.

.

Aug 2, 2011

හත් පොලේ ගාගෙන නා පිරිසිඳු වීම - Clean up after a mess


ක: ලි:
මේ මොකක්ද යකෝ මේ.. මේ තමයි කලින් ලිවීම. මොකෝ මේ පොස්ට් එක ලියල දවස් දෙක තුනක් වෙනව. මම ලිපියෙන් යෝජනා කරපු කාරනාව ඒක දාන්නත් ඉස්සෙල්ල ඉටු උනා. ඒ ගැන සන්තෝෂයක් වගේම දුකකුත් තියෙනව. සතුට තමයි තමන්ගේ රාජකාරිය හරියට කරන ගෝඨාභය මහත්තය අනුන්ගේ වැඩේ තමන් බාර අරගෙන චැන්ල් ෆෝ වීඩීයෝවට පිළිතුරක් සැපයීම, (පොඩ්ඩක් මල පැනල හිටියේ, අර කූල් ගතිය තිබුනනම් ළකුණු 100 ම දෙන්න තිබුන.) දුක තමයි ඒක ළෝක ප්‍රජාවට ගෙනයන්න ජී ඇල් මහත්තයට දීපූ එක. ඔච්චර තමයි ආයෙත් නෝ කතා නෝ සිනා.

එහෙම නෙමෙයි වෙන්න ඕන. ඕක ප්‍රචාරය කරණ වැඩෙත් ගෝඨාභය කරන්න ඕන. නැත්නම් ඉතින් වැඩේ වෙන්නෙ නෑ. මේ සඳහා ඉන්න දක්ෂම කෙනා තමයි දයාන් ජයතිලක. මගේ නම් අදහස ජාතික ලැයිස්තුවෙන් හරි ගෙනල්ල විදේශ ඇමති දූරයේ පිහිටෙව්වත් පාඩුවක් නොවන බවයි. විදේශ ඇමති දක්ෂයෙක් වගේම ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න ඕන. හොඳම උදාහරනය තමයි, පකිස්ථානයේ නව විදේශ ඇමතිනිය, ඇමරිකාව, ප්‍රංශය තවත් උදාහරණ.

මෙතන ඉඳල තියෙන්නෙ කලින් ලියපු ළිපිය.....

අනෙක් සියළුම කාරණා මෙන්ම, විදේශ සේවය මෙන්ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම ඉතා පහත් අඩියක පවති. මෙයට ප්‍රධාන හේතුව විදේශ සේවය සඳහා පුහුණු විශේෂඥ්ඥයන් පත් නොකොට දේශපාලන හෙන්චයියන් පත් කිරීමයි. අනෙක් කාරණය නම් එහෙට මෙහට පනින ප්‍රතිරූපයක් නැති උගත් බව පමණක් ඇත්තෙකුට විදේශ ඇමති දූරය පිරිනැමීමයි. මුදල් කාබාසීනීයා කිරිම නිසා ජනතාවගෙන් මෙන්ම ලොක්කාගෙන්ද කැපි ගෙදර යාමට සිඳුවූ බෝගොල්ලාගමගෙන් මීට වඩා සේවයක් සිඳුවූ බව, අප අකමැත්තෙන් වුවද පිලි ගත යුතුය. මගේ විශ්වාශය නම් ඔහු තව දුරටත් විදේශ ඇමති ලෙස සිටියේ නම් චැනල් ෆෝ සිද්දිය මෙතරම් දුර දිග නොයන බවයි. මන්ද.. යුධ සමයේ පැමිණි අභියෝගවලට ඔහු සාර්ථකව මුහුණ දුන් නිසාය. (හොඳ දේ වල මිළ වැඩිය..)

