.

.

Jan 23, 2012

නෙළුම් පොකුණ, පළිඟු මැණිකේ, ලයනල් වෙන්ඩ්ට් සහ වන්දිබට්ටයෝ...



මැරුණු එකා මළා
කුමාරස්වාමි.. ඌ මොකෙක්ද...?
දෙමළෙක්නේ
පොත් ලිව්වලු කලාව ගැන..
පොත් කන්නද...?
ඒ වගේද ලොක්ක හදපු
බ්‍රෑන්ඩ්ම නිව්
ආලකමන්දාව

පන දාගෙන ගලේ නැගලා
කුරුටු ගීත ලියල එන්න
උලේ තමයි යන්න වෙන්නේ
කස්සප එහි උන්නානම්
නැටුම් ගැයුම් රැඟුම් වැයුම්
නරපතියන්ටම පමණයි

අහවරයිලූ ඛේදාන්ත
පැමිණ ඇතේ දැන් සුඛාන්ත
වන්දිබට්ට ටීම් එකම
විඳිනවාලූ.. සුරතාන්ත

නාට්ටි කාරයෝ සැට් එක
පුක කහ කහ හුල්ලනවා
අල්ලපු වත්තේ.. ඉඳගෙන
ජෝන් සිල්වා මතක් කොරන්
නෙළුම් පොකුණ දිහා බලන්
ගලක් ගහන්නවත් බැහැනේ
සෙකුයුරිටිය, රණ විරුවන්

රන් කහවුනු ලැබුන දාට 
අපි ගානේ පෙන්නමු අපි
ජයන්ත චන්ද්‍රසිරි මැතිඳුගේ
"අත්".. දිගුකල විට
බල්ලෝ වෙන
"අත්".

-0-

රූපවති ආපූ කාළේ මරු නාට්ටියක් ගියා පළිඟු මැණිකේ කියලා. නෙළුම් පොකුණ ළඟින් යන කොට මට මතක් වෙන්නෙම ඒක. වෙස් මූණූ වල වටිනාකම දන්න, පට් පට් ගාලා සල්ලි හොයන, "සූරසේන", "පළිඟු මැණිකේ" අල්ලගෙන ඒවා විකුනන් කනවා. ඒ චරිතේ අද නියමෙටම කරන්නේ චන්නලා, ජැකාලා, ජයන්ත චන්ද්‍රසිරිලා.. තව සයිඩ් එකෙන් සෙට් වෙච්ච වන්දිබට්ට පිරිසකුත් ඉන්නවා.. රෝහන වීරසිංහ වගේ.. ඉතින් මේකේ ඉස්සෙල්ලම පෙන්නන නාට්ටියේ, ජයන්ත, ජැකාව ෆාහියන්ට අන්දනවා.. ඌ එකසිය ගානට ඒකේ ගමන් කරනවා.. ජැකා පච කෙල කෙල ලොක්කව අන්දනවා. පාර්ලිමන්ට් ගිහිල්ලත් කළාවට වැඩක් කරන්න බෑ කියලා මාලනී නැන්දා අඬනවා. එයා කියන්නේ එයාට මුකුත් කරන්න බෑලූ කකුලෙන් අදිනවලු. ඒවනම් කැත වැඩ. ඒ කකුලෙන් අදින්න හිතෙනවද අනේ.... මට දුන්නනම් එළි වෙනකම් අතගානවා. 

සම්බහිය නාට්ටි හදන, සම්බහිය කළා කාරයෝ මේකේ නාට්ටි පෙන්නන්න එයාලට සල්ලි නෑ, උත්සවේට ආරාධනා නෑ කියලා, අඬ අඬා පත්තර පිටු පුරවනවා. ඕවා ඔහොම තමයි එක එක කාලේට එක එක නාට්ටි ජාති එනවා. ඉස්සෙල්ලම ශාන්ති කර්ම, ඊට පස්සේ නාඩගම්, ටීටර්, ඊළඟට ටවර් හෝල්, ඊටපස්සේ පේරාදෙනියෙන් සම්බහිය සරත්චන්ද්‍ර එනවා. ඊ ළඟට අනුවර්තන පරිවර්තන. ස්වතන්ත්‍ර, අර තන්ත්‍ර මේ තන්ත්‍ර. ඒ අස්සේ වීදී නාට්ටිත් යනවා. ධර්මසිරිලා, ජයන්තලා එක්ක තරුණ නාට්ටි කාරයෝ වගයක් එනවා අපේ යුගේ. කේමදාස මාස්ටර්, ඔපෙරත් පෙන්නනවා. නල්ලතම්බිලා, ටෙනියලා, බලන්න හෝල් ගාව මරාගන්නවා. මේ අව් අස්සේ මේවට පැටලෙන්නේ නැති මනෝරත්නලා, අදටත් අන්දරේලා එක්ක අපිට හිනා වෙන්න කියලා දෙනවා. ඉතින් ප්‍රිය සහෘදයිනි නෙළුම් පොකුනත්, ලයනල් වෙන්ඩ්ට් එක වෙනස් උනා වගේ කාළේකදි වෙනස් වෙයි. එතකන් බලා ඉමූ.. මේ ජැකාලා රජකරන යුගයයි. වන්දිබට්ටයින්ගේ යුගයයි..

