.

.

Jun 14, 2010

සීපා ට බය සි(ව්)පා - Debts Disaster

මෙම ලිපිය ලිවීමට ප්‍රධාන වූ හේතුව හිත යට කකියමින්  තිබුනද, කල්‍යාණ මිත්‍රයකුගේ සමු ගැනීම නිසා කාළය පිළිබඳව ගැටළුවක් ඇතිවිය. එනම් මහතීර් මොහොමඩ් පැවසු දෙය විකෘතී කරමින් රජයේ සියලූම මාධ්‍යයන් එම ප්‍රවෘත්තිය පළ කිරීමයි. එසේ පවසනවා හැර, රජයට මේ අවස්ථාවේ කළ හැකි වෙන යමක් නැත. අද W3Lanka මෙම කරුණ සාකඡ්චාවට බඳුන් කර ඇත.

මෙසේ ඇස් පනා පිට කෙප්ප කෙළීමට රජයට සිඳුවී ඇත්තේ ඇයි.? ප්‍රධාන හෙතුවනම්, ආර්ථිකය දියුණු කිරීමේ යහපත් චේතනාවක් තිබුනද, එය කළ යුත්තේ කෙසේද?, කවදා කවර ආකාරයකින්ද?, යන කාළ සටහනක්, ප්‍රතිපත්ති මාලාවක් සහ සුදුසු පුද්ගලයින් ඒ සඳහා නොතිබීමයි.

අනෙක් කරුණ නම්, මොනතරම් චන්ඩියෙකුයයි සිතා සිටියද, තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදා ගැනීමට තිබුනද, එය ඉවතලා නැවතත් ආඬී හත් දෙනාගේ කැඳ හැලියක් සාදා ගැනීමයි. රට දියුණු කිරීමට නම්, තීරණ ගැනීමේදී එක එක හාල්පාරුවන්ගේ උඩු බිරිම්වලට බය වන්නේ නම්, කවමදාවත් එය කළ නොහැකි වන්නේය. මහතීර් මොහොමඩ්, ලී කුවාන් යූ එම රටවල් ගොඩ ගත් ආකාරය ආදර්ශයට ගැනීම ඊට වඩා වටින්න්නේය.

මහතීර් මොහොමඩ් පැවසූයේ රටක් දියුණූ වීමට නම්. ණය සහ ආධාර මතම පිහිටා කටයුතු කළ නොහැකි බවත්. (නමුත් කරුමය නම් සහනාධාර මත යැපීමට වලිකන හරකුන්ගේ පාළකයන් පිරිසද, එම අදහස්වලින්ම සපිරි, සුපිරි හරකුන් පිරිසක් වීමයි.) වහාම විදේශ ආයෝජනයන් කෙරෙහි යොමු විය යුතු බවත්ය. දැන් අප විදේශ ණය වල කර වටක්ම එරී ඇත. ණයක් ගැනීමට යාමේදී විඳින්නට සිඳූවූ අපහසුතා පසු ගිය කාළයේ මැනවින් දැන ගත හැකි විය.

යුරෝපයේ හෝ ඇමරිකාවේ ආයෝජකයින් අප රට තුල ආයෝජනය කිරිමට දැන්ම පැමිණෙන්නේ නැත. ගෙන්වා ගත යුත්තේ, අපට හිතවත්, මෙරට ආයෝජනයට කැමැත්තෙන් සිටින ඉන්දියනූවන්ය. නමුත් ඒ සඳහා විරුද්ධව ඉදිරියට එන්නේ JVP කාරයන්ය (පචායුධද ඇතුලත්) මොවුන්ට කළකදී ඉන්දියාව තරම් තවත් රටක් නැත. තවත් කළෙක ඉන්දියාවට අභියෝග කරණා කැනහිලුන්ය.

දැන් ඔවුන් කළුද සුදුද කියාවත් නොදන්නා සීපා වලට එරෙහිව, සුනාමියක් එනවෝ යයි මර හඬ තලති. කවදත් ජනතාව හිඟන්නන් සේ තබාගැනීම තම එකම අරමුණ කර ගත්, වාමාංශිකයෝද තප්පු ලෑමට පටන් ගෙන ඇත. මන්ද රටක් දියුණු වූ විට මාක්ස්ටත් එපාවූ මාක්ස්වාතය, සමාජවාතය ගැන තැන තැන දේශනා කිරීම සඳහා දහ දෙනෙකුවත් සොයාගැනීමට නොහැකි වන බැවිනි.

සීපා ගිවිසුමට අනුව ඉන්දියාවට 20 ක් ලැබෙන විට අපට 80 ක් ලැබේ. තවත් මොනවාද?. කවදත් ගල් ආඳන් වන ඉන්දියානූ කාරයන්ගේ උගුල් වලට අසූ නොවී, අපට වැඩි වාසී අත්වන ලෙසින් ගිවිසුම සකසා ගැනීම කළ යුත්තෙ අපයි. රජය කළ යුත්තෙ නයා තව දුරටත් රෙද්ද අස්සෙ හංගා ගෙන නොසිට එළියට විසි කිරීමයි. එවිට විෂ ගෝර සර්පයකුනම් විෂ දළ කඩා අපට උවමනා ආකරයෙන් මෙල්ල කොට. අපේ නළා හඬට නටනා ලෙස හදා වඩා ගත හැක. 

