.

      Delete
  14. අයිසෙ මාතලන් බොහොම හොඳ ලියවිල්ලක්

    ReplyDelete
  15. මමනං මලගෙවල්වල යන එක නවත්තල තියෙන්නෙ.
    මොකද මගෙ යාලුවෙල් ඔරෙන්ජන් බාර්ලි බීලම මලානෙ.

    ReplyDelete
    Replies
    1. ඔය් ඉතින් ඔය මැරෙන විදියට. හැම එකටම යන්න ගියොත් උඹත් මැරෙණවා ළඟදීම..

      Delete
  16. //බාර් ඇසෝෂේශන් සමාජිකයින්ට පමණයි - ගල් එක්ක ඔරේන්ජ් ක්‍රෂ් බීලා තියෙනවද..?///

    මුකුත් නැතිවත් බීල තියනවා....

    මං ආසම මල ගෙවල්වල බීම කඩන වැඩේ කරන්න.. මං හිතහොද එකා හින්දා ගමේ හැම තැනින්ම වගේ ඒ චාන්ස් එක හම්බුණා.. පාට පාට ඔක්කොම එකතු කරල ලොකු වීදුරුවකට දාලා ඇදල අරින එක තමයි විනෝදාංශේ... අර පික්චර් නං බලල නෑ.. හැබැයි බච්චන් ඒදා මෙදාතුර වීරයා කියලා නං අහල තියනවා..........

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ... දැන්, හීරෝ නම්බර් වන්, ෂාරුක් ඛාන්..

      Delete
  17. දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ මාතෙයා ගල් ගැන ලියලා…
    වැඩිවැඩියෙං ලැබිච්චාවෙ.…

    මචෝ සීදූවෙ ගලුයි - කපුගේගෙ සිංදුයි අතරෙ සංසාරගත බැඳීමක් තියනවා නෙවැ..

    දෙක ගහහපු ගමං ලව් කතා බූට් සිංදු කෙල්ලංගෙ #$වල් කලටි පොල් ගැන කතා සේරම නවත්තලා ඕං පට්ටාං ගන්නවා…


    නන්නදුනන ලෙසේ මඟ තොට යලිත් හමුවෙලා
    මහ මෙර හිසින් දාරාගෙන අපි යමු දුරස් වෙලා…

    අම්$# හු&%$ ඩද යකෝ ඔය ඩෝලෙ ගෙනාවෙ ??? ගහපිය &%$ නැතුව..

    ඔන්න ගැහුවා.… ඩිස්ති ඩි ඩිං

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තට එනකොට මචෝ ඕක
      හිරිකටු ඔය+ ගල්+ "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට"=මැක්සා ආතල්

      Delete
    2. හා හා … එව්ව හොඳ වැඩ.. ඔය සිංදු සැට් එක තමා මල්ලි මචං අපෙත් ෆේවරිට්ම නම්බර් ටික.. !!!
      ඒ අතරට දෛවයෝගයකින්.. පින්න මලේ සුද …පුංචි දවස්වල … දම් පාටින්… ඈත රන්විමන්.… කරදිය ගැඹරේ … සිරීපාදෙ වන්දවන්න හිස ඔලියල්.… ටික එද්දි ලස්සන නිමක් නෑ !!!!

      Delete
    3. මල්ලියා මල්ලි..
      බලාගෙන.. සමනලවැවට ගහගෙනයයි...

      පත්තර මල්ලි මල්ලි...
      නිමක් නෑ ඇඬෙනවා ඈ..........ෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ

      Delete
    4. ගල් ගැන මම කලිනුත් ලිව්වා මලේ.. කට්ටියට මලත් පැනලා හිටියා, සල්ලිවලට ලියනවය කියලා. සල්ලි නෙමෙයි අඩු ගානේ ගල් බෝතලයක් වත් හම්බ උනා නම්..

      Delete
  18. ඉස්සර ටීවී එකේ ගිය ඇඩ් එකක් නේද අර..දැන්නං බලද්දිත් ආසයි..
    ඔරේන්ජ් බාර්ලි මතකය අපූරුවට ඉස්මතු කෙරුවා නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔය ඇඩ් එක සියල්ලෙන් පරිපූර්ණයි..