ඉන්නම අමාරුනම් ලොක්කට ජැකක් ගහගන්න. හැබැයි ලේසී නෑ. මාලනිලටත් කිට්ටු කරන්න අමාරූ විදියට. ජැකා ලොක්කගේ කරේ නැගලා ඉන්නේ..එයා තමයි පන්ඩුකාභය, එයා තමයි ෆාහියන්. එයා තමයි දුටු ගැමුණු, එයා තමයි කුස. හදීස්සියෙන් මෙහේ සදාම් හුසේන් හැදුවොත් එයා තමයි සදාම් හුසේන්. ඒ වගේම එයා තමයි කීකරු බලු කුක්කා. ඒ වගේම ශ්‍රේෂ්ඨ ජනමූල රංගදරයා..

55 comments:

  1. සහතික ඇත්ත - yasalalaka thissa

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි...

      Delete
  2. නෙළුම් පොකුණ වෙනස් වෙයිද විනාස වෙයිද? බීඑමයිසීඑච් එක රටේ තීන සේරම වැඩමුළු අරමුළු තියල මුළු මුළුවල කන්තෝරුදාගන්නත් දීල යනතන් දවස ගැටගහන්නව. ඒත් මේ මගුලට නාට්ටි නැති දාට මොකෝ වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් පෙන්නන්නද? නිසි නඩත්තුක්‍රමවේදයක් නැතිව හදපු හින්ද මේ ආන්ඩුව එක්ක ඔය තියටරෙත් වැටෙනවට මෙන්න කැට!

    ReplyDelete
    Replies
    1. සොරිම තමයි.. සිංහයා දන්නේ නැති උනාට.. සුපිරි පන්තියේ ෂෝ හැමදාම.. මේක හැදුවේ ඒ පන්තියට. ඒ නිසා ආන්ඩුව වැටුනත් මේක වැටෙන්නේ නෑ. එහෙම වැටෙන්න ඕන තැනකුත් නෙමෙයි. සුපිරියටම තියෙනව හැබයි..

      Delete
    2. සුපිරි නැහැ මචං බැල්කනියෙ කෙනෙක් ඉද ගත්තොත් අනාතයි.කෙනෙක්ට යන්න බැහැ.නැගිටල ඉඩ දෙන්න ඕනි.උස මහත කෙනෙක් ඉද ගත්තොත් කකුල තියං ඉන්න බැහැ

      Delete
  3. අනේ මම නම් දන්නේ නැ මාතලන් අයියේ..... ඒත් ගාලු ගමනෙන් හැබැහින් දැක අප අමතක කර ඇත.... අහෝ දුකකි.... ඉරකි. තිතකි.. (ඇත්තටම එහෙම උනේ ඇයි මන්දා)

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් අමතක කලේ. දැනුත් ඊයක් විද්දේ..

      Delete
  4. සුපිරි පැලැන්තියේ ශෝ වුනත් මේ උණුසුමේ තියන තරම් ඉස්සරහටත් තියෙයිද ?

    මම මේ කල්පනා කලේ මේරියන්ස් අන්ප්ලග්ඩ් බලනවද කියල ,මොකද වේදිකා නාට්‍ය නොබලන මට ඔය වගේ ඒකකට තමයි නෙලුම් පොකුන බලන්න ගියොත් . නෙලුම් පොකුණට වඩා වැඩි වාර ගනනක් මැජෙස්ටික් සිටියේ අලුත් සිනමා කම්ප්ලෙක්ස් එකට යැවෙයි ශුවර් එකටම . මොකද මගේ රසය තියෙන්නෙ සිනමාවේ

    ReplyDelete
    Replies
    1. අපොයි තියෙනවා.. එහෙම සුපිරි පන්තියක් අපේ රටේ ඉන්නවා..