යුද්ධයෙන් පසු අපට හිතවත් රටවල් වල සහයෝගය ලබාගෙන රට ආර්ථික වශයෙන් ගොඩගන්නවා වෙනුවට, විදේශ රටවල් සමග යුධ ප්‍රකාෂ කොට ඔවුන් අමනාප කර ගත්තේය. ඉන් පාඩූව සිඳු වූයේ අපට මිස ඔවුන්ට නොවේ. මෙහි හොඳම විහිළුව වන්නේ යුධ ප්‍රකාෂ කළ සියළුම අයගේ දූ දරුවන්, ඥාතීන් වෙසෙන්නේ මේ කුමන්ත්‍රණකාරී රාජ්‍යයන් තුල වීමයි. (මට්ට ජනතාව මේවා දන්නෙ නැත.)

මේ අතරෙ චැනල් ෆෝ නාලීකාව යුධ සමයේ හමුදාව සිඳුකළ ක්‍රියා ලෙස නම් කරමින් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළේය. දේශප්‍රේමී ළිං මැඩියන් ටික මහ සද්දෙට බක බක ගෑම ආරම්බ කළේය. ආන්ඩුව කළේද හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ කාර්යයයි. ප්‍රවෘත්තිය නිෂ්පාදනය කළ අයගේ අම්මාවරුන් මතක් කර කර කාළය ගත කළා මිස ඒ ගැන නිසි පිළිතුරු සැපයිමක් සිඳු නොවීය. අපිට මෙන්ම සති දෙකකින් චැනල් ෆෝ වලටද එය අමතක වේ යයි සිතා සද්ද වසා ගෙන සිටියේය.

මේ අතරේ ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කළ රූප රාමූවලට අටුවා ටීකා ටිප්පනී සියල්ල එකතු කොට කිලින්ග් ෆීල්ඩ් නමින් දීර්ඝ වාර්ථා චිත්‍රපටයක් චැනල් ෆෝ තුලින්ම ඉදිරිපත් කළේය. දරුස්මානගේ වාර්ථාවට රුසියාව ඉන්දියාව හා චීනය අප බලාපොරොත්තු වූ ප්‍රතික්‍රියා නොදක්වා අපට අවවාද කළ බැවින්, හඳට බුරන බල්ලෝ මේ වර කටවල් වසාගෙන නැට්ට පුකේ ගසාගෙන සිටියේය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පාලිත කොහොනද.. අනුමත කළ නොහැකි වූවද ශවේන්ද්‍ර සිල්වාද එයට ප්‍රතික්‍රියා දැක්වීය. නමුත් මෙතරම් දෙයක් වීත් ආන්ඩුව එයට නිසි ලෙස පිළිතුරක් සැපවූයේ නැත.

ඒ අතරේ හමුදාවේ යැයි කියාගන්නා සෙවනැලි දෙකක් යොදාගෙන තම චිත්‍රපටය සත්‍ය බව ප්‍රකාෂ කිරීම සඳහා තවත් වාර්ථා චිත්‍රපටයක් ඉදිරිපත් කළේය. ඒ වර නම් සියල්ලන්ම රත්විය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බ්‍රිතාන්‍යයෙන් නාලිකාවට විරුද්ධව කටයුතු කරණ මෙන් ඉල්ලා සිටියේය. නමුත් ඔවුන් පවසනුයේ ඔවුනට ඒ සඳහා කිසිවක් කළ නොහැකි බවයි. මේ අතරේ එම නාලිකාවට අප රටට පැමිණෙන ලෙස ආරාධනා කල බව දැනගත හැකි ව්ය.