      Delete
  19. ලෝක සංචාරක සංවිධානය කරපු වර්ක්ෂොප් එකකට ලයනල් බ්‍රෂල් කියල සුද්දෙක් ආව
    (ගම එංගලන්තේ උනාට ජර්මන් කාරයෙක්)
    පට්ට බේබද්දා.

    පලවෙනි දවසේ රැ අපි දෙන්නෙක් කාල්ස්බර්ග් තුන තුන බොනකොට මු ලයන් ලාගර් දහඅටක් බීව් ගල්කිස්ස බීච් එකේ. ඌ තව මිරිසට හදපු ඉස්සෝ හොදි එක්ක සුදු බත් පෝෂන් තුනකුත් කෑවා. මවුන්ට් රෝයල් එකේ බුෆේ එක එපා කියල තමයි ගල්කිස්ස බීච් එකේ පොල් අතු පොට් එකකට රිංගුවේ.

    දෙවැනි දවසේ රැ ස්මිනරෝෆ් දෙකක් මිරින්ඩ එක්ක තුන්දෙනා කෙලිය.

    තුන් වෙනි දවසේ පහට වොර්ක්ෂොප් එක ඉවර උනා විතරයි මූ අතුරුදහන්. මෙන්න යකෝ රැ නමයට විතර මු එනවා ගල් බෝතල් තුනකුයි ඔරේන්ජ් ක්‍රෂ් මෙගා හතරකුයි අතින් කටින් එල්ලගෙන.

    දෙකම ශ්‍රී ලාංකික. කලවන් කරන්න උගන්න්නේ විදේශ බලවේග.

    අමතක උනා ලයන් ලාගරුත් ශ්‍රී ලාංකික

    ගල් + ඔරේන්ජ් ක්‍රෂ් රසය එදා ඉඳන් කාලයක්ම ඉදරියට ගෙනගියා.

    ReplyDelete
    Replies
    1. "ගල් + ඔරේන්ජ් ක්‍රෂ් " උඹ ඔච්චර කියන එකේ ටෙස් කරලා බලන්න ඕනි.

      Delete
    2. ඕක මොකක්ද මචෝ. අපි සුද්දෝ සෆරි ගෙනියන කොට, කැළේ මැද්දෙදි දෙනවා කොක්ටේල් එකක්. මික්ස්ෆෘට් විත් ගල්, අන්නාසී කෑලී පොඩියට කපලා දාලා.. ඊට පස්සේ උන් යනකන්ම බොන්නේ ගල්. උන්ගේ බ්ලැක් ටික අපි ගහනවා..

      Delete
    3. 80 ගණන්වල ඔබරෝයි එකේ වෙල්කම් ඩ්‍රින්ක් එක තැඹිලි ගෙඩියට, අරක්කුයි, පැෂන් ෆෘට් කෝඩියලුයි තැඹිලි වතුරයි පුරවලා දාපු ඩ්‍රින්ක් එකක්. උඩින් දම්පාට ඕකිඩ් මලක් ගැහුවා. දවසකට තැඹිලි ගෙඩි සීයක් එකසිය පනහක් විතර කපන්න ඕන. ඇයි බන් 400කට වඩා ගෙස්ට්ලා හිටියා නිතරම වගේ. අළුතෙන් බාර් එකට එන කොල්ලන්ට තැඹිලි කපන්න තමයි තියෙන්නේ. එකම කෝම්බේට පුරවලා දෙනවා..රී සයික්ලින්ං. සමහර සුද්දෝ අරක බීලා කෝම්බේ පලලා ඉල්ලනවා..මදේ කන්න. බාර් එකේ එවුන්ට පුෂ්පය...

      Delete
  20. මේක ගැන මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ යකෝ .පටන්ගත්දි එකක් ලියන්න හිතෙනවා මැදක් යද්දි තව එකක්.අන්තිමට ලිව්වෙ වෙනම එකක්.ඔය බුලත් විට හා නෙක්ටො එක්ක බැඳීම මටත් තිබ්බා.හැබැයි අපි පාවිච්චි කරන්නෙ වෙන විදියකට.ඔය පොඩි කාලෙ අපි හරි ආසයි විට කාලා කට රතු කර ගන්න.හැබැයි පාර්ලිමේන්තුවෙන් ඕකට හෙන අවුල ඉතින් අපෙ කට රතු වෙලා තියන කොට අපි අහුවම කියන්නෙ නෙක්ටො බිව්වා කියලා.:D

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමම තමයි... කොල්ලෝ කියන්නේ ඒකයි.. මම අදත් මාර ආදරෙයි, යක්කු වගේ කොල්ලන්ට..