රජතුමා කළ යුත්තේ, කාළකන්නි හාල්පාරුවන්ට සහ ළිං මැඩි ව්‍යපාරකයින් ට බිය නොවී (දැනටමත් ඉන්දියාවේ සාර්ථක වී ඇති අපේ ව්‍යාපාරකයින් හා වෘත්තිකයින් සිටී.) යුද්ධයට ඒ සඳහා අවබෝධයක් ඇති අය පත් කොට, එය ජය ගත්තා සේ. විදේශකයින් හෝ උපදේශකයින් ලෙස පත් කොට, ජනතාවට යහපතක් වන ආකාරයෙන් මෙම අනගි අවස්ථාව යොදාගැනීමයි.



ප: ලි:
උතුරේ සංවර්ධනය සඳහා විශාල ආධාර ප්‍රමාණයක් ඉන්දියවෙන් ලංකාවට ලැබී ඇත. කරුණාකර පචායුධගෙන් හා මහාචාර්ය ගුණදාස අමරසේකර ගෙන් උපදෙස් ගෙන මෙය හරවා යවන්නේ නම් හොඳය. මන්ද මෙ සීපා සඳහා දුන් ජරාවක් විය හැක.

6 comments:

  1. ඇයි නලීන් මහාචාර්යය තුමා. එතුමාගේ ජාතික චින්තනයට මොකද දන්නෑ වෙන්නේ.

    මාක්ස්වාදය ගැන කියලා තිබ්බ දේට නම් මම විරුද්ධයි. JVP එක ඉන්නේ මාක්ස්වාදයේ වලිගෙ පාගගෙන. මාක්ස්වාදය කියන්නේ මොකක්ද කියලවත් නොදැන. එහෙම නැත්නම් කාල් මාක්ස්ගේ මාක්ස්වාදී, සමාජවාදී මත ධනවාදය වගේ නෙවෙයි හැමදාටම වලංගුයි.

    කොමියුනිස්ට් හෝ මාක්ස්වාදයට තදින්ම විරුද්ධ ලී ක්වයං යූ පවා සිංගප්පූරුව ගොඩනැගීමේදී පාවිච්චි කරපු සමහර ක්‍රම සමාජවාදයේ එන ඒවා.

    ReplyDelete
  2. @ KAS
    සියලූම මතවාද, ආගම්, දර්ශන වල ගත යුතු යමක් ඇති බව මමද පිළිගනිමි. එහෙත් තේරුම් ගත නොහැක්කේ ගෙඩිය පිටින්ම බෙදන්න යාමයි. අද පවතින්නේ එදා ළෝකය නොවේ. අපේම වූ ක්‍රමයක් සොයාගත නොහැක්කේ ඇයි..? අප මන්ද බුද්ධික ජාතියක්ද..? යුද්ධය දිනාගත්තේ සම්ප්‍රදායි යුධ උපක්‍රමවලින් නොවේ....

    ReplyDelete
  3. මාතලන් අයියා ටැබූ සීපා ගැන ලියපු පෝස්ට් එක කියෙව්වාද ? ඔයාගේ කතාව එයා නියමෙට විග්‍රහ කරලා තිබ්බා :)

    ReplyDelete
  4. හිතන තරම් යකා කළු නැත... යකා එලවීමට නොව.. යකා මට්ටු කර ගත හොත් .. යකා බැද ගත්තා සේ වැඩ කර ගත හැක...

    ලිපිය අගෙයි ......

    ReplyDelete
  5. "ඕක දිග කතාවක් ගොයියො, කෙටියෙන් කියන්නම්.. අපෙ උන්ට මනුෂ්‍ය රුවක් හරියට අඳින්න, අඹන්න බැරි නිසා ඉන්දියන් කාරයෝන්ට කන්ට්‍රැක් දීලා තමයි කරගෙන තියෙන්නෙ. ඉතිං ඒවල සේවය කරපු කලා කාරයෝ ඔරොප්පුවට තමයි ඔය විදියට නෙළල තියෙන්නෙ. පොළොන්නරුවේ ගිය වෙළාවක තිවංක පිළිම ගෙයි බලහං නියම වැඩ දෙකක් කොරළ තියෙනව... කිව්වොත් අගයක් නෑ..."

    එහෙව් උන්ව නේද ගොය්යො ඔය සෝපාවෙ තියල වඩං එන්න හදන්නෙ!
    98 ගහපු එකේ අනුපාතය උන්ට 6874 ක් යවන්කොට අපිට 1208 ගේන්න්. ඒත් උන් ඩොලර් මිලියන 289ක බඩු ගන්නකොට අපි ඒ යටතෙ මිලියන 1916ක බඩු ගැනීමයි උනේ අන්තිමට. කොහොමද වැඩෙ! මොන විදියට සෝදල ගත්තත් ඔය එන එකෙනුත් ඉතින් ඊට වැඩි වෙනසක් වෙන්නෙ නෑ!

    ReplyDelete
  6. @ Hasitha
    අපෝයි කියෙව්ව... නියමෙටම ලියල තියෙන්නෙ.. ඔන්න ඒක රාවයෙත් තියෙනව...

    @ wath
    තැන්කූ ළොක්කා... ඔබතුමා හරි...

    @ උපසාන්ත..
    බයවෙන්න එපා කොලුවො.. අපි වගේ ඉඳහන්කෝ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න