ඉතාමත් සතුටට කාරණයකි. මුලින්ම විය යුතුව තිබුනේ මෙයයි. එවිට ඔවුන්ටම තමිල් සෙල්වම්ගේ බිරිඳ හමුවී ප්‍රකාශයක් ලබා ගත හැක. උතුරේ සංවර්ධනය ගැන දැක බලාගත හැක. මූන් පවා අගය කළ කඳවුරු බලාගත හැක, පුනරුත්තාපනය කරන්නාවූ කොටි සාමජිකයින් හමුවිය හැක. අප වෙත එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ, මිලේඡ්ච සමූහ ගාතන පිළිබඳ, ඝාතනය කළ නායකයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ හැක. යුද්ධයක් කිසි ලෙසකින්වත් අහිංසක නැත. විශේෂයෙන් සිවිල් වෙසින් ඉන්නා ගරිල්ලා ත්‍රස්තවාදීන් සමග කරන්නා වූ යුද්ධයක් කිසිසේත්ම අහිංසක වන්නේ නැත. එය මුලු ළෝකයම දන්නා වූ කාරණයකි. කෙසේ වෙතත් මෙවන් දේ සිඳුවූයේ නම් ඔවුනට විරුද්දව අනිවාර්යයෙන් කට යුතු කළ යුතුමය. නැතිනම් සිඳුවන්නේ සියලූම සිංහලයන් හා ශ්‍රී ළංකා හමුදාව වනචාරී මිලේඡ්චයන් පිරිසක් ලෙස ළොව ප්‍රසිද්දියට පත් වීමයි.

බයිල ගහන ක්ලින්ටන් නෝනගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයයි, තමන්ගේ ඇස් ඉදිරිපිට යටත් උන ඔසාමාට වෙඩි තියන්න අණ කළ ඔහේට මොකක්ද තියෙන අයිතිය කොටි නායකයෝ මරපු එක අහන්න... (යටත් උනයින් පසුව හරි...)

18 comments:

  1. අදහස් සියල්ලටම එකඟයි. ජී. ඇල්. කියන්නේ වාතම පොරක්. මතකනේ අපේ කාලේ වී සී වෙලා නටපු නාඩගම. අන්තිමට නටපු තොයිලෙකුත් නැහැ..... මේ යෝදයා. අනේ මන්ද.......

    ReplyDelete
  2. හික් හික් . . . ෆට්ට ඇත්ත . . . . ජී. එල්. කියනවට වඩා හොඳයි මිනිහට ජී. ඇල්. කීව නං . . . මෙලෝ රහක් නෑ . . . .
    රටක ප්‍රතිරූපය අන්තර්ජාතිකයට ඉදිරිපත් කිරීමේදී හෙනම ක්‍රිටිකල් වන මේ ඇමති ධූරය මිලෙන් අධික උනත් බෝගොල්ලාගම උන්නැහේට ගැලපෙනව දැං ඉන්න "සාරි පොටට" වඩා . . . උගත් කමත් තියෙන්න ඕනෙ තමා . . . ඒත් ඒ උගත්කමත් එක්ක පෞරුෂය තියෙන්න ඕනෙ "හරි හරියට".

    ReplyDelete
  3. @ වෙද ගෙදර මහ වෙදන
    පඹයෝ උනත් මීට වඩා හොඳ එකෙක් හොයාගන්න බැරිද...

    ReplyDelete
  4. @ ඕනය
    කැළණියේ දොස්තර මහත්තය හොඳා මීට වැඩියේ.. බලන්ට එපෑ ලස්සන සන් ග්ලාස් දාලා කලසම නාන්න යන ගමන් වගේ ඇඳලා ආවම දුමින්ද සිල්වල කැලේ....

    ReplyDelete
  5. බොහොම හොඳ ලිපියක් මාතලන්. ඔය ප්‍රශ්න ටික මටත් තිබුනා. විදේශ සේවය ගැනනං කියලා වැඩක් නෑ. තානාපතිලා ගැනත් ලිපියක් ලිව්වනං හොඳයි නේද?

    ReplyDelete
  6. @ blog gadol
    ලියන්න කියන්න දෙයක් නෑ මහත්තයෝ.. මෙළෝ රහක් නැති උන් ඉන්නේ.. ඕන රටක ඉන්න එකෙක්ගෙන් අහල බලන්න.. අත්දැකීමෙන් කියන්නේ.. හම්බ කරන්න ගිය උනුයි, රේප් කාරයොයි, කාළකන්නියි ඉන්නේ.. ඒකනේ මෙහෙම වෙලා තියෙන්නෙ.. ඊට හපන් ළොක්කට උපදෙස් දෙන්න ඉන්න උන්.. ලන්ඩන් ගිහිල්ල නාගෙන ආවේ.. හිටපු හොඳම එකෙක් පන්නල දැම්ම.. මේ ගැන නම් ළොක්ක මීට වැඩියේ හොයන්න ඕන. මෑතකදි මෙච්චර උදව් කරණ මෙකේ චීන තානාපතිට එකෙක් කැත විදියට බැනල.. පිස්සුද .. හැටිද...