      Delete
  21. ඔරෙංජං බාර්ලි බීවට ගල් එක්ක බීල නෑ බං.. ඔය වෙලාවට අමුවට හරි බඩට හලාගන්න නෙවැ හදිස්සිය :D

    ReplyDelete
    Replies
    1. ඈහ් කොල්ලෝ බොට අක්මාවක් ඉතිරි වෙලා තියෙයිද?
      හැබැයි ඉතින් ලංකාවේ පාට බීම (ඔරේන්ජ් බාර්ලි) බීව කියලත් වෙනසක් නෑ.

      Delete
    2. හා මේං බඩු ඇවිල්ල :D
      ගල් ඩිංගක් ගහල ෂිංදුවක් අල්ලන එකේ සැප ඉතිං උඹ දන්නවනේ බං.. අපේ දේ නෙවැ..
      මක්කටටෙයි ඔය පාට බීම බීල ලිවර් එක නරක් කරගන්නෙ ..චැහ් ගල් ඩිංගක් ගහල මළත් හොඳ තැනක උපදී ඕං :D

      Delete
    3. පත්තරේ උඹලැයි පැත්තෙ ඩිංග පොඩ්ඩක් අර්ථදක්වපන්කො බලන්න

      Delete
    4. හා හා … අමාරු ප්‍රශ්නයක් නෙවැ බං.. චැහ්. උඹලයෙ පැත්‍තෙ වගේමයි .හැක්
      අතේ තියන ගානට තමා ඉතිං :D

      Delete
    5. නෑ බං ඩිංගක් ගහලා මරෙන කතාව හිංදා ඇහුවෙ.යකො තොපි මරෙන්න ගහන ඩිංග මක්කද කියලා.

      Delete
    6. මේ මල්ලිලා...
      බඩු මදිවෙනකොට අතේ නැති සල්ලිත් එලියට එනවා..

      Delete
    7. නලියත් පළවෙනි ෂොට් එක ගහන්නේ අමුවෙන්..

      Delete
  22. දෙකට තුණට වැටිලා ඉන්නේ බල මාළු මැල්ලුම් කන්න ගිහින්. ඒත් උදේ පාන්දරම දැක්කේ ඔරේන්ජන් බාර්ලි නෙව. මෙන්න මගේ ලෙඩත් අතුරුදහන්.... :)

    මම හිතන්නේ ඔරේන්ජ් බාර්ලි බලාගෙන ගියාම අපි හැමෝගෙම ජීවිත වලට පාට එකතු කරලානේ.

    ReplyDelete
    Replies
    1. හා බඩේ අමාරු ෂීන් එකක්ද ??? අමුවට ගල් උගුරක් හරි බ්‍රැන්ඩි උගුරක් හරි ගහලා බුදියහං…නිවාරනයි. අම්මප ඇත්ත.!!!

      Delete
    2. ඔව් ( බොහොම ශෝකීව) මාළු කෑල්ලක්ම ගෙනත් පොල් ගෙඩියකුත් ගෙනත් අමාරුවෙන් හදපු ( ඔව් දවස් ගාණක් කල් යල් බලලා) බල මාළු මැල්ලුම් කෑවා.

      බැරි එකා බැරි දේවල් නොකර පඬියා නොවියා ඉන්න කියලා කියන ඒවා මතක් වෙන්නේ පස්සේලු.
      ඊයේ දවසේම රිපෝට් සෙන්ටර් එකේ. උඩිනුයි යටිනුයි රිපෝට් කර කර හිටියා.

      අද පණ නෑ. දැන් මේ ෆේස්බුක් ජංජාලෙන් අහගෙන රසම් හදාගෙන බීවා.
      බ්‍රැන්ඩි වලටත් වඩා සෙට් රසම් එක... ඒකනෙ රස....

      Delete
    3. මට රසම් අප්ෂැට්.. අමුවට බ්‍රැන්ඩි /ගල් ඩිංගක් තමා මං දන්න බේත.. අපේ ආච්චි නං ඉස්සර තැම්බුං හොදි කියලා එකක් හදනවා මිරිස් හොද්ද වගේ. ඒක නං ටොපේ ටොප් සියඹලා රහයි ..මට උණ හැදුනම ඕක පොවනවා !!!!