      මට ඉතින් ඕන එකක් නේ.. නාට්ටි. චිත්‍රපටි. මියුසිකල් ෂෝ ඕන එකක්..

      Delete
  5. "ඒ කකුලෙන් අදින්න හිතෙනවද අනේ.... මට දුන්නනම් එළි වෙනකම් අතගානවා. "

    දැන් නාකියි බන්

    ReplyDelete
    Replies
    1. පිච්චු.. මූන ටිකක් කචල්. අනික සුරතල්.. තවම..

      Delete
  6. ජැකා වෙස්මූණු විකුනං කාපු එක එදා ටෙලියකට කළාට අද ඇත්තටම කරනවා...වෙස් මූණ දාගෙනම..

    ReplyDelete
    Replies
    1. වෙස් මූණූ විකණන් කෑවේ මූ නෙමෙයි ශ්‍රියන්ත.. ජැකා අහිංසක තරුණයෙක්. ඒත් ඌටත් ආසයි සූරසේන වගේ වෙන්න. අද සූරසේනටත් වඩා ඉහලින් ඉන්නේ. ඒකයි මට නිතරම ඒ නාට්ටිය මතක් වෙන්නේ..

      Delete
    2. හැබෑටම...ඔව් නේන්නම්.....ජැකා කොලේ ශ්‍රියන්තට ජැක් ගහපු එකනේ...ඒකත් හරි හරියට කොරනවා වගේ දැනුත්.....

      Delete
  7. බල්ලො කලාකාරයො වෙනකොට කලාකරුවො බලුවෙන එක අහන්න දෙයක්යැ

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ සල්ලි දීලා බලපු අත්. අද නොමිළේ හැමදාම බලනවා...

      Delete
  8. ශාන්තිකර්ම වල ඉඳං මනෝරත්නල කරන කලාව දක්වා මොන විදියට වෙනස්කං වෙවී ආවත් . . . . . වන්දිබට්ට කලාව හැමදාම එකම විදියට පැවතුනා බං . . . ඉස්සරහටත් ඒ විදියටම පවතී . . . හැබැයි දැං ඇවිල්ල තියෙන්නෙ වන්දිබට්ට කලාවෙ ක්ලයිමැක්ස් එකද මන්ද

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිබුනා.. නමුත් මේ තරම් නෑ.. මේක ක්ලයිමැක්ස් එකටත් එහා ගිහින්. ක්ලයිමැක්ස් එකේ එන ඒවා නාගෙන ඉන්නේ දැන්...

      Delete
    2. ක්ලයිමැක්ස් එක කියන්නෙ මොකක්දෝ?

      Delete
    3. සුරාන්තය, දැන් සුරාන්තය කියන්නේ මොකද්ද කියල නං අහන්න එපා.

      'කලයිමැක්ස්' = උච්චම අවස්ථාව

      Delete
  9. නෙළුම් පොකුණ හදන කාලේ දවසක් මම ඒ ලගින් ගියා.. ඒකත් මම ආපහු එන්න කොළඹ ගිහින් ටිකට් එක කම්ෆර්ම් කරලා එද්දි.. ඈත් තියා බලද්දි නම් ලස්සනට ගොඩ නැගෙනවා දැකලා සතුටු හිතුනා.. ඇත්තටම මේ කිවුවා වගේ සංතෑසියක් ඒකට වෙයිද?

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් වෙන්නේ නෑ.. ජැකා කිව්වා වගේ අළුත් පරපුරක් බිහි වෙනවා.. "නෙළුම් පොකුණ යුගය".. ඒ තමයි ළෝකේ හැටි..

      Delete
  10. Replies
    1. මොකක්ද...? නෙළුම් පොකුණද...? ඇත්ත..... සහතික ඇත්ත....

      Delete
    2. ලියමන එළ...
      ඒත් ඉතින් ජැකා බොකා වෙලා කියල ඔක්කොටම තේරිලා ඉවරයි,
      (මං කීවෙ දන්න අයට)
      ඒ නිසා නිකං මෙව්ව ගැන කතා කරල වැඩක් නෑ මාමෙ,
      ජැකාලා කොහොම හරි දීලා හරි උඩ යයි...
      අපි??? (=සාමාන්‍යය් බුවාලා???)