    ReplyDelete
  7. මටත් ජී ඇලා දිරවන්නෙ නෑ.. ඇත්ත නේන්නම් මාතලන් කියල තියෙන්නෙ...

    ReplyDelete
  8. C4 Vs GL මරු බං... ආයෙමත් ආතල් එකක් ගන්න පුළුවන්

    ReplyDelete
  9. @ පොඩි මෑන්
    කාටද බන් දිරවන්නේ....?

    ReplyDelete
  10. @ prasanna86k
    එක සැරයක් බොරු කියල නා ගත්ත මත්කෙයි....

    ReplyDelete
  11. මාධ්‍ය වේදියෝ ඉස්සර කරගෙන යුද්ධ කලවිට ඔවැනි බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ.හමුදා සෙබළුන්ට කැමරා සහිත ජංගම දුරකථන යුධ බිම වෙත රැගෙන යාම තහනම් කලානම් බොහෝ ගැටළු වලින් මිදීමට ඉඩ තිබුණි.බින් ලාඩන් ගාතනය දැන් ලෝකයට අමතකව යන්නට එක හේතුවක් වී ඇත්තේ එහි චායාරුප නොමැති වීම බව මගේ අදහස වේ

    ReplyDelete
  12. @ ඇනෝ...
    ඔබ හරි මේව ගිහින් තියෙන්නෙ අපෙම අයගෙන්, රූපවාහිනි වාර්ථාකරු සැක කරනව මේ වැඩේට. ඔක්කොම ටේප් නැතිවුනා මතකද...? ඒ දවස්වල පරීක්ෂන පවත්වල දඩුවම් නොදී සම්මාන දීලා වීරයෝ කරල අද කනව පරිප්පු...

    ReplyDelete
  13. මෙන්න වැඩකාරයො දාල තීන්නෙ තානාපතිකං වලට!

    http://www.gossiplankanews.com/2011/08/foreign-service-donkey-story-part-2.html#more

    ReplyDelete
  14. @ ඉන්දික උපශාන්ත
    ඕන් වැඩ.. ඉතින් කොහෙමෙයි කොරන්නෙ.. අනික තානාපති කරල දාන්නේ මේ ඉන්න වැඩ බැරි ටාසන්ල සෙට් එකත් එක්ක ඡන්දෙ ඉල්ලල පැරදිච්ච උන්. සැටලයිට් නෝන මේක පටන් ගත්තේ ලොක්ක කොන්ටිනියු කොරනව.. දැන්වත් ජිතල බැරුවොත් හොඳයි...

    ReplyDelete
  15. ඔබත් සමග එකගයි මාතලන්.මට ආයෙත් මතක්වෙන්නේ ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා.

    ReplyDelete
  16. හිටපු හොදම විදේශ ඇමති කදිරගාමර් මහාතා , ඊට පස්සේ හිටපු අය අඩු වැඩි වශයෙන් වැඩ කරන්න ගිහින් නාගත්තා

    ReplyDelete
  17. @ ජය ශ්‍රී
    ඒක සැබැයි.. ඒත් ඉතින් දැන් එහෙම අය නෑ නොවැ.. මර්වින් සිල්වා හිඳ නැද්ද...?

    ReplyDelete
  18. @ ChammA
    ඒක හරි.. අනාගත්ත නේන්නම්. දැන් ඉන්න පොෆෙසෝටී පච කෙලල හත් පොලේ ගාගෙන ඉන්නේ.. හැබඇයි හොඳ සිල්ක් ටයි කලෙක්ෂන් එකක් නම් තියෙනව පොර ගාව....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න