      Delete
    4. බලාගෙන පොත් බලාගෙන උයන්නේ. ෆෑන් පාරට පිටුව පෙරලුනාම. ඊට පස්සේ දාන්නේ වෙන වෙන ඒවා..

      Delete
  23. ඔරේන්ජ් බාර්ලි කිව්වහම මතක් උනේ.. හිඟුරාන අලුත් එකක් තියනවා බාර්ලි වගේමයි පාට! :D සැන්ටින් පාර දෙන්න අලියා බාර්ලි ගත්තහම පංකාදු පහයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. මම දැක්කා.. තනිකර එතනෝල්.. අපේ සඳරුලා ගහන්නෙම ඕක..

      Delete
  24. ඔය බුලත්ම, හාන්දුරුවෝ අඹරන කොට, දැහැත් විට වෙනවා. බලහල්ලකෝ ඒකෙත් හැටි නේ.

    මේ විතරක් නම් කමක් නෑ දැහැත් විට හාමුදුරුවන්ට දෙනකොට දැහැත් කූරුත් හදනවා. අර සුදුපාටට සුද්ද කරලා. පොඩි කාලේ දානේ ගෙදරදි ඒවයින් දත්මඳින්න මට උවමනාමයි. කොහොම හරි එකක් දෙකක් සාක්කුවෙ දාගන්නවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් බුලත් කන්නේ නෑ. සිකැරට් බොනවා ඒ වෙනුවට.. මොන පිටකෙද දන්නේ නෑ දුම් කොළ වළඳන්නෙයි කියලා තියෙන්නේ.

      Delete
  25. මතායියේ එකෙක් මැරෙනකම්ම මේක වටේ තලපන් බං..:D
    ක්‍රීම් සෝඩා තමයි ඔය බීම වලින් මම ආසම.මේකත් නිකම් ක්‍රීම් සෝඩා බෝතලයක් වගේ රසයි...:)

    ReplyDelete
    Replies
    1. ක්‍රීම් සෝඩා වලට් මාත් ආසයි.. තාමත් බොනවා... නෙක්ටො නම් රස වෙනස් වෙලා..

      Delete
  26. යාළුවො මැරෙන ඇනෝ ඇවිත් හිටියට යාලු ඇනෝ ඒ කිව්වෙ රාජ්ගෙ යාලු කූල් ඇනෝ තාම ඇවිත් නැත්තෙ අද සෙනසුරාදා ඔෆිස් නිවාඩු හින්ද වෙන්න ඇති.උගෙ කමෙන්ට් ඒක නැතුව පාලුයි පාලුයි වගේ බංස්ලා.

    ReplyDelete
    Replies
    1. ඌ නැතුව වැඩක්‍යෑ පෝස්ට් වැටිලා..සහතික ඇත්‍ත හැලපයියා.

      Delete
    2. මට බ්ලොග් ලිවිල්ලත් එපා වෙනවා අප්පා..

      Delete
  27. මට ගමට යන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න ...........
    පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න .....

    ReplyDelete
    Replies
    1. ඇයි මැලේෂියන් එයාර්ලයින්ස් යන්න බයද?

      Delete
    2. මචෝ මටත් එයිං පිහාට්ටක් දියං උඹට වැඩිපුර එව්වොත් ඈ.…
      ආ නෑ… දෙකක් දියං. යන්න එකයි එන්න එකයි

      Delete
    3. හිරු ඇන්ටිලාගේ ගෙදරට ගියානං කුකුළු පිහාටුවක් ගන්න තිබ්බා (මේ වෙලාවට උඩ තට්ටුවේ බැරල් එකකට දාල වහලලු තියෙන්නේ උස්සනවනං වෙලාව, ගල් වලට කියාපු බාන්ඩේ....)

      Delete
    4. ඔව් ඔව්.. උඹ පිහාටු ඔක්කෝම ගනිං අපිට එකක්වත් එපා, කුකුළව දියං.. ඒ ඇති.
      ගං කුකුලා විත් DCSL ගල් ඇන්ඩ් ඔරේන්ජ් ක්‍රෂ්.… !!!!!
      සංසාරේ ටීක් බෝලේ.…

      Delete
    5. උඩම ඇඩ් එක දැක්කම ඇඬෙනවා නේ බං..