      Delete
  11. ජැකා ගැන නම් කථා කරන්න දුකයි. ජයන්ත චන්ද්‍රසිරි අයියෝ ඇඩෙනවා. අනිත් උන්නම් දෙකේ කොලේ. අත්, මරාසාද, හෙන, මකරාක්ෂයා, උතුරේ රාහුල, මතකද මේ රැල්ල, නෙළුම් පොකුණට මේවා ගෙන්න පුළුවන් වෙන්නේ කවද්ද? පොඩ්ඩක් හෝව්,............ගෙනාවත් රඟපාන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. ඒවටනේ නාට්ටි කියන්නේ.. රඟපාන්න වෙන්නේ වෙද මහත්තයටයි, මටයි තමයි..

      Delete
    2. මේ තියෙන්නෙ නියම කමෙන්ට් එකකුයි ඒකට එළකිරි රිප්ලයි එකකුයි

      Delete
  12. කලාව දේශපාලනය දැන් නම් මහ කළකිරෙන තත්වෙටම පත්වෙලා.

    ReplyDelete
    Replies
    1. ඩබ්ලිව්. ජයසිරි කියනවා වගේ දැන් කළාකාරයෝ නෑ.. ඉන්නේ කළා කම්කරුවෝ..

      Delete
    2. ඒ ජයසිරිත් එහෙමම සිරියෙක් නෙව...

      Delete
  13. අයිය කිව්ව වගේ සුපිරි පන්තිය හැමදාම රන් එක දෙනවනෙ.. උන් ඒක දිගටම ගෙනියයි තමයි ආණ්ඩු තිබුනත් පෙරලුනත්... ඕක පටන් ගත්ත දවසෙ ජැකා ඇවිදපු දුරේ හැටියට ඕකට සාමාන්‍ය කලා කරුවො එක්ක තව යන්න දුර ඉතුරුවුනා නම් තමයි පුදුමෙ... ;)

    පෙන්නනව නම් තියෙනව එලම නාට්ටියකට පිටපතක්... මාතලන් අයියලට එහෙම බැරියෑ රඟපාන්න... පිටපත බලන්න ඕන නම් දුමී අයිය කුණ්ඩලිනී ‍ලබාගෙන අනාගතේට ගිය කතාව බලපන්කො... අන්න පෙන්නනවනම් නාට්‍ටි..

    ReplyDelete
    Replies
    1. උඹ දාපු කොමෙන්ට් එක මතක් උනා..

      ජැකා එදා....
      ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා.. ගමන්කොලා..

      අර වගේ වැදගත් දෙයක් දාන කොට ලින්ක් එකක් දැම්මනම් ඉවරනේ.. දැන් හොයපන්කෝඅ ඉතින්

      Delete
    2. සොරි වෙන්න ඕන.. ඔන්න පාට් 1& 2 දෙකම...
      http://dhumee.blogspot.com/2011/12/blog-post_25.html

      dhumee.blogspot.com/2012/01/blog-post.html

      Delete
  14. අපිට නං ඕවයෙ ෂෝ බලන්න වෙන්නෙ නෑ. ජැකා ගැන කියපු ටිකනං හරියට හරි. කීකරු බලුකුක්කා.

    ReplyDelete
    Replies
    1. දුර නිසාද. නැත්නම්....?

      Delete
  15. නෙලුම් පොකුනේ තියෙන සංගීත සංදර්ශන වල නම් ටිකට් ඉක්මනටම විකිනෙනවලු.

    චිත්‍රපට කර්මාන්තය ගත්තම තියෙන චෝදනාවක් තමා ෆිල්ම් හෝල් සවුත්තු එක. එම් සී එක ඇවිල්ලා ටිකට ගනම්ම ෆිල්ම් හොල් එකක් දැන් එතන හෝල් 4ක් වෙලා අනික ටිකට් තිබ්බටත් වඩා ගනන් ඒත් මන් හිතන්නේ සෙනග ඉන්නව. කාලෙකින් ගියේ නැති නිසා දන්නේ නැහැ. ඒත් ඊට වඩා ගොඩක් ලාබ ටිකට් තියෙන ලඟ අහල පහ ෆිල්ම් හෝල් වල ඉන්නේ කපල්ස් විතරයි.

    නාට්‍ය ගත්තත් ලංකාවේ තියෙන හෝල් ගොඩක් හොඳ තත්වයේ නැහැ. එහෙව් එකේ කවුරු හරි කෙනෙක් ලොකු වියදමක් කරලා නාට්‍යක් කලොත් නෙළුම් පොකුනේ ඒක බලනන් එන්න වෙනමම ප්‍රේක්ෂක කොට්ටාෂයක් සමහර විටඉන්න පුළුවන්. ඒත් වැඩේ තියෙන්නේ එච්චර වියදමක් කරලා නාට්‍යක් කරන්න කෙනෙක් නැති එක.