      Delete
  28. සාමානයෙන් මම කාබනික බිම බොන්නෙම නැති තරම්...ටුබහට ඕකක් බොනවට වඩා කිරි පැකට් එක මගේ තිබහ නිවනවා..
    ඉස්සර නම් මල ගෙවල් වල තනමල් විල් පැත්තේ ගියාට පස්සේ වැඩි සිනි පෙල්න්ටි එනකන් බාර්ලි බෝතල් ටික ගල් වෙනවා හිමිට..(දැන් හැදෙ යන්නේ න නෙහ්)
    නෙක්ටෝ ක්‍රීම් සෝඩා ඔරේන්ජ් බාර්ලි ඔරේන්ජ් ක්‍රෂ් යන හැම ජාතියත් එක්ක ම අරක්කු නම් ගහලා තියෙනවා..එකෙත් අමුතුම ලල් එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. CH3-CH2-OH වත් ???????

      Delete
    3. කාබනික බීම (Organic Drinks)
      කාබනිකෘත බීම (Carbonated Drinks)

      Delete
    4. අරක්කු ඕන දෙයක් එක්ක ගහන්න පුළුවන්.. අනික් ඩ්‍රින්ක්ස් එහෙම බොන්න අමාරුයි..

      Delete
    5. ස්තුති ඇනෝ

      කාබනිකෘත බීම ලෙස වෙනස් වෙන්න ඕනි...

      විදානේ එතනෝල් බොනවා මම..කලාවන් කරන්නත් ඕන ජාතියක්..

      Delete
  29. පට්ට කතාව. මට මතක්වුණා මීට අවුරුදු 5 කට විතර දවසකඅපේ ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර තිබු මළ ගෙදරත්. අපි මිස්ලනේ . ඉතින් මළ ගෙදරවල් වල ගියත් බොහොම සංවරව තමා ඉන්නේ. පූසො සිල් ගත්ත වගේ . දැනුත් එහෙමයි. වැඩිය වට පිට බලන්නෙ නැහැ. අල්ලපු ගෙදර එකා ලඟ පුටුවෙ ඉඳ ගෙන උන්නත් නොදැක්ක වගේ ඉන්නෙ. ඒ අපේ හැටි. ඔන්න විට වෙලාවකින් එනවා කොල පාට ලෙමන් බෝතලයයි. ක්‍රීම් සෝඩා බෝතලයයි. කවුරුත් බලාගෙන ඉන්නවා කියලනේ අපි හිතන්නෙ අපිදිහා. ඉතින් වීදුරුව පිරෙන්න වත්කරගෙන බොන්න ලැජ්ජයි වගේ. පෙරේතකම තිබුණත් චුට්ට චුට්ට බිව්වා.අපේ හිතවතා දන්නවා මැණිකෙලගෙ තරම.එයා අපි වෙනමම කාමරයක වාඩි කරවලා ලෙමනේඩ්. ඔරේන්ජ් ක්‍රෂ්. නෙක්ටො. ලෙමන් ක්‍රෂ්. ක්‍රීම්සෝඩා බොන්න දුන්නා. අපිත් ඉතින් අපි විතරක් එතන හිටිය නිසා බෝතල් පිටින් කවලමේ ඇදලා දැම්මා. කවලමේ බිවුවා කියමුකො. ඊට පස්සෙ තර‍‍ෙඟෙට වගේ එකා දෙන්නා, තුන් හතරදෙනා වමනෙ දැම්මා. අදටත් මම නෙක්ටො, ක්‍රීම් සෝඩා විතරයි බොන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඒ කාළෙත් එහෙමයි. සමහර උන් පෙරේත කමට බීලා, අන්තීමට ලේ වමනේ දානවා වගේ දානවා, බීපූ නෙක්ටෝ ටික. අනික ඔය නෙක්ටෝ පාටමයි ඒ කාලේ පත් බෝතල් වල දාලා තිබුන සිරප් එක. හැම ලෙඩටම ඔය මළදානේ දෙනවා. බීපු ගමන් කබරයා..

      Delete
  30. කලු සුදු ජීවිත කහ පාටින් එලිය කල බීමක්නේ. පුටුවල හරි බරි ගැහිලා ඉඳගන්නවා කීවාම ඔන්න චිත්ත රූප මැවුනා.:)

    බයිලා එක ලස්සණයි. මම බයිලා කියලා හිතුවේ ඔන්න ඕවට.:D

    ReplyDelete
    Replies
    1. ඒ තමයි සිඟිති බයිලා... මරු බයිලා අහන්න නම් යන්න ඕන පැදුරු පාටියකට.. වැඩිහිටියෝ විතරක් ඉන්න..

      Delete
  31. හම්මේ ඉතින් මම වීකෙන්ඩ් එකේ රවුමක් ගහලා එන ටිකට බාර්ලි පෝස්ට් එක දාල ඒ උඩින් කවි පෝස්ට් එකකුත් දාල නෙව.

    මාත් ආසම අර කට කපල පුරෝල දෙන ඔරේන්ජ් බාර්ලි වීදුරුවට මූණ ලං කරගෙන, ඒකෙන් උඩට ඇවිත් පුපුරණ කාබන් බුබුලු නාහෙයි මූණෙයි වදින හැටි විඳින්න. නෙක්ටෝ වල නම් එන්නෙ මහ කෙමිකල් රහක්. මගෙ ෆේවරිට් ඔරෙන්ජ් බාර්ලි. දැන් තියන ඔරේන්ජ් ක්‍රශ් එකේ ඒ රහ නෑ.

    ඇයි අර අලියා ලෙමනේඩ් එකත් සුපිරි. මං චූටි කාලෙ ලෙමනේඩ් වීදුරුවාකට දාල දුන්නම ඒක බීම බටේකින් කලත්තන ගමන් අර හීනි සද්දෙකුත් එක්ක වේගෙන් උඩට නගින බුබුලු පෙන්න පෙන්න හැමෝටම කිය්යනවලු "එන්න එන්න බීම බෝතලේ ඇතුලෙ නත්තල්' කියලා. ඇයිද මන්දා අදටත් ලෙමනේඩ් බෝතලේ පෙණ උඩට එනව පේනකොට මට තාමත් හිතින් එහෙම කියවෙනවා. ඒකත් 'මිහිරි මතක හද රැඳෙන' සීන් කෝන් එකක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි නියම ආතල එක.. මට ෂොට් එකක් දාන කොට සෝඩා දැක්කම ඒක මතක් උනේ.. ටක් ගාලා ඒ ටිකත් ලියලා එබුවා පෝස්ට් එකට.. බලන්න කොයි තරම් පොඩි දේවල්ද කියලා අපි පිනවන්නේ..

      Delete
  32. උඹේ මාතෘකාව කෙසේ වෙතත් බහුතරය එල්ලිලා තියෙන්නේ ගල් සහ ඔරේන්ජ් ක්‍රෂ්/බාර්ලි වල. ඒ නිසා මාත් හිතා ගත්තා අවස්තාවක් ලැබිච්ච ගමන් ගල් එක්ක ඔරේන්ජ් ක්‍රෂ් ටෙස්ට් කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. හෙන්‍රි කොක්ටේල් එක ට්‍රයි කරපන්. එක සමාන ගල් සහ ස්මෑක් මික්ස්ෆෘට් අන්නාසී පොඩි කෑලී කපලා දාලා.. අර ඇපල් කෑලී කපලා දාන්නේ ඒ සයිස් එකට.. පට්ට රහයි.. සුද්දෝ කප් ග්ලාස් ලෙව කනවා...

      Delete
    2. කොක්ටේල් එකට නම් වැඩිපුර යන්නේ සුදු පාට ජාති නෙහ් සහෝ...එක සමානව දන්නව නම් licker ජාති 1කට වඩා දන්න..එටකොට තම රස..එහෙම නැත්තම් ජුස් වැඩි කරන්න උගුරෙන් පහලට යනවා තේරෙන්නේ නෑ..තැපැල් වෙනකොට ලොවෙත් නෑ

      Delete
  33. Galwalatasandi dala noondi karannaepa,gahanda amuwenma,kastiya galmathak karala mata home sick wagewage."Gala nethi kala sandy kawarakala"(Ranjan-Düsseldorf).

    ReplyDelete
  34. පහුගිය ටිකේ හිටිය නැති නිසා ආතල් පෝස්ට් එකකට ආවේ පරක්කු වෙලා. ඊලඟ එක ලියනකම් බලන් ඉන්නම්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න