    පෙට්ටි කඩවලත් කෑම විකිනෙනන්වා, නිකන් හෝටල් වලත් කෑම විකිනෙනනවා, පෙරෙරා අන්ඩ් සන්ස් , කැරවෑන් , ෆැබ් වලත් කෑම මිනිස්සු කනවා, ලොකු හෝටල් වල තියෙන පේස්ට්‍රි ශොප් වලිනුත් කෑම කනවා කට්ටිය.

    වීදි නාට්‍ය, පොඩි පොඩි හෝල් , එල්ෆින්ස්ටන් නෙළුම්පොකුන ඔය කොයි තැනටත් ඇදෙන්න කට්ටිය ඉඳීවි

    ReplyDelete
    Replies
    1. ලෙසටම අකුරු කර ඇත..

      Delete
    2. පෝස්ටුවටම හරියන කොමෙන්ටුව...

      Delete
  16. එළ කතාව... මීඩියා වලින් පුම්බනචරිත... දන්න එකා දන්නවා... එකාගෙත් නිශ්ශංකමල්ල චරිතෙ විතරයි.. 7-8ක් පෙන්නන්න හැදුවට..

    ReplyDelete
    Replies
    1. හැබයි ඕකා පට්ට නළුවා.. දැන් නම් ඔක්කොම එක වගේ තමයි

      Delete
  17. පට්ට කතාව සහෝ.. ලයනල් එකට වෙච්චි දේම මේකටත් වෙයි... ලංකාවේ හැටි නෙව

    ReplyDelete
    Replies
    1. අනිවා.. කළබල වෙන්න නාකයි

      Delete
  18. හැම දේම දේශපාලනී කරනය වෙලා නෙව

    ReplyDelete
  19. අතීතයේ සිටම සම්භාව්‍ය කලාව රැකුණේ රාජ්‍ය අනුග්‍රහයෙන් නේද?
    ඒ කියන්නේ උනුත් වන්දිබට්ටයෝ!
    පෙරහර පවා කලේ රාජකාරියට නේ!

    ReplyDelete
    Replies
    1. කොහොමත් කළාව කියන දේ මුලින් ඇති උනේ රජවරුන් පිනවීමටම නේ..

      Delete
  20. දැන් කලාව නැහැ නොවැ, කලාවට කඩේ යෑම තියෙන්නේ.

    මාතලන්ගේ නිර්මාණ මධ්‍යස්ථ දේශපාලනයක් බොල.. සුපිරි !

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මධ්‍යම ප්‍රතිපදා සරණං ගඡ්ඡාමී ලානේ..

      Delete
  21. අනේ ඔයින් එකක් මෙන්න මෙහාටත් දුන්නනං... හැම දාම නැතත් මාස තුනකට සැරයක්වත් ගෙහුං බලන්ට...

    ReplyDelete
    Replies
    1. බැසිල් මහත්තයට කිව්වනම් වැඩේ හරී. උඹලා කරුගේ ගේත් කුඩු කලානේ..

      Delete
  22. මිනිහා අධි වේගය හදපු දවසේ කැහැපු කැහිල්ල දැකලා මිනිහා ගැන මගේ හිතේ තිබුන අන්තිම කැමැත්ත/ගෞරවයත් නැති උනා!

    ReplyDelete
    Replies
    1. ඌ කිව්වේ නැතෑ රජ කාළේත් හයි වේ තිබුනයි කියලා.. සුද්දා ගල විද්දේ නැත්නම් තාමත් කඩුගන්නාව බඩගානවා..

      Delete
  23. නෙළුම් පොකුණෙ නාට්‍යක් කරන්න පුළුවන් හෝල් එක ගන්නයි අමාරු.ඊ ළගට මිනිස්සුන්ට පුළුවන්ද හෝල් එකේ වියදම පියවන ගාණක ටිකට් එකක් ගන්න.ඕක කට්ටියකට චූන් වෙන්න හදපු එකක්

    ReplyDelete
  24. මටත් පළිඟු මැණිකේ අමතක කරන්න බෑ රූපවාහිනියේ ඉස් ඉස්සෙල්ලම බලපු කතා වලින් එකක් නෙව. ඊටත් වඩා ඒ කාලේ ජැකාල ශ්‍රියන්තලා අපිට වීරයෝනේ.

    නෙළුම් පොකුන මම හිතන්න බද්දටම ලියාගත්ත සංගීතකාරයෝ හා නාට්‍යකාරයෝ ඉන්නවා.
    අහෝ ඛේදයකි ඉරකි තිතකි තමයි දැන් අපේ කලාවට.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න